Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Police»අබුඩාබි පොලිසිය අන්තර්ජාල වංචා වලට එරෙහිව වැසියන්ට අනතුරු අඟවයි
Police

අබුඩාබි පොලිසිය අන්තර්ජාල වංචා වලට එරෙහිව වැසියන්ට අනතුරු අඟවයි

Stanly KularathnaBy Stanly KularathnaJune 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ අන්තර්ජාල වංචා වාර්තා රැසකින් පසුව, බැංකු විස්තර මුරපද වැනි සංවේදී තොරතුරු සොරාගැනී​ම (phishing) සහ සයිබර් වංචාවලට එරෙහිව අවධානයෙන් සිටින ලෙස අබුඩාබි පොලිසිය නැවත වරක් නිවැසියන්ට අනතුරු අඟවා තිබේ.

මෑත සිදුවීම් බොහොමයක් අතර කෙටි පණිවුඩ හරහා යවන ලද phishing සබැඳි (link) ඇතුළත් වේ. මෙහිදී සේවා වෙත ප්‍රවේශය ලබාගැන්මට සංවේදී තොරතුරැ ඉල්ලා සිටී, නැතහොත් ප්‍රතිචාර දක්වන්නන් සඳහා ත්‍යාග පොරොන්දු වෙති.

රහස්‍ය මූල්‍ය සහ පුද්ගල තොරතුරු ලබා ගැනීම සඳහා සයිබර් අපරාධකරුවන් විසින් මෙම ක්‍රම භාවිතා කරන අතර පසුව එම තොරතුරු මුදල් සොරකම් කිරීමට භාවිතා කරන බව පොලිසිය පවසයි.

සමාජ මාධ්‍ය දැනුවත් කිරීමක දක්වා තිබු​ණේ, කාඩ්පත් සහ බැංකු ගිණුම් අංක, අන්තර්ජාල බැංකු මුරපද, ස්වයංක්‍රීය ටෙලර් අංක, පුද්ගලික හැඳුනුම්පත් අංක, කාඩ්පත් ආරක්‍ෂක අංක සහ එක් වරක් භාවිතා කළ හැකි මුරපද ඇතුළුව ඕනෑම ආකාරයක සංවේදී තොරතුරු බෙදා නොගැනීමට බලධාරීන් අනතුරු අඟවා ඇත.

මෑත වංචා උත්සාහය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක් වැසියෙක් පැවසුවේ මේ සතියේ තමාට පොලිසියෙන් යැයි සඳහන් ක​ල වංචා සහග​ත ඇමතුමක් ලැබුණු බවයි. “මම මගේ ගිණුමට ඔන්ලයින් මුදල් හුවමාරුවක් බලාපොරොත්තු වුණා. ඉතින් මට කෝල් එකක් අව​හම මට හිතුනා ඒක ඇත්ත කියලා. ඇමතුම්කරු පැවසුවේ මුදල් මාරු කරනු ලබන්නේ සැක සහිත මූලාශ්‍රයකින් බවත්, මගේ ගිණුම සලකුණු කර අවහිර කරන බවත්ය” දිගුකාලීන ආසියානු පදිංචිකරු පැවසීය.

එවිට ඇමතුම දුන් පුද්ගලයා මගෙන් විමසුවේ ​මගේ ගිණුමේ කොපමණ මුදලක් තිබේද යන්නයි. “මෙය මට සැකයක් ගෙන දුන්නා, ඔහු ඇත්තටම පොලිසියෙන් කතා කරන්නේ නම්, ඔහුට මෙම තොරතුරු ඔහු ළඟ තිබිය යුතු බැව්, මම සිතුවෙමි. ඒ නිසා මම ඔහු හා සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර දුරකථනය විසන්ධි කළා,” නිවැසියා පැවසීය.

අවදියෙන් සිටින්න

අබුඩාබි පොලිසිය පවසා ඇත්තේ ඇතැම් අපරාධකරුවන්ට කෙටි පණිවිඩයක් විවෘත කිරීම මගින් බැංකු ගිණුම් වෙත ප්‍රවේශ විය හැකි බවයි.

එවැනි උත්සාහයන් හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

වංචා වාර්තා කරන්නේ කෙසේද

මෙම වංචනික ක්‍රමවලට මුහුණ දීමට සහ සමාජය ආරක්ෂා කිරීමට දරන ප්‍රයත්නයන් වැඩි දියුණු කිරීමට ප්‍රජාවට සහ පොලිසියට උදවු කරන්න. අබුඩාබි පොලිසියේ අමාන් සේවාව ඇමතීමෙන් නිවැසියන්ට වංචා වාර්තා කළ හැක:

අමතන්න: 8002626

කෙටි පණිවිඩය: 2828

විද්‍යුත් තැපෑල: aman@adpolice.gov.ae.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි සේවායෝජකයන් විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී සපුරාලිය යුතු කොන්දේසි 7ක්
Next Article Etihad Airways සහ Emirates ගෝලීය වශයෙන් හොඳම ගුවන් සේවා 10 අතරට පිළිගැනේ
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.