අබුඩාබිහි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි  විදුලි ස්කූටර භාවිතය පිළිබඳ නීති පැහැදිලි කොට තිබෙනවා.

වොට් 700 ක එන්ජිමක් සහිත විදුලි බයිසිකල්, බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ නොහැකි බව අබුඩාබි ප්‍රවාහන නියාමකයා පවසා තිබේ.

ආසන සහිත ස්කූටර ද ‘සැහැල්ලු වාහන’ ලෙස වර්ගීකරණය කර නොමැති බව මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) සිය සමාජ මාධ්‍ය වේදිකා හරහා නිකුත් කරන ලද පැහැදිලි කිරීමක එක් කොට තිබුණා.

‘සැහැල්ලු වාහන’ නිශ්චිත රියදුරු බලපත්‍රයක් නොමැතිව භාවිත කළ හැක. ඒ වෙනුවට, පරිශීලකයින්ට මෙම සැහැල්ලු වාහන – බයිසිකල්, ආසන නොමැති ස්කූටර සහ අඩු බලැති විදුලි බයිසිකල් – අභ්‍යන්තර මාර්ගවල සහ සුදුසු පුද්ගලික ආරක්ෂක ආම්පන්න පැළඳ සිටියදී භාවිතා කළ හැකිය.

වාහන පිරිවිතර

ITC විසින් අබුඩාබි මාර්ගවල නීත්‍යානුකූලව භාවිත කළ හැකි ස්කූටර් සහ බයිසිකල් සඳහා අවශ්‍යතා ද නියම කර ඇත:

  • වාහනයේ උස සෙන්ටිමීටර 165 නොඉක්මවිය යුතුය.
  • වාහනයේ බර කිලෝග්‍රෑම් 35ක් හෝ ඊට අඩු විය යුතුය.
  • වාහනයේ පළල සෙන්ටිමීටර 70ක් හෝ ඊට අඩු විය යුතුය.

සැහැල්ලු වාහන රෙගුලාසි

ITC විසින් සැහැල්ලු වාහන භාවිතය සම්බන්ධයෙන් පහත දැක්වෙන අනෙකුත් රෙගුලාසි මීට පෙර ප්‍රකාශයට පත් කොට තිබෙනවා:

  • රථවාහන ගමන් කර​න දිශාවට එරෙහිව බයිසිකල් සහ ස්කූටර් ධාවනය නොකරන්න.
  • උපරිම වේග සීමාවන් පැයට කිලෝමීටර් 60 ඉක්මවන මාර්ගයක බයිසිකලයක් හෝ ස්කූටරයක් පැදීමෙන් වළකින්න.
  • ඇවිදීමේ සහ ධාවන පථවල ඇතුළුව, ඇවිදීම සහ ධාවනය සඳහා නම් කර ඇති ප්‍රදේශවල බයිසිකලයක් හෝ ස්කූටරයක් ​නොපදින්න.
  • බයිසිකලයක් හෝ ස්කූටරයක් පදින විට කිසිවිටෙක වෙනත් ධාවන​ය වන වාහනයක් අල්ලාගෙන නොසිටින්න.
  • ස්කූටරයේ තවත් ධාවකයෙකු රැගෙන නොයන්න.
  • සෑම විටම ආරක්ෂිත හිස්වැස්මක් පළඳින්න, අඳුරු ප්‍රදේශවල ගමන් කරන විට පරාවර්තක ඇඳුම් පැළඳ ගන්න.

දඬුවම්

  • මෙම සැහැල්ලු වාහන භාවිත රෙගුලාසි උල්ලංඝනය කිරීම සඳහා ITC, ඩිරාම් 200 සහ ඩිරාම් 500 අතර දඩ මුදල් නියම කොට තිබෙනවා.
Share.

Comments are closed.