Author: kumudika
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ මරාපි ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇත. මේ නිසා 11 දෙනකු මියගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ. ගිනි කන්ද පිපිරීමත් සමඟ අතුරුදන් වුණු ගණන 12 ක් බව ද පැවසේ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන තුනකි. ගිනි කන්ද දිගින් දිගටම පුපුරා යන බැවින් අතුරුදන් වූවන් සොයා සිදු කරන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇත. පුපුරා ගිය ගිනි කන්දේ දුම්වලා සහ අළු කිලෝ මීටර් 3 ක් දුරට පැතිරී තිබේ. ඒ හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට ද එම දුම් වලාවන් බාධාවක් වී ඇති බව පැවැසේ.
දකුණු ඉන්දියාවට මේ වනවිට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් ඊයේ (04) දින ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බවයි. නැවත දැනුම දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇතැයිද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් නිකුත් කල නවතම කාලගුණ නිවේදනය පරිදි අද උදෑසන සිට (04) එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල දැඩි මීදුම් සහිත කාලගුණයක් ඇති වේ. මේ තත්ත්වය මෙම සතිය පුරා පැවතිය හැකි බවද සඳහන්. අද උදෑසන දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කහ මීදුම් අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. අද අලුයම 3 ට පමණ එමීර් රාජ්‍යයේ ප්‍රදේශ මීදුමෙන් වැසී ගියේය. උදෑසන 9 වන විට මීදුම පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව NCM පවසයි. අබුඩාබි පොලිසිය සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මීදුම අතරතුර දෘශ්‍යතාව අඩුවීම නිසා රියදුරන් ප්‍රවේශම්කාරීව රිය ධාවනය කල යුතු බවයි. ගමන් බිමන් යාමේදී ඉලෙක්ට්‍රොනික මාර්ග සංඥා මත සවි…
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ දුමින්ද සිරිසේන මහතා මියයනවිට 75 වෙනි වියෙහි පසුවූ දෙදරු පියෙකි. වේදිකාව, සිනමාව සහ පුංචි තිරය සිය අනන්‍ය වූ රංගනයෙන් අතික්‍රමණය කළ කෘතහස්ත කලාවේදියෙකු ලෙස මෙතුමා හැඳින්විය හැකිය. අභාවප්‍රාප්ත ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාව හරහා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු “මූදු පුත්තු” නාට්‍යයේ දියෝනිස්ගේ චරිතය හරහා ප්‍රසිද්ධියට පත් විය. “සිංහබාහු”, “මනමේ”, “මහාසාර” සහ “බව කඩතුරාව” වැනි සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය රාශියක නොමැකෙන චරිතාංග වලට ඔහු පණ පෙව්වේය. විජය ධර්ම ශ්‍රීගේ “දුහුලු මලක්” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඔහු ඉනික්බිතිව “දඬු…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් දෙසැම්බර් (02) දා ගෝලීය දේශගුණික විසඳුම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 30 ක අරමුදලක් ස්ථාපිත කරන බව නිවේදනය කළේය. දේශගුණික මූල්‍ය පරතරය පියවා ගැනීමට සහ දැරිය හැකි ප්‍රවේශයකට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති මෙම අරමුදල 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 250ක් රැස් කිරීම සහ ආයෝජනය කිරීම බල ගැන්වීම අරමුණු කරයි. මේ පිලිබද හෙළිදරව් කරනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (cop28) අතරතුර පැවති ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුව විවෘත කිරීම අතරතුරදීය. ඔහුගේ ආරම්භක ප්‍රකාශයේ දී, ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි ලෝක නායකයින්, රාජ්‍ය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) Bill & Melinda Gates පදනමේ (BMGF) සම සභාපති Bill Gates මහතා සමඟ උපාය මාර්ගික හමුවක් පැවැත් විය. ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කිරීම සහ ලෝකයේ නිවර්තන කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව වැඩිදියුණු කිරීම සඳහා වූ සහයෝගීතා ප්‍රයත්නයන් පිලිබද මෙහිදී සාකච්ඡාවට ලක් විණි. මෙම රැස්වීමේදී, ශක්තිමත් සහ දේශගුණයට ඔරොත්තු දෙන ජාතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට Bill & Melinda Gates පදනමේ වෑයම පිලිබද ගේට්ස් ප්‍රකාශ කළේය. දැනටමත් ශ්‍රී ලංකාව තුළ කටයුතු ආරම්භ කරමින් සම්බන්ධ වී සිටින මෙම පදනම, ශ්‍රී ලංකාව සමඟ සිය සබඳතාව වඩාත් පුළුල් කිරීමට ප්‍රතිඥා දී ඇත. කෘෂිකාර්මික නවීකරණය සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධති…
රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව ඇත. මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි බලපෑමක් ඇති වනු ඇති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය කියා සිටියි. ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ තිබේ. ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි. සෙන්ටිමීටර 40 ක පමණ උස රළ පහරක් එලෙස ගොඩබිමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන්. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග එම දූපතේ වෙරළාසන්නව සිටි වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ජපන් බලධාරින් කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.…
පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඩුබායිහි Expo City හිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. 5 වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 නොවැම්බර් මාසය සදහා 3.4 %ක් දක්වා වැඩි වී ඇත. එය 2023 ඔක්තෝම්බර් මාසය සඳහා 1.5 % ලෙස වාර්තා වී තිබුණි. 2023 නොවැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -3.6% දක්වා වැඩි වී ඇති අතර 2023 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -5.2 %ක් ලෙසයි. එසේම නොවැම්බර් මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 6.8 % ක් දක්වා වැඩි වී ඇති අතර එය 2023 ඔක්තෝම්බර් මාසයේ දී 4.9…
අද මධ්‍යම රාත්‍රියේ සිට (30) ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමා ඇත. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම මිල පහළ දැමීමත් සමඟ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 346 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247 ක් බවට පත්වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව…