ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමය (SLHPA) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේහි ආරම්භ කරනු ලැබුවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කැපවූ ප්‍රවීණයන්ගේ එකමුතුවක ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රධාන වශයෙන් සූපශාස්ත්‍ර වෘත්තිකයන් සමග ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර ක්ශේත්‍රයේ වෘත්තිකයන් හඳුනාගැනී​ම, දැනුම බෙදා ගැනීමටත්, එකිනෙකාට උපකාර කිරීමට සහ සහයෝගීතාවය ගොඩනැගීමටත්, ක්ශේත්‍රයේ වෘත්තිකයන්​ගේ ප්‍රයෝජනය සඳහා ශක්තිමත් ප්‍රජාවක් ලෙ​ස එක් එක් නාලිකාවක් හරහා එක් එක් පුද්ගලයා සතු විවිධ කුසලතා ප්‍රදර්ශනය කිරීමට පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ අදහසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමයේ ප්‍රථ​ම වාර්ෂික මහා සභා රැස්වීම 2023 මැයි 26 වැනි සිකුරාදා සවස 19:00 ට Novotel Deira City Center හෝටලයේ Tala Restaurnat හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමයේ මංගල වාර්ෂික මහා සභා රැස්වීමේදී සංගමය සඳහා එදින නව නිලධාරී මඩුල්ල තෝරා පත්කරගැනීමට නියමිතයි.

Share.

Comments are closed.