Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»ඇමරිකානු බදු හේතුවෙන් ලංකාවේ ඇඟලුම් ඇණවුම් පිළිබඳ කර්මාන්තකරුවන් දෙගිඩියාවක
Sri Lankan Exports

ඇමරිකානු බදු හේතුවෙන් ලංකාවේ ඇඟලුම් ඇණවුම් පිළිබඳ කර්මාන්තකරුවන් දෙගිඩියාවක

kumudikaBy kumudikaApril 22, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් අපනයන කරන භාණ්ඩ සදහා යෝජනා වී තිබෙන 44% ක තීරු බද්ද, දිවයිනේ ඇගළුම් කර්මාන්තය අස්ථාවර තත්ත්වයකට ඇද දැමීමේ අවදානමක් නිර්මාණය කර තිබේ.

බද්ද පැනවීම දින අනූවකට කල් දැමීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය හේතුවෙන් බද්ද පැනවූ මුල් අවස්ථාවේ දී ඇති වූ දැඩි ආතතියෙන් දේශපාලන අධිකාරිය නිදහස් කර තිබුනද, කර්මාන්තකරුවන් තුළ වර්ධනය වූ සැකය මුළුමනින්ම තුරන් කර දැමීමට එය හේතුවක් වී නැත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනී රාජිතා ජයසූරිය මහත්මිය සඳහන් කර තිබුනේ මේ අවස්ථාවේ දී විශාල ලෙස සිදු වන “ඇඟළුම් ඇණවුම් අවලංගු කිරීමක්” වාර්තා නොවන බවයි. නමුත් ඇතැම් ඇණැවුම්කරුවන් දැනට ක්‍රියාත්මක වන 10% ක තීරු බද්ද සදහා හවුල්වන ලෙස නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම, ට්‍රම්ප් විසින් පනවා තිබෙන තීරු බද්ද ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව වඩා වැඩි පැහැදිලිකිරීමක් ලැබෙන තෙක්, ඇතැම් ඇණවුම්කරුවන්, නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.

ඇණවුම් අත්හිටුවන ලෙස ඉදිරිපත් ව තිබෙන ඉල්ලීම මේ මොහොතේ ඉතා සුළු වශයෙන් වූ ඉල්ලීමක් වුව ද, මෙය රැල්ලක් මෙන් පැතිර යාමේ අවදානමක් ද ඇති බව ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනිය ඩේලි පවසා තිබේ.

ට්‍රම්ප්ගේ ඉහළ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් සහ යුරෝපා සංගමයෙන් ලැබෙන ජී.එස්.පී ප්ලස් සහනය අළුත් කර ගැනීමට අදාලව රජය ගන්නා ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ සංගමය සමීප කටයුතු කරමින් සිටින බව එහි සභාපතිනිය වැඩිදුරටත් පවසා ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව රැස් වෙයි
Next Article ඩුබායි ප්‍රවාහන අධිකාරිය අප්‍රේල් මාසයේ Premium  අංක තහඩු 90ක් වෙන්දේසි කිරීමට සැරසෙයි
kumudika

Related Posts

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.