2023 වසරේ මැයි 21 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාව​ට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අනුව එම කාල සීමාව තුළ දී මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 498,319 ක් දක්වා වර්ධනය වී ඇත. 2023 මුල් මාස 04 පුරාවටම මාසිකව ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මැයි මාසයේ 21 වන දින දක්වා පමණක් 57,142 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

මෙම කාල සීමාව තුළ පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් 15,052 ක් ඉන්දීය සංචාරකයින් වන අතර 5,318 ක සංචාරකයින් පිරිසක් ජර් මනියෙන් පැමිණ ඇත. මීට අමතරව රුසියාවෙන් 5,273 ක්, එක්සත් රාජධානියෙන් 3,812 ක්, ඕස්​ට්‍රේලියාවෙන් 3,039 ක් සහ චීනයෙන් 2,935 ක් ලෙසින් මැයි මාසයේ ගත වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක දැක්වේ.

Share.

Comments are closed.