Author: kumudika

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ගොවීන් සහ ධීවරයන් සඳහා ලබා දීමට උපදෙස් දුන් පොහොර හා ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබේ. ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණි. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත. මෙම සහනාධාර ලබා දීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. මෙම යෝජනාවන් දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

Read More

ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසකට සිය නිවෙස් වලින් ඉවත් වීමට සිදුව ඇතැයි එරට අග්‍රාමාත්‍ය නජීබ් මිකාති මහතා පවසයි. ඔහු සඳහන් කළේ එය රටක් ලෙස මුහුණ පා ඇති දරුණුතම ව්‍යසනය බවයි.අඛණ්ඩව එල්ල වන ප්‍රහාර හමුවේ ජනතාවට පළා යාමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් ක‌‌ළේ ය. පැය 24 ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ලෙබනනයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 105 කි. කාන්තාවන්, ළමුන් ඇතුළු තුවාල ලැබූ සංඛ්‍යාව, 500 කට ආසන්නයි. බීරූට් අගනුවරට අමතරව සෙසු ප්‍රදේශ කිහිපයකට ද, ඊශ්‍රායලය බෝම්බ හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් හිස්බුල්ලා අණදෙන නිලධාරී අලි කරකි සහ ආගමික නායකයෙකු…

Read More

බැංකු විසින් යොමු කරන එක්වරක් පමණක් ලබාදෙන මුරපද හෙවත OTP කිසිදු හේතුවක් මත වෙන අය සමඟ හුවමාරු නොකරගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෑත කාලීනව සිදු වූ මූල්‍ය වංචා සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

Read More

හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පෙළබවීමේ දීමනාව පසුගිය 22 දක්වා හිමි වන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. හිටපු ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පසුගිය 22 දායින් පසුව ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නොයෙදෙන බැවින් ඔවුන් හට ගෙවනු ලබන පෙලබවීමේ දීමනාව පසුගිය 22 දින දක්වා පමණක් හිමි වන බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ලිපියක් මගින් දැනුම් දී තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි,ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම දීමනාව ගෙවීම නතර කර නොමැති ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර තුනක සියලු ආකෘති වල ක්‍රිකට් තහනමක් පැනවෙනු ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. දික්වැල්ල අවසන් ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක භාවිත කල බවට එල්ල වී ඇති චෝදනා මත මෙම තහනම පැනවීමට නියමිත බව සඳහන් ය.

Read More

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආපනශාලා කෑම වර්ග වල මිළ ගණන් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් මහතා පැවසීය. ඒ අනුව බිත්තර කෑම, රයිස් සහ කොත්තුවක මිල රුපියල් 40 කින් අඩු කෙරෙන බව වාර්තා වේ. බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දැමීමට නියමිතය.බිත්තර රොටියක මිල ද රුපියල් 30 කින් පහත දමන බව වැඩිදුරටත් සඳහන් වේ.

Read More

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයට පෙර කර තිබූ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇති බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) විශේෂ වාර්තාවක් පළ කරමින් පෙන්වා දී තිබේ. පසුගිය වසරේ පැවති ආණ්ඩුව විසින් බදු අනුපාත ඉහළ දැමීමෙන් පසුව උපයන විට ගෙවීමේ බද්දෙන් ලද ආදායම (2023 දී) රුපියල් බිලියන 144 කි.නමුත් රජය එම බද්දෙන් ලබා ගැනීමට අපේක්ෂා කළේ රුපියල් බිලියන 100 ක ආදායමකි. රුපියල් බිලියන 44 ක් වැඩිපුර එම බද්ද මගින් 2023 දී රජය උපයා තිබුණු බවද එම වාර්තාව වැඩිදුරටත්…

Read More

ජනාධිපති ගරු අනුර දිසානායක මහතාගේ නව රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් මෙම සතියේ සිදු කිරීමට නියමිත බව සඳහන් ය. ඒ සඳහා මුල්‍ය අරමුදලෙන් නියෝජිතයන් ලබන අගහරුවාදා දින මෙරටට පැමිණීමට නියමිත වේ. ශ්‍රී ලංකාවට එම අරමුදලින් ලබා දෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමඟ මෙහිදී අදහස් හුවමාරු කර ගැනෙනු ඇත.

Read More

සාර්ථක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකින් පසුව, පැමිණීම් සහ පිටවීම් සඳහා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන Zayed ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (AUH) උතුරු ධාවන පථය (13L/31R) ඉක්මනින් නැවත විවෘත කරන බව අබුඩාබි ගුවන් තොටුපළ නිවේදනය කර ඇත. උතුරු ධාවන පථ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ සැලකිය යුතු වැඩිදියුණු කිරීම් මාලාවක් සිදු විය. කල්පැවැත්ම සහ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා තාර ටොන් 210,000 කින් ධාවන පථය ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කළ ආරක්‍ෂාව සඳහා නව, අතිරික්ත භූ දෘශ්‍යතා නිරීක්ෂණ පද්ධතියක්, වැඩිදියුණු කළ මෙහෙයුම් නිරවද්‍යතාවය සඳහා අති නවීන උපකරණ ගොඩබෑමේ පද්ධතියක් (ILS) සහ පරිසර හිතකාමී LED තාක්‍ෂණයෙන් 1,200 කට අධික බලශක්ති ගුවන් තොටුපළ විදුලි පහන් ප්‍රතිස්ථාපනය කිරීම මේවාට ඇතුළත් වේ.…

Read More

රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලට රාජ්‍ය ලාංඡනය යොදා එම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම යෙදවීමට අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කිරීමට රජය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමුකර ඇත්තේ වාහන අවභාවිතය වැළැක්වීම සඳහා ය.වාහනවලට රාජ්‍ය ලාංඡනය සහ අදාළ රාජ්‍ය ආයතනයේ නම යෙදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිකුත් කර ඇත්තේ 2002 වසරේදී ය. එම චක්‍රලේඛය නිකුත්කර ඇත්තේ රාජ්‍ය ලාංඡන යෙදීම සම්බන්ධයෙන් 1992 වසරේ නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමිනි. 1992 වසරේ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබී ඇත්තේ වාහන වලට රාජ්‍ය ලංඡනය යෙදීම සම්බන්ධයෙන් පමණි. එම උපදෙස් ද නිසි ලෙස අනුගමනය කර නොමැති බව පෙනී ගොස් තිබෙන බව…

Read More