ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක ජාතික ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂක විජිත හේරත් මහතා මනාප 716,715ක් ලබාගෙන ඇති බව නිල නොලත් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ඔහු එම විශාල මනාප සංඛ්‍යාව සමගින් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ දිස්ත්‍රික්කයෙන් තැබූ වාර්තා අභිබවා යාමට සමත්ව තිබේ.
මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂකයෙකු ලද ඉහළම මනාප සංඛ්‍යාව ලෙස සඳහන් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය ලද සමස්ත ඡන්ද සංඛ්‍යාව 898,759 කි.