Author: kumudika

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (24) සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්‍ ය. රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. අලි සබ්‍රි රහීම්,වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා මෙම පනතෙන් විධිවිධාන සැලසේ.…

Read More

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අද (25) පෙරවරුවේ දළදා මාලිගාවේදී පැවැත්වෙයි. සතර මහා මංගල්‍යයන්ගෙන් සෑම වසරකම ප්‍රථමයෙන් අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර එහිදී දළදා මාළිගාවට අයත් කුඹුරුවලින් නෙළා ගන්නා ප්‍රථම අස්වැන්න පෙරහරින් දළදා මාළිගාව වෙත රැගෙනවිත් දළදා සමිඳුන් උදෙසා පූජා කිරීම සිදු කෙරෙයි. සෑම වසරකම දුරුතු පුන් පොහෝ දින අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයකි. අලුත් සහල් මංගල්‍යයෙන් ආරම්භ වන ශ්‍රී දළදා මාළිගාවේ සතර මහා මංගල්‍යයන්ට අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය අයත් වෙයි. අලුත් සහලින් පිසින ලද බුද්ධ පූජාව තේවාව භාර නායක…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය රථවාහන තදබදය අවම කිරීම සඳහා ජාතික මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට ෆෙඩරල් ජාතික කවුන්සිලය මගීන් සඳහා ගමන් කාලය වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති සහ යටිතල පහසුකම් අමාත්‍ය සුහයිල් අල් මැස්රෝයි පවසයි. ඩුබායි සහ උතුරු එමිරේට්ස් අතර තදබදය අවම කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස එමීර් රාජ්‍යයේ මාර්ග ජාලය ශක්තිමත් කිරීමට එමිරාති ඇමතිවරයෙක් පසුගිය බදාදා සැලසුම් කළේය. ෆෙඩරල් ජාතික කවුන්සිලයේ නවතම රැස්වීමේදී බලශක්ති සහ යටිතල පහසුකම් අමාත්‍ය Suhail Al Mazrouei පැවසුවේ රට පුරා රථවාහන මට්ටම් ලිහිල් කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ අධ්‍යයනයන් සිදු කර ඇති බවයි. රථවාහන ගමනාගමනය වැඩිදියුණු කිරීමේ අරමුණින් වසරේ දෙවන භාගයේදී ප්‍රවාහන ව්‍යාපෘති…

Read More

ඩුබායි හි අනාගත දෙවන උසම කුළුණ වන Burj Azizi හි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ. ප්‍රමුඛ දේශීය සංවර්ධකයෙකු වන Azizi Developments, මෙම ඩොලර් බිලියන 1.5 වටිනා ව්‍යාපෘතිය ආරම්භ කරන බව නිවේදනය කර ඇති අතර එය අවසන් වූ පසු නගරයේ දෙවන උසම ව්‍යුහය බවට පත් කිරීම අරමුණයි. කුළුණ තවමත් එහි අවසාන උස හෝ ගෘහ නිර්මාණ ශිල්පියා හෙළි කර නොමැති අතර, එය සිරස් වෙළඳ සංකීර්ණයක්, සුඛෝපභෝගී නිවාස සහ නිරීක්ෂණ තට්ටුවක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත. Burj Azizi ලොව පුරා ඇති සුපිරි පන්නයේ ගොඩනැගිලි සමූහයකට සම්බන්ධ වනු ඇත. තට්ටු 120 කට වඩා ප්‍රමාණයක් මෙම කුළුණේ ඇතැයි සඳහන්‍ ය. ෂෙයික් සයීඩ් පාරේ…

Read More

ලෝවැසි බෞද්ධයින්ට මෙන්ම ශ්‍රී ලංකාද්වීපයේ බෞද්ධ සැදැහැවතුන්ටද අතිශය වැදගත් වන කරුණු රැසක් යෙදෙන දුරුතු පුර පසළොස්වක් පොහොය අදට යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ උරුවෙල් දනවුවේ විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් පිරිසකට සදහම් මඟ පහදා සසුන්ගත කර, ඒ පිරිසද සමඟ රජගහ නුවරට වැඩම කළේ අද වන් පොහොය දිනකය. ඒ ගමනේදී එනුවර බිම්බිසාර රජු සහ වැසියන් තෙරුවන් සරණ ගිය උවසුවන් බවට පමුණුවාලූ බුදු හිමියන් වෙත සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවනාරාමයද පූජා කරනු ලැබීය. ශ්‍රී ලංකාව පිළිබඳ සලකන කල බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වී ඇත්තේද දුරුතු පුන් පොහොය දිනකදීය. ඒ මහියංගණයේ මහානාග…

Read More

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ අද(25) අලුයම 2.00 ට පමණ සිදු වූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී එම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර ප්‍රවාහන රථයකට ඉස්සර කිරීමට යාමේ දී එම රථයේ ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනකු රාගම රෝහලට රැගෙන ගිය ද රෝහලට රැගෙන යනවිටත් අමාත්‍යවරයා සහ ආරක්ෂකයා මියගොස් සිටි බව වෛද්‍යවරු සඳහන් කරති. එහිදී…

Read More

ඉදිරි අනාගතයේදී ලෝක ප්‍රජාවට කොවිඩ් වෛරසයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත. පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ලබන මැයි මාසය වන විට සියලු රටවල් එක්ව මේ පොදු සතුරා පරාජය කිරීමේ ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත. ‘Disease…

Read More

ILT – 20T 2024 ක්‍රිකට් තරඟාවලිය පසුගිය 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ විය. එදින තරඟ වැදුනු පලමු කණ්ඩායම් යුගලය වූයේ Gulf Gaints හා Sharjah Warriors කණ්ඩායම්ය. එහිදී Gulf Gaints කණ්ඩායම කඩුළු 7 ක් දවා ගනිමින් ලකුණු 198 ක් රැස් කර තරඟයේ ජය හිමි කර ගත්හ. Sharjah warriors කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්හ. ජනවාරි 20 – MI Emirates හා Dubai Capitals කණ්ඩායම් අතර තරඟයෙන් පන්දුවාර 16 කදී කඩුළු 3 ක් දවා ගනිමින් Dubai Capitals පිල ලකුණු 160 ක් ලබා ජයග්‍රහණය අත්කර ගත්හ. 21 වනදා පැවති තරඟයේදී Desert vipers හා Abhudabi Knight Riders කණ්ඩායම් තරඟයෙන් Abudhabi Knight Riders…

Read More

ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලේය.ඒ අනුව මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් නිර්මාණය වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය. අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී. ජනතාවට වඩාත් පහසුවෙන් ටින් අංකයක් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

Read More

අනාගත ආණ්ඩු හැඩගැස්වීමට සහ අනාගත අභියෝග සඳහා නව්‍ය විසඳුම් හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා රටවල් 150 කට වැඩි ගණනක නායකයින්, ප්‍රවීණයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ලබන මාසයේ ඩුබායි වෙත රැස් වීමට නියමිතය. පෙබරවාරි 12 සහ 14 අතර ලෝක රාජ්‍ය සමුළුව, OpenAI සම-නිර්මාතෘ Sam Altman සහ Nvidia Corporation හි සභාපති Jensen Huang වැනි ප්‍රමුඛ විශේෂඥයින් සඳහා සත්කාරකත්වය ලබා දීමෙන් කෘතිම බුද්ධිය කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනු ඇත. මෙම වසරේ සමුළුව, Madinat Jumeirah හි දී, කෘතිම බුද්ධියේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ Time 100 AI ලැයිස්තුව සඳහා වාර්ෂික රැස්වීමක් ද පවත්වනු ඇත. කැබිනට් කටයුතු පිළිබඳ අමාත්‍ය සහ ලෝක රාජ්‍ය සමුළුවේ සභාපති මොහොමඩ් අල් ගර්ගාවි…

Read More