Author: kumudika

එළඹෙන උත්සව සමය සදහා බිත්තර කෝටි 04ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ ඊට අදාළ ඇණවුම් සැපයුම්කරුවන් වෙත දැනටමත් ලබා දී ඇති බවයි. ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව සලසන බව ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේය.උත්සව සමයේ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීම වැඩපිළිවෙලේ අරමුණයි. ඇණවුම් කෙරුණු බිත්තර ලබන සතියේ සිට මෙරටට ලැබීමට නියමිතය. මීට අමතරව වෙළෙඳපොලේ බිත්තර හිඟයක් ඇති වුවහොත් අවශය සංචිත පවත්වා ගැනීමට ද පියවර ගෙන තිබේ.ආනයනික බිත්තර ලංකා සතොස මගින් නිකුත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කලේය. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ තත්වය පිළිබඳව 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමකදී ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මේ බව සඳහන් කර තිබේ. එම තොරතුරුවලට අනුව 2023 වසරේදි ලාදුරු රෝගීන් වැඩියෙන්ම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 259 ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 168 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 116 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 80 ක්ද හඳුනා ගෙන ඇත. 2019 වසරේදී ලාදුරු රෝගීන් 1660 ක් 2020 දී රෝගීන් 1213 ක්,…

Read More

පසුගියදා අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙලා තිබේ.රතු මුහුද සහ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කෙරුණු වාණිජ නෞකා සහ ඩිස්ට්‍රොයර් වර්ගයේ අමෙරිකානු යුධ නෞකා ඉලක්ක කර ගනිමින් හූති කැරළිකරුවන් ඊයේ (09) මෙම ප්‍රහාර එල්ල කර තිබිණි. කෙසේ නමුත් අදාළ ප්‍රහාර වලින්, නෞකාවලට කිසිදු හානියක් සිදුවී නැති බව සඳහන් වේ.එම අවස්ථාවේ අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමේදී, යේමනයේ හූති කැරලිකරුවන්ගේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 28ක් විනාශ වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණි. ඒ අනුව, ඊයේ(08) එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි. මාර්තු 01වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පැවතුණු බව සදහන් වේ.

Read More

මෙම සැලැස්මට හරිත අවකාශයන්, පොදු වෙරළ තීරයන්, ප්‍රජා සහ සංචාරක ප්‍රදේශ මෙන්ම Dh1bn වාණිජ වරායක් ඉදිකිරීම ඇතුළත් වේ.අජ්මාන් හි ඔටුන්න හිමි කුමරු ෂෙයික් අම්මාර් බින් හුමයිඩ් අල් නුයිමි බ්‍රහස්පතින්දා අජ්මාන් හි 2030 වසර සඳහා ඇති සැලැසුමේ ලාංඡනය එළිදක්වන ලදී. අජ්මාන් හි ඔටුන්න හිමි කුමරු වන Sheikh Ammar bin Humaid Al Nuaimi නගරය නවීකරණය කිරීමට සහ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට නව සැලසුම් හෙළි කර තිබේ. 2030 වන විට එමිරේට්ස් හි සංස්කෘතිය, කලාව සහ ක්‍රීඩා සහභාගීත්වය සියයට 400 කින් සහ පොදු වෙරළ තීරයන් සංඛ්‍යාව සියයට 300 කින් වැඩි කිරීම මෙහි ඉලක්කයයි. එය රජයේ, පෞද්ගලික අංශයේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ හවුල්කාරිත්වයෙන් අජ්මාන් විධායක…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම් මහතා විසින් ශුද්ධ වූ රාමසාන් මාසයට පෙර ඩුබායි හි නිවැරදි කිරීම් සහ දණ්ඩනීය ආයතනවලින් විවිධ ජාතීන්ට අයත් සිරකරුවන් 691 දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර ඇත. ඩුබායි හි නීතිපති අතිගරු චාන්සලර් Essam Issa Al-Humaidan පැවසුවේ සමාව ලත් පුද්ගලයින් ශුද්ධ මාසය තුළ ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් කිරීමට එච්.එච්. ෂෙයික් මොහොමඩ්ගේ උනන්දුව මෙම සමාවෙන් පිළිබිඹු වන බවයි. සමාව දීමෙන් නිදහස් වූ සිරකරුවන්ට ජීවිතයට නව ආරම්භයක් ලබා ගැනීමට සහ නැවත සමාජයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඩුබායි මහජන පැමිණිල්ල, ඩුබායි පොලිසිය සමඟ සහයෝගයෙන්…

Read More

මිස­යිල ප්‍රහා­ර­යට ලක් වූ භාණ්ඩ ප්‍රවා­හන නෞකාවේ ආර­ක්ෂ­ක­යන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙනා මෙලෙස බේරා­ගෙන තිබෙන අතර, මේ යාත්‍රාව යේම­නයේ ඒඩන් වරා­යට නාවික සැත­පුම් 50ක් ඔබ්බෙන් ගල්ෆ් මුහු­දේදී ගමන් කර­මින් තිබි­යදී මිස­යිල ප්‍රහා­ර­ය­කට ලක්ව ඇත. තහ­වුරු කරන ලද වාර්තා­ව­ලට අනුව, කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් තිදෙ­නකු (පිලි­පීන සහ විය­ට්නාම ජාති­ක­යන්) මිය­ගොස් ඇති අතර, තුවාල ලැබූ­වන් අතර ශ්‍රී ලාංකික ආර­ක්ෂ­ක­යන් දෙදෙ­න­කු­ගෙන් එක් අයෙක් වෙයි. අන­තු­රට පත් ශ්‍රී ලාංකි­කයා ඇතුළු තුවා­ල­ කරු­වන් සහ සෙසු කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් අන­තු­රට පත් නෞකා­වෙන් ජිබුටි වෙත රැගෙන ගොස් තිබෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳහන් කරයි. ජිබු­ටිහි ප්‍රතී­ත­නය ලත් ඉති­යෝ­පි­යාවේ අඩිස් අබා­බාහි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය, තුවාල ලැබූ…

Read More

ලංකාව ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් කිරීම සඳහා විශාල දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් පසු­ගිය ජන­වාරි මාස­යේදී රුපි­යල් කෝටි 14,880ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 488ක) මුද­ලක් ශ්‍රී ලංකා­වට ප්‍රේෂ­ණය කර තිබේ. පසු­ගිය 2023 වසරේ ජන­වාරි මාස­යේදී විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 437ක් ලෙස වාර්තා වූ නමුත්, මෙම ව­සරේ ජන­වා­රි­යේදී එය 11.4%ක වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. පසු­ගිය 2022 වසරේ කැපී පෙනෙන යථා­වත් වීමක් වාර්තා කිරී­මෙන් පසු විටින් විට සිදු වන උච්චා­ව­ච­න­යන් නොතකා, විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ පුළුල් පද­න­ම­කින් ඉහළ යෑමේ ප්‍රව­ණ­තා­වක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා…

Read More

හින්දුබැතිමතුන් මහත් හරසරින් හා භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(08)ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරිලක හින්දු බැතිමතුන්ද අද දිනයේ විවිධ පුද පූජාවන්හි නිරත විය. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි. ලොව බලවත්ම දෙවියා කවුද යන්න පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් ය. සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ…

Read More

දමිළ සිනමාවේ ජනප්‍රිය නළු අජිත් කුමාර් චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබේ.බ්‍රහස්පතින්දා උදෑසන ඔහු පරීක්ෂණ කිහිපයක් සඳහා මෙලෙස රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත. ඔහු දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් තවමත් නොමැති බවත් සදහන් වේ. 52 හැවිරිදි අජිත් කුමාර් මේ දිනවල ‘vidamuyatchi චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයන අතර චිත්‍රපටයේ රූගත කිරීම් අසර්බයිජානයේදී අවසන් කර ඇති අතර එහි දෙවන අදියරේ රූගත කිරීම් ජෝර්ජියාවේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මාර්තු 15 වැනිදා සිට නැවත රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිති බව සදහන්ය.මීට දින කිහිපයකට පෙර අජිත් කුමාර් ඔහුගේ පුත් ආද්වික් වෙනුවෙන් පැවැත්වූ…

Read More