Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Cyber»UAEහි සයිබර් අපරාධකරුවන්ගේ නවතම ඉලක්ක​ය Etisalat පරිශීලකයන්
Cyber

UAEහි සයිබර් අපරාධකරුවන්ගේ නවතම ඉලක්ක​ය Etisalat පරිශීලකයන්

Stanly KularathnaBy Stanly KularathnaJuly 23, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ත්‍යාග ලබා ගැනීමට සබැඳියක් ක්ලික් කරන ලෙස etisalat පරිශීලකයන් වෙත යවන ලද phishing ඊමේල් (සංවේදී තොරතුරු සොරාගන්නා) පිළිබඳව විමසිලිමත් වන ලෙස අනතුරු අඟවා ඇත.

“හිතවත් පාරිභෝගිකයිනි, අපගේ වැඩසටහනට පක්ෂපාතී සාමාජිකයෙකු වීම නිසා අපි ඩිරාම් 220ක් ආපසු ගෙවීමට තීරණය කළෙමු” යනුවෙන් ඊමේල් අරාබි භාෂාවෙන් සඳහන් කරයි.

“ඔබ සබැඳිය​ට ක්ලික් කිරීමෙන් ඔබේ කාඩ්පතට මුදල් තැන්පත් කිරීමට ඉල්ලා සිටිය හැක.”

එක් Etisalat පරිශීලකයෙකු වන මහමුද් අල් සහලාවි, සත්‍යාපනය (verification) සඳහා විද්‍යුත් තැපෑලෙහි screenshot එකක් සමඟ සමාගමට ට්වීට් කළේය.

“මේක අලුත් වංචාවක්ද? කරුණාකර එටිසලාට් පිළිතුරු දෙන්න, ”ඔහු ට්වීට් කළේය.

etisalat හි පැරණි වෙළඳ සළකු​ණ ​සමගින් සැක සහිත විද්‍යුත් තැපෑලක් ලැබීම ගැන අනෙකුත් පාරිභෝගිකයින්ද ට්වීට් කර ඇත.

etisalat ටෙලිකොම් සමාගම සියළුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ සමාගමෙන් යැයි කියා ගන්නා අනවශ්‍ය විද්‍යුත් තැපැල් හෝ පණිවිඩ සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන ලෙසත් විමසිලිමත් වන ලෙසත්ය.

“කරුණාකර කිසිම සබැඳියක් ක්ලික් කිරීමෙන් වළකින්න සහ එවැනි විද්‍යුත් තැපෑල documents@eand.com වෙත යොමු කරන්න,” etisalat Twitter හි පිළිතුරු දුන්නේය.

phishing ඊමේල් වංචනිකයින් විසින් මුදල් හෝ පුද්ගලික තොරතුරුවලින් පුද්ගලයන් රැවටීමට භාවිතා කරයි.

සමාගමේ වෙබ් අඩවියට අනුව, පාරිභෝගිකයින්​ට ව්‍යාකරණ දෝෂ සහිත​ව, නුපුරුදු ඊමේල් ලිපින හරහා ලැබෙ​න සහ නොදන්නා මූලාශ්‍රවලින් ලැබෙන අනවශ්‍ය පණිවිඩ තොරතුරු සොරාගන්නා phishing උත්සාහයන් පිළිබඳ පැහැදිලි සංඥාවකි.

කිසියම් විද්‍යුත් තැපෑලක් හෝ පණිවිඩයක් සැකයක් ඇති කරන්නේ නම්, එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා Etisalat හි නිල පාරිභෝගික සහාය නාලිකා සම්බන්ධ කර ගැනීමට පාරිභෝගිකයන් උනන්දු කරනු ලැබේ.

වංචනික ඊමේල් වේලාසනින් හඳුනා ගැනී​ම

etisalat ට අනුව, ඔබට වංචනික ඊමේල් වලින් ආරක්ෂා විය හැකි ක්‍රම ගණනාවක් තිබේ.

  • යවන්නාගේ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘත කර එය xxx@etisalat.ae ආකාරයට ඇතිදැයි පරීක්ෂාකාරී වන අතර එය නිවැරදිව අක්ෂර වින්‍යාස කර ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් යවන්නා තහවුරු කරන්න.
  • සැක සහිත විද්‍යුත් තැපැල් ආකෘතිය පරීක්ෂා කර එය etisalat වෙතින් ලැබෙන අනෙකුත් විද්‍යුත් තැපැල්වලට සමාන බව සහතික කර ගන්න.
  • etisalat සමඟ ලියාපදිංචි වී ඇත්දැයි තහවුරු නොකර සබැඳියක් මත ක්ලික් නොකරන්න. විද්‍යුත් තැපෑල නිවැරදි සමාගමෙන් දැයි තහවුරු කර ගැනීමට පෙර කිසිදු මෘදුකාංගයක් බාගත කිරී​ම හෝ ධාවනය නොකරන්න.

හදිසි හෝ අනුකම්පාසහග​ත ඉල්ලීම් ගැන විමසිල්ලෙන් සිටින්න, වංචාකරුවන් හදිසි හැඟීමක් ඇති කිරීමට විද්‍යුත් තැපෑලේ විෂය සහ අන්තර්ගතය භාවිතා කරනු ඇත.

මෙම වසර මුලදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙලිකොම් නිරීක්ෂණ ආයතනය පාරිභෝගිකයින්ට ප්‍රසිද්ධ කුරියර් සමාගම් වලින් ලැබෙන අනපේක්ෂිත SMS පණිවිඩ තොරතුරු සොරාගන්නා වංචාවක් විය හැකි බැවින් ඒවා ගැන විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු ඇඟවීය.

සයිබර් අපරාධකරුවන්, පුද්ගලික තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින වෙබ් අඩවියකට යොමුකර​න සබැඳියක් ක්ලික් කිරීමට පරිශීලකයින් පොළඹවා ගැනීමට උත්සාහ කළ බව විදුලි සංදේශ සහ ඩිජිටල් රජයේ නියාමන අධිකාරිය පවසයි.

මෙය පසුව පාරිභෝගිකයාගේ මුදල් හෝ අනන්‍යතාවය සොරකම් කිරීමට යොදා ගනී.

මෙම තොරතුරු සොරාගන්නා උත්සාහයන් බොහෝ විට ප්‍රධාන තැපැල් සහ කුරියර් සමාගම් වලින් යැයි කියනු ලබන අතර බෙදා හැරීමේ ගාස්තු ගෙවීමට හෝ බෙදා හැරීමක් නිරීක්ෂණය කිරීමට සබැඳියක් ක්ලික් කරන ලෙස ලබන්නන්ගෙන් ඉල්ලා සිටී.

ඩුබායි පොලිසිය මාධ්‍යයට පැවසුවේ වංචාකරුවන්ට ගොදුරු වන ඕනෑම අයෙකු ඩුබායි පොලිසියේ E-crime නාලිකා​ව හරහා සිද්ධිය වාර්තා කරන ලෙසයි.

ඩුබායි පොලිසියේ සයිබර් අපරාධ අංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සයීඩ් අල් හජ්රි පැවසුවේ “ඔබගේ බැංකු තොරතුරු, දුරකථන ඇමතුමෙන් හෝ අන්තර් ජාලය හරහා බෙදා නොගැනීමට සැමවිටම මතක තබා ගන්න.

“අපි සයිබර් අපරාධ ප්‍රශ්නය මුල් අවධියේ සිටම ඉස්මතු කර ඇත්තෙමු. විශේෂයෙන්ම විදේශයන්හි සිට අපරාධ සිදු කිරීමට උපකාර වන වේගයෙන් දියුණු වන තාක්‍ෂණ​ය තුළ සයිබර් අපරාධ නිරන්තරයෙන් වර්ධන​ය වේ.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවලට අනුව එවැනි වංචාවක් සිදු කළහොත් වංචාකරුවන්ට අවම වශයෙන් වසරක සිරදඬුවමක් සහ ඩිරාම් 250,000 ($68,000) සිට ඩිරාම් මිලියනයක් අතර දඩ මුදලක් අය කෙරේ.

2021 දී රට තුළ සයිබර් අපරාධ වාර්තා කිරීම​ට පුද්ගලයින් 25,841 දෙනෙකු විසින් e-crime නාලිකා භාවිතා කර ඇත.

“e-crime නාලිකා සයිබර් අපරාධ මැඩලීමට සහ මිනිසුන්​ට වංචා කිරීමේ නව ක්‍රම හඳුනා ගැනීමට සැලකිය යුතු ලෙස උපකාරී වී තිබේ. එය භාවිතා කිරීම පහසුය,” බ්‍රිගේඩියර් අල් හජ්රි පැවසීය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි 2022 දී මාර්ග අනතුරු මරණ 343 ක්, පෙර වසරට වඩා 10% ක අඩුවීමක්
Next Article ජාතික මට්ටමේ ​ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්, ආර්ථික අපහසුතාවලින් මිදෙන්න ඩුබායිහි ගෘහ සේව​යේ
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.