Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»UAE හි ඕල්කට් – සහිරා ක්‍රිකට් ගැටුමේ : T10 සහිරා පිලත්, T20 ඕල්කට් පිලත් ජයගනී
Events

UAE හි ඕල්කට් – සහිරා ක්‍රිකට් ගැටුමේ : T10 සහිරා පිලත්, T20 ඕල්කට් පිලත් ජයගනී

Stanly KularathnaBy Stanly KularathnaJune 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට ඒකාබද්ධ ඕල්කට් පාසල් කණ්ඩාය​මේ සහ සහිරා පාසල් කණ්ඩාය​මේ ආදි සිසුන් අතර පැවැත්වූ සමාරම්භක මහා ක්‍රිකට් සැණකෙළිය 2023 ජුනි 3 වැනි සෙනසුරාදා අජ්මාන් හි මැලෙක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබුවා. තරඟ ඉසව් දෙකක් යටතේ මෙම ක්‍රිකට් සැණකෙළිය පැවැත්වූ අතර ​ඒ සඳහා T10 තරඟයක් හා T20 තරඟයක් පැවැත්වූවා.

T10 තරඟය සඳහා කාසියේ වාසිය දිනූ ඕල්කට් පාසල් කණ්ඩායම පන්ඳු රැකීම තෝරාගත්තා.

ප්‍රථමයෙන් පන්ඳුවට පහරදුන් සහිරා පාසල් කණ්ඩායම සිය පන්ඳු ඕවර 10තුල කඩුළු 5 කට ලකුණු 121 රැස්කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඕල්කට් පාසල් කණ්ඩායම​ට සිය පන්ඳු ඕවර 10තුල රැස්කරගත හැකි වූ​යේ කඩුළු 8 කට ලකුණු 81 පමණි. ඒ අනුව සහිරා පාසල් කණ්ඩායම ලකුණු 40කින් ජය ලැබුවා.

ජයග්‍රාහී T10 සහිරා පාසල් කණ්ඩායම

පන්ඳුවට පහරදීමේදී

සහිරා පාසල් කණ්ඩායමේ නායක අෆ්ලාල් සදීක් පන්ඳු 21කට ලකුණු 38 ද, සහිරා පාසල් කණ්ඩායමේ මාර්​සෝ පන්ඳු 11කට ලකුණු 20 ද, ඕල්කට් පාසල් කණ්ඩායමේ අනුරාධ ජයරත්න පන්ඳු 8 කට ලකුණු 15 ද ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.

පන්ඳු යැවීමේදී

සහිරා පාසල් කණ්ඩායමේ මාර්​සෝ පන්ඳු ඕවර් 2 යවා ලකුණු 12 ක​ට කඩුළු 4 ද, සහිරා පාසල් කණ්ඩායමේ ෆිරාස් මුෂින් මොහොමඩ් ඕවර් 1 යවා ලකුණු 1 ක​ට කඩුළු 2 ද, ඕල්කට් පාසල් කණ්ඩායමේ දිනේෂ් ද සිල්වා ඕවර් 2 යවා ලකුණු 22 ක​ට කඩුළු 2 ද ලබාගනිමින් පන්ඳුවෙන් දස්කම් දැක්වූවා.

T10 තරඟයේ වීරයා ලෙස සහිරා පාසල් කණ්ඩායමේ මාර්​සෝ තෝරාපත්කර ගැනුනා.


T20 තරඟය සඳහා කාසියේ වාසිය දිනූ ඕල්කට් පාසල් කණ්ඩායම පන්ඳු රැකීම තෝරාගත්තා.

ප්‍රථමයෙන් පන්ඳුවට පහරදුන් සහිරා පාසල් කණ්ඩායම සිය පන්ඳු ඕවර 20තුල කඩුළු 6 කට ලකුණු 147 රැස්කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඕල්කට් පාසල් කණ්ඩායම​ට පන්ඳු ඕවර 18.5තුල කඩුළු 6 කට ලකුණු 148 රැස්කරමින් T20 තරඟය කඩුළු 4 කින් ජය ලැබුවා. T20 තරඟය සඳහා දෙපිළම නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩකයින් සහභාගීවූ බැවින් තරඟය අවසන් මොහෙත දක්වා​ම දැඩි තරඟකාරිත්වයකින් දක්ව​ට ලැබුණා.

ජයග්‍රාහී T20 ඕල්කට් පාසල් කණ්ඩායම

පන්ඳුවට පහරදීමේදී

සහිරා පාසල් කණ්ඩායමේ ඉෂාම් ගවුස් පන්ඳු 39කට ලකුණු 60 ද, ඕල්කට් පාසල් කණ්ඩායමේ සුදාර දේශන්ත පන්ඳු 16කට ලකුණු 43 ද, ඕල්කට් පාසල් කණ්ඩායමේ නාමල් ගුණවර් ධ​න පන්ඳු 45 කට ලකුණු 34 ද ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.

පන්ඳු යැවීමේදී

සහිරා පාසල් කණ්ඩායමේ ඉෂාම් ගවුස් පන්ඳු ඕවර් 4 යවා ලකුණු 19 ක​ට කඩුළු 2 ද, සහිරා පාසල් කණ්ඩායමේ මොහොමඩ් ඉස්වාන් ඕවර් 4 යවා ලකුණු 27 ක​ට කඩුළු 2 ද, ඕල්කට් පාසල් කණ්ඩායමේ සුදේශ විමලතුංග ඕවර් 3 යවා ලකුණු 26 ක​ට කඩුළු 2 ද ලබාගනිමින් පන්ඳුවෙන් දස්කම් දැක්වූවා.

T20 තරඟයේ වීරයා ලෙස ඕල්කට් පාසල් කණ්ඩායමේ සුදාර දේශන්ත තෝරාපත්කර ගැනුනා.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි පොසොන් කලාපය 2023​ මහත් හරසරින් පැවැත්​වේ
Next Article මාස 6කට වැඩි කාලයක් එමීර් රාජ්‍යයෙන් පිටත රැඳී සිටි අය සඳහා නැවත රටට ඇතුල්වීමේ මාර්ගෝපදේශ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.