එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය 52 වන ජාතික දිනය සැමරීමට සූදානම් වන විට, අබුඩාබි පොලිසිය උත්සව සමයේ මහජන සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිශ්චිත නීති රීති මාලාවක් සකස් කර ඇත. ප්‍රසිද්ධ නිවේදනයක, සියලුම පෙළපාලි සහ අහඹු රැස්වීම් නිශ්චිතවම තහනම් කිරීම ඇතුළුව පොලිසිය මාර්ගෝපදේශ නියම කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය හෝ යූනියන් දිනයට සම්බන්ධ නම් මිස වෙනත් කිසිදු කොඩියක් හෝ පෝස්ටරයක් ප්‍රදර්ශනය නොකරන ලෙස සැරසිලි සාප්පුවලට විශේෂයෙන් උපදෙස් දී තිබේ.
උත්සවය සමරන පුද්ගලයින් මාර්ග නීති දැඩි ලෙස පිළිපැදිය යුතු අතර පොලිස් නිලධාරීන් විසින් ලබා දෙන ඕනෑම නියෝගයක් නිසැකවම පිළිපැදිය යුතුය. වාහනවල හෝ පා ගමනින් හෝ පුද්ගලයන් විසින් තවත් කෙනෙකුගේ ශරීරය මතට තීන්ත, වර්ණ හෝ party spray වැනි ඕනෑම දෙයක් භාවිතා කිරීම දැඩි ලෙස තහනම් කර ඇත.
සෑම අවස්ථාවකදීම වාහන අංක තහඩු විකෘති කිරීම, වාහනවල වර්ණය වෙනස් කිරීම සහ වීදුරු අඳුරු කිරීම හෝ පැහැ ගැන්වීම පොලිසිය විසින් තහනම් කර ඇත. වාහන මත අවසර දෙනු ලබන්නේ ඇතැම් රෙගුලාසි වලට අනුකූල වන යුනියන් දින ස්ටිකර් පමණි. ජනේල මත හෝ හිරු ආවරණ මත මගීන් වාඩිවී යෑම තහනම් වන අතර වාහනවල රැගෙන යාහැකි මගී සංඛ්‍යාව ඉක්මවා රැගෙන යාම බලධාරීන් විසින් තහනම් කර ඇත.
මීට අමතරව, එන්ජින්මට හෝ දෘශ්‍යතාවට බලපෑම් කළ හැකි කිසිදු වෙනස් කිරීමක්, විශේෂයෙන් වායු විමෝචන පද්ධතියේ වෙනස් කිරීම්වලට ඉඩ නොදෙන ලෙස වාහන හිමියන්ට උපදෙස් දෙනු ලැබේ. සැමරුම් අතරතුර රථවාහන ගමනාගමනයට බාධා කිරීම හෝ මාර්ග වසා දැමීම ද තහනම් වේ.
මෙම නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් දඩ සහ දඬුවම් ලැබෙන බවයි අබුඩාබි පොලිසිය පැහැදිලි කර ඇත්තේ.
මෙම රෙගුලාසි නොවැම්බර් 27 සිට දෙසැම්බර් 4 දක්වා ජාතික දින උත්සවයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.
මාර්ගෝපදේශ මාලාව
- පෙළපාලි සහ අහඹු රැස්වීම්වලට අවසර නැත
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය හෝ ජාතික දින පෝස්ටර් හැර වෙනත් කොඩි හෝ පෝස්ටර සවි කිරීම සැරසිලි සාප්පු හිමියන්ට තහනම් කර ඇත.
- සැමරුම්කරුවන් මාර්ග නීති දැඩි ලෙස පිළිපැදිය යුතු අතර සැකයකින් තොරව පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතුය.
- ජාතික දිනයට අදාළ ගීත වලට පමණක් ඉඩ දෙමින් ගීත වාදනයේදී හඬ අවම වශයෙන් තබාගත යුතුය.
- රියදුරු, මගීන් හෝ පදිකයින් විසින් ඕනෑම ස්ප්‍රේ වර්ගයක් හෝ party spray භාවිතා කිරීම දැඩි ලෙස තහනම්ය.
- යූනියන් දිනයේදී හැර, ස්කාෆ් පැළදීම නොකරන්න.
- ඉදිරිපස හෝ පසුපස අංක තහඩු විකෘති නොකරන්න.
- කිසිම තත්වයක් යටතේ වාහනයේ වර්ණය වෙනස් නොකරන්න, වීදුරුව වර්ණ නොගන්වන්න.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැර වෙනත් කිසිදු රටක ධජ එසවීම සපුරා තහනම්ය.
- නිශ්චිත නීති සහ කොන්දේසි අනුගමනය කරමින් යූනියන් දිනයට අදාල ස්ටිකර් හැර, වාහනයේ කිසිදු ස්ටිකරයක්, සංඥාවක් හෝ ලාංඡනයක් ඇලවීමෙන් වළකින්න.
- වාහනයේ පැතිවල, ඉදිරිපස හෝ පිටුපස කවුළු ස්ටිකර්වලින් ආවරණය නොකරන්න.
- ජනේල මත හෝ හිරු ආවරණ මත මගීන් වාඩිවී යෑම තහනම් වේ.
- වාහනවල රැගෙන යාහැකි අවසර ලත් මගී සංඛ්‍යාව ඉක්මවා රැගෙන යාම නොකරන්න.
- ප්‍රධාන මාර්ග හා අභ්‍යන්තර මාර්ග දෙකෙහිම අපරික්ෂාකාරී රිය පැදවීම සඳහා සහභාගී වීම සපුරා තහනම්ය.