Author: kumudika
නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කර ඇත. ගුවන් යානයේ සිටි අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසක් බව සඳහන්ය. මෙම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරී ඇති බවත් වාර්තා විය. මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇත.
සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත සුන්දරම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වනු ඇතැයි වාර්තා වේ. ඊට හේතුව සෙනසුරු සඳට මුවා වන බැවිනි. මෙය එක්තරා ආකාරය ‘සෙනසුරු ග්‍රහණයක්‘ ලෙස සැලකේ. මෙම සංසිද්ධිය ඉතාමත් විරල බව තාරකා විද්‍යාඥයා් පැහැදිලි කරති. මධ්‍යම රාත්‍රිය පසුවී, මිනිත්තු 50 ක් යන විට මෙම සංසිද්ධිය ආරම්භ වනු ඇති බවත්, අලුයම 2.10 තෙක් මෙය ශ්‍රී ලංකාවට දැක ගැනීමට හැකිවනු ඇති බවත් ආතර් සී ක්ලාක් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. චන්ද්‍රයාට මුවා වන සෙනසුරු ග්‍රහලෝකය යළි දිස් වන්නේ අලුයම 2.20 ටය. මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ ස්ථානයෙන් ස්ථානයට මිනිත්තු කිහිපයකින් වෙනස් වන අතර නිශ්චිත වේලාවන් ACCIMT වෙබ්…
දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23)ප්‍රකාශ කලේය. මෙය ‘වරදක් නැති දික්කසාද’ නමින් හැඳින්වෙන අතර මේ වන විට එය කෙටුම්පත් අවසන් කර ඇති බව ඔහු පවසයි. නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙන බව අමාත්‍යවරයා සඳහන් කලේය. නව අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ විදේශ විනිශ්චයන් බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට ද ඉඩ සැලසෙන බව ඔහු කියා සිටියේය.
ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලක ගරු ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා ලොව විශාලතම පුද්ගලික හිමිකාරීත්වය දරන සුවඳ සහ රස නිෂ්පාදන සමාගම වන Firmenich හි කලාපීය කේන්ද්‍රස්ථානය වෙත සංචාරයක නිරත විය. ඩුබායි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ TECOM සමූහ ව්‍යාපාරයේ සභාපති Malek Al Malek මහතා ද මෙම සංචාරයට එක්ව සිටියේය.ගරු Sheikh Mohammed මහතා, Firmenich’s Creation & Development Center පිළිබඳව දැනුවත් කරන ලදී. අති නවීන තාක්ෂණයන් සහ සමාගමේ විද්‍යා සහ නවෝත්පාදන හැකියාවන් උපයෝගී කරගනිමින්, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයින්ට මධ්‍යස්ථානය සේවා සපයයි. මෙම අවස්ථාවට අදහස් දක්වමින් ගරු ශෙයික් මොහොමඩ් මහතා සඳහන් කලේ,…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Sheikh Mohammed bin Zayed මාර්ගයෙහි සැලකිය යුතු රථවාහන වැඩිදියුණු කිරීම් සම්පූර්ණ කර ඇත. රබාත් වීදියට යන Exit 55 පුළුල් කිරීමද මීට ඇතුළත් වේ. මීටර් 600ක් පුරා විහිදෙන මෙම ව්‍යාපෘතියට නව මංතීරුවක් එක් කිරීම ඇතුළත් වූ අතර, මුළු මංතීරු සංඛ්‍යාව 3 දක්වා ඒ අනුව ඉහල ගොස් තිබේ. මෙම මුලපිරීම එමිරේට්ස් හි නාගරික සංවර්ධනයට සහ ජනගහන වර්ධනයට සමගාමීව මාර්ග ජාලයේ ධාරිතාව ඉහළ නැංවීමට සහ ඩුබායි හි රථවාහන ආරක්ෂාව වැඩිදියුණු කිරීමට RTA හි අඛණ්ඩ උත්සාහයේ කොටසකි. Exit 55 හි ප්රසාරණයේ වැදගත්කම, රථවාහන ආරක්ෂාව සහ ධාරිතාව කෙරෙහි එහි සෘජු බලපෑම මගින් අවධාරණය කෙරේ. මෙම ප්‍රසාරණය ෂෙයික් මොහොමඩ්…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ගාස්තු පැහැර හැරීම අවම කිරීම සඳහා සිය නව බස් රථ සමූහය තුළ ස්වයංක්‍රීය මගී ගණන් කිරීමේ (APC) ක්‍රමයක් හඳුන්වා දීමට සූදානම් වේ. නවෝත්පාදන පද්ධතිය මගින් සැබෑ මගීන් සංඛ්‍යාව සටහන් කර මෙම දත්ත ස්වයංක්‍රීය ගාස්තු එකතු කිරීමේ ක්‍රමයට ගැලපෙන අතර නිවැරදි ගාස්තු ගෙවීම් සහතික කරයි. දැනට ඩුබායි හි බස් රථ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ බස් රථයට ඇතුළු වන විට සහ පිටවන විට මගීන් ඔවුන්ගේ NOL කාඩ්පත භාවිතයෙනි. කෙසේ වෙතත්, මගීන් මෙම ක්‍රියාවලිය මඟ හැර ගිය අවස්ථා ද ඇත. මෙයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා, නව බස් රථ 636 ක APC පද්ධතිය ස්ථාපනය කරන අතර, විදුලි බස්…
දැනට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඇතැම් වගන්ති සම්බන්ධ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ඇතුළත් කිරීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බව කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් සඳහන්ය. මාර්ගගත ක්රමවලසුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් පත්‍රයේ පළ කිරීමටද නියමිත බව වාර්තා වේ.
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා පිළියෙල කිරීම සඳහා ලැබෙන ඩොලර් මිලියන 1.23ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. “ගෝලීය පරිසර පහසුකම” මෙම ප්රදානය ලබාදීමට එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.2024-2028 කාල සීමාව තුළ එකී වාර්තා සකස් කර ඉදිරිපත් කිරීමට අදාලව අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් ගෝලීය පරිසර පහසුකම වෙත ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති වාර්තාව අනුව මෙම ප්රදානය ලබාදීමට එකඟතාවය පළ කර ඇත. එකී ප්රදානය ලබා ගැනීම සඳහා අදාල ගිවිසුම් වලට එළැඹීම පිණිස පරිසර අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(24) රැස්වීමට නියමිතය. මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳව අවසන් තීරණය ගන්නා බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇප තැන්පත් මුදල් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කිරීම සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අදාළ ගැසට් නිවේදනය මේ සති අන්තයේ නිකුත් කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 හෝ 28 යන සෙනසුරාදා දිනෙක පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
බැංකුවල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයන් හට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ලක්ෂයකට නොවැඩි ණය අත්තිකාරම් සඳහා වසරකට 10%ක උපරිමයකට යටත්ව පොලී සහනාධාර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. තවද, ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබාගත් රුපියල් 100,000/- නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය මඟින් සලසා දීමට යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.පසුගිය කාලය තුළ රට තුළ පැවැති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම ඍජුව හා…