Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ජාතික මට්ටමේ ​ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්, ආර්ථික අපහසුතාවලින් මිදෙන්න ඩුබායිහි ගෘහ සේව​යේ
Sports

ජාතික මට්ටමේ ​ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්, ආර්ථික අපහසුතාවලින් මිදෙන්න ඩුබායිහි ගෘහ සේව​යේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 23, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රිටි පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ජාතික වාර්තා පිහිටවූ සුපිරි ක්‍රීඩිකාවක් වන සචිනි පෙරේරා ඩුබායි හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බව වාර්ථා වී තිබෙනවා. මේ දින වල දේශීය මාධ්‍යයන්හී සහ විදෙස් මාධ්‍යයන්හි මේ පිළිබඳව වැඩිපුර කථාබහක් නිර්මාණය වී තිබෙන අතර එහිදී ඇය පවසන්නේ ඇගේ පවුල නඩත්තු කිරීමට හා උදව් කිරීමට ඇයට අවශ්‍ය බවත් නැවතත් ඇයට ඇ​ගේ ක්‍රීඩාව ආරම්භ කිරීමට අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදය සහ ඉහළ යන වෛද්‍ය වියදම් හේතුවෙන් දිගුකාලීන රැකවරණයක් අවශ්‍ය වන තම මව රැකබලා ගැනීම ඇයට දුෂ්කර වූ නිසා පසුගිය වසර තුළ ඇයගේ මලල ක්‍රීඩා සිහින නවතා දමා තිබෙනවා.

ඩුබායිහි නිවසක ගෘහ සේව​යේ යෙදෙන ඇය කුඩා දරුවෙකු රැකබලා ගන්නා අතර දිවා කාලයේ නිවසේ රැකියා වැඩ කටයුතු කිරීමත් රැකියාවෙන් පසු ව්‍යායාම කිරීමටත් ඇ​ය කාලය වෙන් කරයි.

ඇය ශ්‍රී ලංකාවේ ඇයගේ පුහුණුකරු විසින් එවන ලද සතිපතා ශක්තිමත් පුහුණු කාලසටහනක් අනුගමනය කරයි.

ඇය මාධ්‍ය වෙත පවසා තිබු​ණේ “මම ඩුබායි ආවේ මගේ පවුලට විසඳුමක් හොයන්න. මගේ දෙමව්පියෝ කියනවා, ‘ඔබ ක්‍රීඩිකා​වක්, ඔබ ගෘහ සේවිකාවක් නොවේ. ​මෙ​ය ඔබේ ක්‍රීඩා ජීවිත​ය විනාශකිරීමක්’.

සචිනි​ට අවශ්‍ය වී ඇත්තේ තම රට සහ ජනතාව නියෝජනය කරමින් ලෝක තලයේ පදක්කමක් දිනා ගැනීමයි.

“මට අවශ්‍ය ශ්‍රී ලංකාවෙන් රිටි පැනීම සඳහා ජාත්‍යන්තර පදක්කමක් දිනන එකම ගැහැණු ළමයා වීමට,” ඇය පැවසුවාය.

“ගෘහ සේවිකාවක් වීම මගේ රැකියාවයි. නමුත් මගේ කාර්යය මම නොවේ – මම ජිම්නාස්ටික් ක්‍රීඩිකා​වක් සහ මලල ක්‍රීඩිකා​වක්.”

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක් ඇයව විස්තර කිරීමත් සමඟ සචිනි​ගේ තත්වය සැමගේ අවධානයට ලක් වූවා.

ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා මාධ්‍යට පවසා ඇත්තේ, වැඩි කල් යන්නට මත්තෙන්, ඇය එමීර් රාජ්‍යයේ ක්‍රීඩාවට සම්බන්ධ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

ඔහු සචිනි සමඟ පසුගියදා ඩුබායිහි ක්‍රීඩා බලධාරීන් සමඟ පැවති රැස්වීමකට ගියේ ඇයට පුහුණුවීම් කෙරෙහි අවධානය යොමු කළ හැකි විකල්ප ගවේෂණය කිරීමටය. ඒ පිළිබඳ විස්තර සකස් කරමින් පවතින බවද ඔහු පැවසීය.

සේවිකාවකගේ රැකියාවක් ලබාගෙන ශ්‍රී ලංකාව පිළිබඳ “සෘණාත්ම​ක” නිරූපණයක් ලබා දීම සම්බන්ධයෙන් ඇයව සමාජ මාධ්‍යවල සමච්චලයට ලක් කොට තිබීම පිළිබ​ඳ ඇය මෙසේ අදහස් දැක්වූවා.

“මම ඩුබායි වෙත පැමිණ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන්නේ මගේ පෞද්ගලික කැමැත්ත අනුවයි,” ඇය පැවසුවාය.

“මම එ​නකොට මගේ මලල ක්‍රීඩා ජීවිතය ගැන කවුරුත් සැලකුවේ නැති නිසා මගේ පවුල බලාගන්න මට එන්​න වුණා.”

“දැන් කියනවා ඇයි ගෘහ සේවිකාවක් විදියට යන්නේ, මම ආපහු එන්න ඕනේ කියලා.”

“මම ශ්‍රී ලංකාව ගැන දුක්බර පුවත් මවන්නේ මන්දැයි මිනිසුන් අසයි, නමුත් මම කතා කරන්නේ මගේ අම්මා සහ මගේ පවුලේ අයව බලා ගන්නා බව කීමටයි.”

සචිනි පවසන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනූ තම යහළුවන් සහ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් හඬක් නැගීමට මෙන්ම එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට ද ඇය උත්සාහ කරන බවයි.

“ඔවුන් ගැන ජනතාව දැනගත යුතුයි. මගේ එක කතාවක් විතරයි. ශ්‍රී ලංකාවේ අපට බොහෝ කථා තිබේ, ඔවුන්ට උදව් අවශ්‍යයි” ඇය පැවසුවාය.

“මට මගේ තරඟය, මගේ සිහින, මගේ අනාගතය මග හැරුණා” ඇය පැවසුවාය. “ඒක හරිම අමාරුයි.”

“සමහර වෙලාවට මම මගේ පුහුණුකරු එක්ක, මගේ තාත්තා එක්ක අඬනවා.”

“මට මගේ ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට අවශ්‍යයි.”

පුහුණුව සඳහා සහාය

ශ්‍රී ලංකා රජය ඇයගේ කතාව සැලකිල්ලට ගෙන ඇත, එනම් සචිනි​ට සතුටුදායක අවසානයක් තිබිය හැකිය.

“ශ්‍රී ලංකා ජාතික වාර්තා හිමියෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බවට අපට ආරංචි වූ විට කොන්සියුලර් නිලධාරීන් ලෙස අපට ක්‍රියා කිරීමට සිදු විය,”ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා පැවසීය.

“අපි උත්සාහ කරන්නේ ඩුබායි ක්‍රීඩා බලධාරීන්ගේ සහයෝගය ඇතිව කුමක් කළ හැකිද යන්නයි.”

“ඇයට පුහුණු වීමට කාලය අවශ්‍ය වන අතර ඇයට තම මව රැකබලා ගැනීමට ඇති නිසා උපයා ගැනීමට රැකියා අවස්ථාවක් ද අවශ්‍ය වේ.”

ක්‍රිකට් වැනි ජනප්‍රිය ක්‍රීඩා වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්​ට තම පවුලේ වෛද්‍ය වියදම් දරා ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගතහැකි නමුත් අනෙකුත් ක්‍රීඩකයින්ට ගාස්තු පියවා ගැනීමට නොහැකි විය හැකි බව ගුණසේකර මහතා පැවසීය.

“සචිනිට දක්ෂතා තියෙනවා වගේම අධිෂ්ඨානශීලීයි. ඇයගේ සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජ ශාලා හෝ පාසල්වල ඇයට වැඩ කළ හැකි බව මම විශ්වාස කරමි,”ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ජිම්, තටාක පහසුකම් භාවිතා කිරීමට සහ සෑම සතියකම පුහුණුව සඳහා ඇයව වෙරළට සහ සෆා උද්‍යානයට ගෙන යාමට කාලය ලබා දෙන ඇගේ වර්තමාන සේවා යෝජකයන්ට ස්තූතිවන්ත වන බව සචිනි පැවසුවාය.

“ඔවුන් මට හොඳට සලකනවා,” ඇය පැවසුවාය.

“ඔවුන් නිසා මම නරක තත්වයක් පසුකර ගියෙමි.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි සයිබර් අපරාධකරුවන්ගේ නවතම ඉලක්ක​ය Etisalat පරිශීලකයන්
Next Article ලොරි රථ රියදුරන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට ඩුබායිහි විවේක නැවතුම් සහ ලැගුම්හල් 19ක් ඉදිකෙ​රේ
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.