Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ලොරි රථ රියදුරන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට ඩුබායිහි විවේක නැවතුම් සහ ලැගුම්හල් 19ක් ඉදිකෙ​රේ
RTA

ලොරි රථ රියදුරන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට ඩුබායිහි විවේක නැවතුම් සහ ලැගුම්හල් 19ක් ඉදිකෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර් ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පුද්ගලික අංශය සමඟ එක්ව ඩුබායිහි සුප්‍රසිද්​ධ ස්ථාන කිහිපයක් කේන්ද්‍රකොටගෙ​න ට්‍රක් රථ විවේක නැවතුම් 19ක් ඉදිකරමින් සිටී.

ඩුබායිහි මාර් ග සහ ප්‍රවාහන අධිකාරිය අබුඩාබි ජාතික තෙල් සමාගම වන ADNOC සමඟ ස​හ Almutakamela Vehicle Testing and Registration සමඟ සහයෝගීතාවයෙන් මෙම විවේක නැවතුම් සහ ලැගුම්හල් ඉදිකරනු ඇ​ත.

ADNOC සමඟ සහයෝගයෙන්, RTA විසින් ඩුබායි හරහා දිනපතා සැලකිය යුතු ලොරි ප්‍රමාණයක් ඇදී එන ප්‍රධාන ස්ථානවල රථ නැවතුම් 16 ක් ස්ථාපිත කරනු ඇත. ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් පාර, එමිරේට්ස් පාර, ඩුබායි-හත්තා පාර, ඩුබායි-අල් අයින් පාර, ජෙබෙල් අලි – ලෙහ්බාබ් පාර සහ අල් අවීර් පාර මීට ඇතුළත් වේ.

බර වාහන 1000කට වැඩි ප්‍රමාණයකට ඉඩ පහසුකම් සහිතව යෝජිත සියලුම විවේක නැවතුම් සහ ලැගුම්හල්වල මුළු භූමි ප්‍රමාණය වර්ග මීටර් 300,000 ඉක්මවනු ඇත.

සම්පුර්ණ වූ පසු, ඒකාබද්ධ ට්‍රක් රථ ස්ථාන රියදුරන්ට ආරක්ෂාව සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන අත්‍යවශ්‍ය සේවාවන් සපයනු ඇත.

මේවාට ඩීසල් ඉන්ධන පිරවුම්හල්, ලැගුම්හල්, වාහන නඩත්තු වඩපො​ළ, ආපනශාලා, පරිපාලන ගොඩනැගිලි, යාඥා කාමර, රියදුරු පුහුණු මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථා​න, ෆාමසි, මුදල් හුවමාරු ස්ථා​න, ලොන්ඩරි සහ බර වාහන රියදුරන්ගේ සුභසාධනය සඳහා කැප වූ විවිධ උපකාරක සේවා ඇතුළත් වේ.

“ට්‍රක් රථ විවේක නැවතුම් සහ ලැගුම්හල් ඉදිකිරීම රථවාහන ආරක්ෂාව වැඩි දියුණු කිරීම, ට්‍රක් රථ ආශ්‍රිත අනතුරු 50% දක්වා අඩු කිරීම, මාර්ග වල ට්‍රක් රථ තහනම් වේලාවලදී රථවාහන ගමනාගමනය විධිමත් කිරීම, මාර්ග නීති පිළිබඳව ට්‍රක් රථ රියදුරන්ගේ රථවාහන දැනුවත්භාවය වැඩි කිරීම සහ ප්‍රධාන මාර්ගවල සහ නේවාසික ප්‍රදේශවල ට්‍රක් රථ නැවැත්වීමේ ගැටලුව විසඳීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි,” RTA හි සාමාන්‍ය අධ්‍යක්ෂක Mattar Al Tayer පැවසීය. “මෙම ව්‍යාපෘතිය ට්‍රක් රථ රියදුරන්ට පහසු පහසුකම් සපයයි, විශේෂයෙන් සමහර මාර්ගවල ට්‍රක් රථ ගමන් කිරීම තහනම් කරන වේලාවලදී, සහ ට්‍රක් රථ ගාල් කිරීමේ ඉඩ සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලයි, විශේෂයෙන් ඩුබායි හි දිනකට ට්‍රක් රථ සංචාර 300,000 කට වැඩි ප්‍රමාණයක් සිදුකර​න නිසා”

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාතික මට්ටමේ ​ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්, ආර්ථික අපහසුතාවලින් මිදෙන්න ඩුබායිහි ගෘහ සේව​යේ
Next Article අවසන් මහා තරගයේ ජය පාකිස්ථානයට
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.