Author: kumudika
ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් පිළිබඳව තායිලන්තය නිවේදනය කරයි. 66 හැවිරිදි එම ආසාදිතයා අප්‍රිකානු රටකින් බැංකොක් වෙත පැමිණ ඇති බව සඳහන් වේ. තායිලන්තයේ රෝග පාලන දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි ආසාදිතයාව රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, ඔහුට වැළඳී ඇත්තේ Mpox හි Clad 1b ලෙස හඳුනාගෙන ඇති බව සඳහන් වේ. පසුගිය වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කේන්ද්‍රගතව ආරම්භ වූ Mpox හෙවත් වඳුරු උණ වසංගත තත්ත්වය පුද්ගලයින් 450 දෙනෙකුට දිවි අහිමි කරනු ලැබුවේය. එතැන් සිට එය බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළු ආසන්න රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ අතර මේ වන…
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ඒ අනුව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බව රත්නායක මහතා සඳහන් කළේය. ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.
යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයින් සියලු දෙනා නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර ඇත. එහි මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අගොස්තු 22 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාවක මේ බව සඳහන් කලේය. මේ වසරේ සැප්තැම්බර් 9 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා වු මසක කාලයක් තුළ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 57 වැනි සැසියට අදාළ වාර්තාවක් නිකුත් කෙරිණි. එහි දක්වා ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති සමයේ කළ මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය මෙහෙයුම’ අත්හිටුවන ලෙසටය. එසේම එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් මේ වසරේ ජනවාරි 22 නිවේදනයක් නිකුත්…
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප‍්‍රසිද්ධ කර ඇත. අදාළ ප්‍රකාශවල හෙලි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙක් තොරතුරු එම කොමිසම් වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එහි දැක්වෙන ආකාරයට ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් මෙසේය. • රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල් 97,500 සහබෙන්ස් රථ දෙකක්, ජීප් රථයක් • සජිත් ප්‍රේමදාස – රුපියල් 295,681.14 ක්සමඟ ඩබල් කැබ් රථ දෙකක්, ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් • අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක් සමඟ ඩබල් කැබ් රථයක්…
දුම්රිය ටිකට්පත් ඊයේ(22) සිට ඔන්ලයින් ක්‍රමයට මිළ දී ගැනීමේ හැකියාව ලබා දී ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. මේ සඳහා pravesha.lk වෙබ් අඩවියට පිවිස මගීන්ට ටිකට්පත් ලබා ගැනීමේ හැකියාව පවතියි. මෙලෙස ලබා ගන්නා ටිකට් පතක් වලංගුවන්නේ එහි සඳහන් දිනය සඳහා පමණි.
මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්යාස් මහතා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 79 වන වියේ පසු වූ ඒ මහතා වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි.චන්ද්‍රිකා බණ්ඩාරණායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත. මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා ඊයේ (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බව පුත්තලම රෝහල් පොලිසිය සඳහන් කළේය. මිය ගොස් ඇති ඉල්ලියාස් මහතා පුත්තලම මස්ජීද් පටුමගේ පදිංචිව සිටි අයෙක් වන අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු අද(23) පුත්තලමේදී සිදු කිරීමට නියමිතය.
ස්කී ඩුබායි සහ ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) 2024 සැප්තැම්බර් 22 ඉරිදා පැවැත්වීමට නියමිත 15 වැනි Ice Challenge ශූරතාවලිය සඳහා ලියාපදිංචි වීම විවෘත කරන බව නිවේදනය කලේය. ඩුබායි ක්‍රීඩා කවුන්සිලය සහ Majid Al Futtaim සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ජනප්‍රිය වාර්ෂික උත්සවය පැවැත්වෙන්නේ ඩුබායි හි ප්‍රමුඛතම ගමනාන්තයක් වන එමිරේට්ස් හි පිහිටි ස්කී ඩුබායි හිම ශාලාවේදීය. මෙම විශේෂ අවස්ථාව සඳහා ලියාපදිංචිය සැප්තැම්බර් 19 බ්‍රහස්පතින්දා දක්වා විවෘත වන අතර, සහභාගී වීමට කැමති අය https://www.premieronline.com සබැඳිය හරහා Premier Online වෙබ් අඩවිය හරහා මෙම විශේෂ තරඟය සඳහා ලියාපදිංචි වී තම ස්ථාන වෙන්කරවා ගත යුතුය. මෙම තරඟයට කිලෝමීටර් 3.5ක් විහිදෙන ධාවන පථයක නිර්මාණය කර ඇති…
ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු,…
WhatsApp පරිශීලකයින්ගේ දුරකථන අංක වෙනුවට පරිශීලක නාම සහිත නව විශේෂාංගයක් හඳුන්වා දීමට එම ආයතනය සූදානම් වේ. පරිශීලකයාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ගන්නා ලද අමතර පියවරක් ලෙස මෙය සඳහන්. නුදුරේදීම, WhatsApp භාවිතා කරන්නන්ට ඔවුන්ගේ ජංගම දුරකථන අංක සියල්ලන් සමඟ බෙදාගැනීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ දුරකථන අංක පරිශීලක නාම සමඟ ආදේශ කිරීමට හැකි වනු ඇත. WABetaInfo හි වාර්තාවකට අනුව, WhatsApp පරිශීලක නාම සඳහා සහය එක් කරන බවට දැනටමත් කටකතා පවතී. කෙසේ වෙතත්, පණිවිඩ හුවමාරුවේදී “PIN කේතය” විශේෂාංගයක් මත ද ක්‍රියා කරයි. ඔබ නොදන්නා පරිශීලකයින්ට ඔබගේ පරිශීලක නාමය ඇති නිසා ඔබට කෙටි පණිවිඩ යැවීමට නොහැකි වනු ඇත. ඔබට පණිවිඩ යැවීමට ඔවුන්ට ඔබේ “පරිශීලක…
අබුඩාබි ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ (FIDE) සියවස් සැමරුම අද(22) මරීනා මාල් හිදී පැවැත්වේ. අබුඩාබි ක්‍රීඩා සමාජයේ අනුග්‍රහය ඇතිව අබුඩාබි චෙස් ක්ලබ් සහ මයින්ඩ් ක්‍රීඩා සංවිධානය විසින් මෙය සංවිධානය කරනු ලබයි. 2028 ලෝක චෙස් ඔලිම්පියාඩ් තරඟාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමේ ලංසුව ජයග්‍රහණය කිරීමෙන් පසු එහි ස්ථානය වැඩි දියුණු කරමින් ගෝලීය ක්‍රීඩා ඉසව්වල අගනුවර බවට අබුඩාබි නගරය පත්ව තිබෙන හෙයින් 100 වන සංවත්සර සැමරුම සඳහා අබුඩාබි නගරය තෝරා ගන්නා ලදී. 2024 සැප්තැම්බර් 10 සිට 23 දක්වා බුඩාපෙස්ට් හි පැවැත්වෙන 45 වැනි චෙස් ඔලිම්පියාඩ් 2024 සමඟ සමපාත වන පරිදි ලබන මාසයේ හංගේරියාවට යාමට පෙර අබුඩාබි FIDE100 පන්දම් රිලේ අවසන් නැවතුමට සත්කාරකත්වය සපයයි. සැමරුම් උත්සවයේ කොටසක්…