Author: kumudika

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.7කි.සැප්තැම්බර් මාසයේදී එය සටහන් වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක් ලෙසයි. චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා දුන් ඩොලර් බිලියන 1.4 ක මුදලද මීට ඇතුළත් බව සඳහන් වේ.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ තීරණාත්මකව ජනාධිපතිවරයාට සහාය නොදක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබා ගෙන සිටීම කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් ඔවුන් තමන් මැතිවරණය සම්බන්ධව ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශ්ව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවයි. එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මේ…

Read More

ඉදිරි සතියේදී ඉන්දියාවෙන් ආනයනය කරන මිලියන 03ක බිත්තර තොගයක් දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියන් බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව ඇති බව සඳහන් ය. මීට අදාල ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර තහවුරු කර තිබේ.

Read More

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත් විය.එය මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ප්‍රකාශ කළේය. 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534 කි.කෙසේ වෙතත් මේ වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේදීය. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975 කි.…

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවක (caregiver) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මේ අතර, ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීමද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කර ඇත. එම කණ්ඩායමට තරුණියන් 18 දෙනෙකු හා තරුණයින් 3 ඇතුළත් වේ. මෙම පිරිස මේ මස 09 වෙනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය. ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් වලට අනුව ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ශ්‍රී…

Read More

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණ. මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වේ. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත. සමරු ඵලකය නිරාවරණය කර, සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද…

Read More

2024 නොවැම්බර් 24 වන දින Dubai Run නැවත පැමිණෙනු ඇත. ෂෙයික් සයීඩ් මාර්ගය යෝධ ධාවන පථයක් බවට පත් වේ. ලොව විශාලතම විනෝද ධාවනය ලෙස සැලකෙන, ඩුබායි Run පථය සෑම වයස් කාණ්ඩයකම ධාවකයන්, ඇවිදින්නන් සඳහා වලංගුය. ලියාපදිංචියේ ආරම්භය dubairun.com හරහා ඉක්මනින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන අතර ලියාපදිංචිය නොමිලේ වේ. සහභාගිවන්නන්ට ෂෙයික් සයීඩ් පාරෙන් ආරම්භ වන වෙනස් මාර්ග දෙකක් තෝරා ගත හැකිය. ඩුබායි Run නවකයින් සඳහා කිලෝමීටර 5 ක ධාවන පථයක් ඉදිරිපත් කරයි. වඩා පළපුරුදු ධාවකයන්ට 10km Sheikh Zayed Road මාර්ගයේ ගමන් කළ හැකිය. පසුගිය වසරේ ඩුබාය Run, 226,000 කට වඩා වැඩි පිරිසක් ආකර්ෂණය කර ගත් අතර මෙවර ඉසව්වට ඊටත් වඩා විශාල…

Read More

ඉතාලියේ පිහිටි මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් පියවර ගෙන ඇත. එම නගරයේ ජීවත්වන්නන්ගෙන් 30%ක් පමණ විදෙස් රටවලින් පැමිණි පිරිසක් වන අතර ඒ අයවලුන්ගේ බහුතරයද බංග්ලාදේශ ජාතිකයන් වෙති. එම පිරිස 90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා පැමිණ ඇත.එවැනි තහනමක් පැනවීමට හේතුව වශයෙන් එහි නගරාධිපතිනිය පෙන්වා දෙන්නේ එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වීමයි. කෙසේ වෙතත් අදාළ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරදට අසු වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව යුරෝ 100ක් දක්වාවූ දඩ මුදලක් අය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

Read More

ඩුබායි හි ඔටුන්න හිමි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය සහ ඩුබායි විධායක කවුන්සිලයේ සභාපති,ගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා විසින් ඩුබායි සඳහා නව ප්‍රධාන විධායක නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් තීරණ මාලාවක් නිකුත් කරන ලදී. සංචාරක හා වාණිජ අලෙවිකරණය සඳහා ඩුබායි සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉසාම් අබ්දුල්රහීම් කාසිම් මහතා පත් කිරීමට අදාළව 2024 අංක (54) විධායක සභා තීරණය නිකුත් කරන ලදී. පාරිභෝගික ආරක්ෂණය සහ සාධාරණ වෙළඳාම සඳහා ඩුබායි සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මොහොමඩ් අබ්දුල්ලා ෂෙල් අල්සාදි මහතා නම් කිරීමේ 2024 අංක (55) තීරණය සහ ඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුවේ ආර්ථික…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා, හෝටල් සහ ආපනශාලා වල ආහාර නාස්තිය පාලනය කිරීමට සහ අතිරික්ත ආහාර වගකීමෙන් කළමනාකරණය කිරීම සහතික කිරීමට සැලකිය යුතු පියවර ගනිමින් සිටී. එහි ප්‍රමුඛයා ලෙස, ශාන්ත රෙජිස් අබුඩාබි, ආහාර නාස්තියට එරෙහිව සටන් කිරීම සඳහා Winnow පද්ධතිය ක්‍රියාත්මක කර ඇත. හෝටලයේ දිවා භෝජන ආපනශාලාව 2024 මාස හයක් තුළ ඩිරාම් 480,620 ක සැලකිය යුතු ඉතිරියක් ලබා ගෙන ඇති අතර අපද්‍රව්‍ය ටොන් 25 කින් අඩු කර ඇත. එමීර් රාජ්‍යයේ ආහාර බැංකුව මෙම පරිසර පද්ධතිය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. හෝටල් 113ක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, ආහාර බැංකුව පුණ්‍ය පරිත්‍යාග සඳහා ආහාරයට ගත හැකි අතිරික්තය කාර්යක්ෂමව වර්ග කර ආහාරයට ගත…

Read More