Author: kumudika
මහ මැතිවරණයත් මාලිමාව ජය ගත යුතුයි – මල්වතු නා හිමිගෙන් ප්‍රකාශයක් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයත් ජයග්‍රහණය කර පවතින මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යා යුතු බව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ සඳහන් කරති. අගමැති හරනි අමරසූරිය මෙනවිය දළදා වහන්සේ වැද පුදා ගනිමින් මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත. මෙරට ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් දිළිඳුකම වැඩි වූ විට අපරාධ වැඩිවෙන බවත් පැවසූ උන්වහන්සේ දැනට වැසී ගොස් ඇති කර්මාන්ත යළි ආරම්භ කළ යුතු බවද කියා සිටියහ. මෙරට රාජ්‍ය නිලධාරීන් කලින් වැඩ නොකළ බවද පැවසූ උන්වහන්සේ නායකත්වය සෘජුව යන විට අනෙත්…
සනත් ජයසූරිය මහතා ශ්‍රි ලංකා ක්රිකට් කණ්ඩායමේ ස්ථිර පුහුණුකරු ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම වසරක කාලයක් සදහා සිදු කර ඇත. ඔහු ගත වූ කාලයේදී ශ‍්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම ඔහුගේ සේවා කාලය දිගු කිරීමට හේතුව තිබේ.
මෙම යෝග්‍යතා ඉසව්ව අද උදෑසන 7.00 ආරම්භ විය. අල් බරහාහි DEWA දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වූ මෙම ඉසව්ව ඩුබායි පොලිසිය විසින් සංවිධානය කරන ලදී. මෙම ප්‍රජා ධාවන තරඟයේ අරමුණ වන්නේ ඩුබායි වැසියන් විනෝදජනක සහ සෞඛ්‍ය සම්පන්න අත්දැකීමක් සඳහා එක් කිරීමයි. සහභාගිවන්නන් තුල විනෝදය, යෝග්‍යතාවය සහ ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කරමින් දර්ශනීය මාර්ගයක් තුල ධාවනයේ නිරත වීමට හැකිවේ. මෙම ධාවන තරඟයට සියලු වයස්වල පුද්ගලයින් සහභාගි වූහ.
ඩුබායි පොලිසිය ඩ්‍රෝන් බෝට්ටු ලෙස හැඳින්වෙන ඔවුන්ගේ මිනිසුන් රහිත USV වාහන සැලසුම් කිරීම සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ට්‍රයිඩන්ට් ඉංජිනේරු සහ මැරීන් සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) මෑතකදී අත්සන් කළේය. මෙම ඩ්‍රෝන් බෝට්ටු “එමිරේට්ස් හි ජල ප්‍රදේශ වල ආරක්‍ෂක ආවරණය” ඉහළ නැංවීමට සූදානම් කර ඇත.මෙම අවබෝධතා ගිවිසුම ඩුබායි පොලිසියේ හඩාඩ් හි ස්මාර්ට් බෝට්ටුවේ අඛණ්ඩ ප්‍රගතියේ කොටසකි. ඩුබායි පොලිසියට අනුව, එය කලාපයේ පළමු ව්‍යාපෘතිය වේ. ඩුබායි පොලිසිය වෙනුවෙන් මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ආචාර්ය සාලේ අබ්දුල්ලා මුරාද් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, “හඩාඩ් ව්‍යාපෘතිය පදනම් වී ඇත්තේ පුළුල් අධ්‍යයනයන්, පර්යේෂණ, සංචාරයන් සහ විවිධ අදාළ ආයතන සමඟ ඒකාබද්ධ සම්බන්ධීකරණයක්…
අපහාස කිරීම් සම්බන්ධ වැරදි සඳහා ඩුබායි පොලිසිය Dh500,000 දක්වා දඩ පිළිබඳ සිහි කැදවයි ඩුබායි පොලිසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාලය හරහා සිදු කරන විවිධ අපහාස, සහ මඩගැසීමේ කටයුතු සඳහා නීතිමය දඬුවම් පිළිබඳව සිහි කැඳවීමක් නිකුත් කර ඇත. සමාජ මාධ්‍ය හෝ වෙනත් මාර්ගගත වේදිකා හරහා එවැනි හැසිරීම් වල නියැලීමෙන් ඇති විය හැකි දැඩි දඬුවම් පිළිබඳව දැනුවත් වන ලෙස ජනතාවගෙන් පොලිසිය ඉල්ලා තිබේ. කටකතා සහ සයිබර් අපරාධවලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතියට අනුව, තොරතුරු ජාලයක්, තොරතුරු තාක්‍ෂණයක් හෝ තොරතුරු පද්ධතියක් හරහා අන්‍යයන්ට අපහාස කරන හෝ අපකීර්තියට පත් කරන පුද්ගලයන්ට සිරදඬුවම් සහ Dh250,000 සිට Dh500,000 දක්වා දඩයකට මුහුණ දීමට සිදු වේ. රාජ්‍ය…
හිටපු ජනාධිපතිවරු ඇතුළු ප්‍රභූවරුන්ට දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් ලබන සඳුදා (30) පැවැත්වීමට නියමිත බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.එහිදී දැනට ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින තර්ජන පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතය. පසුව ඔවුන්ට දැනට ලබා දී ඇති ආරක්ෂාව අඩුකරන්නේද නැද්ද යන්න පිළිබඳව එකඟතාවකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.ශ්‍රී දළදා මාලිගාව,ශ්‍රී මහා බෝධිය වැනි ස්ථාන වලට දැනට යොදවා ඇති ආරක්ෂාව අඩුකිරීමක් සිදු නොකරන බව පැවසීය. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව මේ වන විට ඉවත් කර තිබේ.
දැනට නතර වී පවතින යුක්තිය මෙහෙයුම නැවත ආරම්භ කරන බව නව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. එහි යම් අඩුපාඩු තිබූ බවත් ඒවා නිවැරදි කරගෙන පොලිස් අණපනත් වලට අනුව එම මෙහෙයුම ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඇදහිය නොහැකි ඉල්ලීම් රැසක් කර ඇති බවට වාර්තා වේ. ඔහු ජනාධිපති ලේකම්වරයාට ලිපියක් ලියමින් රනිල්ගේ වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂක කොට්ඨාශයක් පිහිටුවන ලෙස ඉල්ලා ඇත. ඒ මහතා ඉල්ලා තිබෙන ආරක්ෂක භටයින් සංඛ්‍යාව 163 කි. ඊට අමතරව සුපවේදීන් 15කට වැඩි පිරිසක්, කුඩ 30ක්, වෛද්‍ය නිලධාරීන් 6ක්, පරිඝණකයක්, ප්‍රින්ටර් එකක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් ද මෙම ඉල්ලීම් අතරට ඇතුලත් ය. ප්‍රශ්නගත කාරණය නම් විශ්‍රාම ලබා සිටින ජනාධිපතිවරවරයෙක් ට මෙතරම් දැවැන්ත කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂාවක් කුමටද යන්නයි. වත්මන් ජනපති අනුර දිසානායක මහතා අවම ආරක්ෂාවක් සහ අවම පහසුකම් ලබා සිටින අතරතුර හිටපු ජනපතිවරයාට…
ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි. මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට අමරිකානු වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත විය.ඔහු මිය යන විට 74 හැවිරිදි වියෙහි වූයේය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කුමාර වෙල්ගම මහතා ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව වැඩිදුරටත් සඳහන් වේ.