පසුගියදා අබුඩාබි හි පැවති IIFA 2023, 23 වැනි ජාත්‍යන්තර ඉන්දීය චිත්‍රපට ඇකඩමි සම්මාන උළෙලේදී ඉන්දීය බොලිවුඩ් සිනමාවේ හොඳම ශිල්පීන් සම්මානයට පාත්‍ර වූවා.

ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පීන් අතර සිටින සල්මන් ඛාන්, නෝරා ෆටේහි, ජැකලින් ෆර්නැන්ඩස්, රාකුල් ප්‍රීත් සිං, ක්‍රිටි සැනොන්, වරුන් ධවාන් සහ තවත් තරු රැසක​ගේ වේදිකා රංගනයන් සමඟ එය උද්යෝගිමත් රසිකයන් පිරිසක් ඉදිරියේ එලිදැක්වූ සම්මානණී​ය රාත්‍රියක් වූවා.

IIFA 2023 විශේෂ අවස්ථා

ආකර්ෂණීය සමාරම්භක උත්සවයෙන් පසුව ඉන්දීය සිනමාවේ සුවිශේෂී ජයග්‍රහණ ඇගයීම සඳහා සම්මාන පිරිනැමීම සිදු වුණා. සම්මානයට පාත්‍රවූ නිර්මාණ හා ශිල්පීන් පහත දැක්වෙනවා.

  • හොඳම චිත්‍රපටය: Drishyam 2
  • හොඳම අධ්‍යක්ෂණය: R Madhavan Rocketry: The Nambi Effect සඳහා
  • ප්‍රධාන චරිතයක හොඳම නිලි​ය: ගංගුබායි කතියවාඩි වෙනුවෙන් – ආලියා භාට්
  • ප්‍රධාන චරිතයක හොඳම නළුවා: Vikram Vedha සඳහා – රිතික් රෝෂන්
  • සහය භූමිකාවක හොඳම නිලි​ය: බ්‍රහ්මස්ත්‍රා සඳහා – මවුනි රෝයි( පළමු කොටස – ශිව)
  • සහය භූමිකාවක හොඳම නළුවා: ජග් ජග් ජීයෝ සඳහා – අනිල් කපූර්
  • සිනමාවේ විලාසිතා සඳහා විශිෂ්ට ජයග්‍රහණ: මනිෂ් මල්හෝත්‍රා
  • ඉන්දීය සිනමාවේ විශිෂ්ට ජයග්‍රහණ: කමල් හසන්
  • හොඳම අනුවර්තනය කරන ලද කතාව: අමිල් කීයන් ඛාන් සහ අභිෂේක් පථක් (Drishyam 2) සඳහා
  • හොඳම මුල් කතාව: Darlings සඳහා Perveez Sheikh සහ Jasmeet Reen
  • ප්‍රාදේශීය සිනමාවේ කැපී පෙනෙන ජයග්‍රහණ: මරාති චිත්‍රපටිය අධ්‍යක්ෂණය Riteish Deshmukh
  • හොඳම ප්‍රථම රංගන​ය (පිරිමි): Gangubai Kathiawadi වෙනුවෙන් Shantanu Maheshwari සහ Qala සඳහා Babil Khan
  • හොඳම ප්‍රථම රංගන​ය (කාන්තා): Dhoka Around the Corner වෙනුවෙන් Khushali Kumar
  • හොඳම පසුබිම් ගායිකාව : ශ්‍රේයා ඝෝෂාල් බ්‍රහ්මස්ත්‍රා පළමු කොටස – ශිවා හි රසියා ගීතය සඳහා
  • හොඳම පසුබිම් ගායකයා : අරිජිත් සිං බ්‍රහ්මස්ත්‍රා පළමු කොටස – ශිවා හි කේසරියා ගීතය සඳහා
  • හොඳම සංගීත අධ්‍යක්ෂණය: ප්‍රීතම් බ්‍රහ්මස්ත්‍රා පළමු කොටස – ශිවා සඳහා
  • හොඳම ගී පද රචනය: අමිතාබ් භට්ටාචාර් ය බ්‍රහ්මස්ත්‍රා පළමු කොටස – ශිවා හි කේසරියා ගීතය සඳහා
  • හොඳම කැමරාකරණය: Gangubai Kathiawadi
  • හොඳම තිර රචනය: Gangubai Kathiawadi
  • හොඳම දෙබස්: Gangubai Kathiawadi
  • මාතෘකාව සඳහා හොඳම නර් තන නිර් මාණය: Bhool Bhulaiyaa 2
  • හොඳම ශබ්ද නිර් මාණය: Bhool Bhulaiyaa 2
  • හොඳම සංස්කරණය: Drishyam 2
  • හොඳම විශේෂ ප්‍රයෝග (දෘශ්‍ය): බ්‍රහ්මස්ත්‍රා පළමු කොටස – ශිව
  • හොඳම පසුබිම් ගායනය: වික්‍රම් වේධා
  • හොඳම ශබ්ද මිශ්‍රණය: Monica O My Darling
Share.

Comments are closed.