Author: kumudika
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ලබන ජනවාරි 01දා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. උත්සව ශ්‍රීයෙන් විදෙස් තානාපතිවරුන් ඇතුළු විශේෂිත පිරිසකගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම වැඩසටහන ආරම්භ කෙරේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් ද මේ වනවිට නම් කර තිබේ.
ආර්ථිකය මේ තිබෙන තත්ත්වයෙන් පහතට කඩා වැටී රට වඩාත් නරක තත්ත්වයකට ඇද වැටෙයි කියා සිතන කණ්ඩායම නොවැම්බර් මාසයේ දී 6% සිට 3% දක්වා පහත වැටී ඇති බව, ප්‍රමුඛ ව්‍යාපාරික සගරාවක් වන L.M.D. විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. අදාල සමීක්ෂණයේ නොවැම්බර් ප්‍රතිඵල පෙන්නුම් කරන ආකාරයට, ජනතාවගෙන් 41% ක් ඉදිරි වසර තුළදී ආර්ථිකය සුබවාදීව වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, 56% ක් ආර්ථිකය මේ පවතින තත්ත්වයෙන්ම පවතිනු ඇතැයි විශ්වාස කරති. රටේ ආර්ථිකය ඉදිරි වසර තුළ දී වඩාත් නරක තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි විශ්වාස කරන්නේ ජනතාවගෙන් 3% ක් පමණි. මීට පෙර නිකුත් වු සමීක්ෂණ වාර්තාවේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කළ…
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉදිරි පළාත් සභා මැතිවරණය හමාර වූ පසු සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ආරංචි මාර්ග අනුව විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට විධායක බලය පැවරෙන ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය හමාර වූ පසු ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යවස්ථාවට අන්තර්කාලීන විධිවිධානයක්ද ඇතුළත් කරනු ඇතැයි සඳහන්ය. ඉන් අනතුරුව ඉදිරියේදී නාමමාත්‍ර ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම රජයේ සැලසුම් කෙරේ. වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ ද පවත්නා මනාප ඡන්ද ක්‍රමය එලෙසම පවත්වා ගත යුතුය යන යෝජනාව සුළු පක්ෂ රජයට ඉදිරිපත් කර තිබේ. ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරා ගැනීමට ගියහොත් එය සුළු ජාතික නියෝජනයට බලවත් බාධකයක් බව සුළු…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් නිර්දේශ වී ඇත. ICC වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට මෙවර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට අමතරව ICC විසින් සම්මානය වෙනුවෙන් කෙටි ලැයිස්තුගත (Shortlist) කර ඇති අනෙකුත් ක්‍රීඩකයන් තිදෙනා වන්නේ, එංගලන්තයේ ගුස් ඇට්කින්සන්, පාකිස්තානයේ සයිම් අයුබ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ෂමර් ජෝශප් ය. 2024 වසර වෙනුවන් ICCය ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ icc-cricket.com හි ලියාපදිංචි රසිකයන් සහ අන්තර්ජාතික ක්‍රිකට් මාධ්‍යවල ප්‍රමුඛ මණ්ඩලයක් විසිනි. ප්‍රතිඵල 2025 ජනවාරි අගදී ප්‍රකාශයට පත්කෙරේ.
ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නොදැමීමට තීරණය කර තිබේ. මීට පෙර මූඩිස් සහ ෆිච් රේටින් ආයතන දෙක විසින්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා තිබිණි. කෙසේ වෙතත් Standard & Poors පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 175 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. අදාල බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර කළ පසු විදේශ මුදල් පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවිය හැකි බවද එම ආයතනය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය අධික ණය බරතාවය හේතුවෙන් පුද්ගලීකරණය කිරීමට…
දකුණු කොරියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මගීන් 62දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැංකොක් සිට පැමිණි දකුණු කොරියානු ගුවන් යානයක් මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන, වැටක ගැටී, ගොඩබෑමේදී ගින්නක් ඇතිව තිබෙන බව සදහන් වේ. අවම වශයෙන් පුද්ගල මරණ 28ක් දැනට තහවුරු වී ඇති බව කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) අලුත් අවුරුදු නිවාඩුව සැමරීම සඳහා ජනවාරි 1 වන දින ඩුබායි හි සියලුම කලාප හරහා Free Public parking පිළිබඳ නිවේදනය කර ඇත. කෙසේ වෙතත්, බහු මහල් වාහන නැවැත්වීමේ පහසුකම් ගෙවනු ලබන අතර, සාමාන්‍ය වාහන නැවැත්වීමේ ගාස්තු ජනවාරි 2 උදේ 8 ට නැවත ආරම්භ වේ. Burj Khalifa වැනි ජනප්‍රිය සිදුවීම් කලාප අසල මාර්ග අවහිරතා සහ මාර්ග වසා දැමීම් වළක්වා ගැනීම සඳහා නම් කරන ලද ස්ථානවල ගාල් කරන ලෙස RTA අලුත් අවුරුදු සැමරුම්වලට සහභාගී වන රියදුරන්ගෙන් ඉල්ලා සිටී. යෝජිත වාහන නැවැත්වීමේ ප්‍රදේශ අතරට ජෙබෙල් අලි, ඊ සහ එටිසලාට්, සෙන්ටර්පොයින්ට් සහ ජුමෙයිරා ගොල්ෆ් වතු ඇතුළත් වේ. Al…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් Centrepoint සහ GGICO දුම්රිය ස්ථාන සඳහා ඩුබායි මෙට්‍රෝ මෙහෙයුම් දෙසැම්බර් 28 සිට 30 දක්වා දීර්ඝ කර ඇත. කාර්යබහුල නිවාඩු කාලය තුළ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ට නවාතැන් සැපයීම මෙම පියවරේ අරමුණයි. දීර්ඝ කරන ලද ඩුබායි මෙට්‍රෝ වේලාවන් මෙසේය.දෙසැම්බර් 28, සෙනසුරාදා: උදේ 5 සිට 2 දක්වාදෙසැම්බර් 29, ඉරිදා: උදේ 8 සිට 2 දක්වාදෙසැම්බර් 30, සඳුදා: උදේ 5 සිට 2 දක්වා මීට අමතරව, ඩුබායි මෙට්‍රෝ සහ ඩුබායි ට්‍රෑම් රථ දෙකම අලුත් අවුරුදු දිනයේදී පැය 43ක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඩුබායි මෙට්‍රෝ දෙසැම්බර් 31 උදේ 5 සිට ජනවාරි 2 මධ්‍යම රාත්‍රිය දක්වා නොනවත්වා ධාවනය වන අතර…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) අලුත් අවුරුදු සැමරුම් සඳහා පහසුකම් සැලසීම සඳහා දෙසැම්බර් 31 සහ ජනවාරි 1 යන දිනවල පොදු බස් සේවාවන්හි වෙනස්කම් ප්‍රකාශයට පත් කර ඇත. Al Ghubaiba බස් නැවතුම්පොළේ සිට E100 මාර්ගය සහ Al Jafiliya බස් නැවතුම්පොළේ සිට E102 මාර්ගය මෙම කාලය තුළ අත්හිටුවනු ලැබේ. අබුඩාබි සහ ෂබියා මුසාෆා වෙත ගමන් කිරීම සඳහා ඉබන් බතූතා බස් නැවතුම්පොළේ සිට E101 මාර්ගය භාවිතා කරන ලෙස මගීන්ට උපදෙස් දී තිබේ. මීට අමතරව, RTA විසින් දෙසැම්බර් 31 වන දින අලුත් අවුරුදු උත්සව සඳහා Burj Khalifa වෙත සහ ඉන් පිටතට නොමිලයේ බස් සේවා ලබා දෙනු ඇත. Al Wasl Club, Al Kifaf,…
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙමගින් 1.සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම 2.විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම 3.සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම ඇතුළු යෝජනා රැසකි. සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4 ක් වන මෙම ව්‍යාපෘතිය සඳහා බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. මීට අදාළ සාකච්ඡාවක් ඊයේ(27) පෙරවරුවේ…