Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Education»නවීකරණය කල ඉලෙක්ට්‍රොනික උපාංග 10,000ක් සිසුන්ට පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
Education

නවීකරණය කල ඉලෙක්ට්‍රොනික උපාංග 10,000ක් සිසුන්ට පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Mohammed bin Rashid Al Maktoum ගෝලීය මුලපිරීමක් වන “Digital School”, Emirates Red Crescent (ERC) සමඟ සහයෝගයෙන් “Donate Your Own Device” ව්‍යාපාරය දියත් කර ඇති අතර, එමගින් භාවිතා කරන ලද උපාංග 10,000 එකතු කිරී​ම අරමුණ කරයි. තනි පුද්ගලයන් ​වශයෙන් සහ ආයතනික වශයෙන් පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ඉලෙක්ට්‍රොනික උපාංග එකතු කරනු ඇත.

එකතු කරන මෙම උපාංග නවීකරණය මගින් ප්‍රතිචක්‍රීකරණය කර ලොව පුරා සිටින අඩු වරප්‍රසාද ලත් සිසුන්ට උපකාර කිරීම සඳහා යොදා ගනු ඇති අතර ඩිජිටල් මාධ්‍ය හරහා ඔවුන්ගේ අධ්‍යාපනයට ප්‍රවේශය වැඩි දියුණු කරනු ඇත.

මෙම මුලපිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ උපදෙස් සමඟ සමපාත වන අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගතය සඳහා ඩිජිටල් අධ්‍යාපන යෙදුම්වල වැදගත්කම සහ විසඳුම් අවධාරණය කරයි. ප්‍රචාරණ ව්‍යාපාරය උත්සාහ කරන්නේ මෙම කර්තව්‍යයට සහය දැක්වීමට උනන්දුවක් දක්වන පරිත්‍යාගශීලීන්ගෙන් එක්රැස් කරගන්නා උපාංග, විශේෂයෙන් විද්‍යුත් උපාංග ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන පාසල් සිසුන්​ගේ අධ්‍යාපනය​ට ප්‍රවේශය ලබා දීමටයි.

දායක විය හැකි ආකාරය

Emirates Red Crescent සමඟ සහයෝගීව නිල පරිත්‍යාග නාලිකා හරහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික උපාංග හෝ මූල්‍ය පරිත්‍යාග ලබා දීමෙන් මුලපිරීමේ නිරත වන ලෙස “Digital School” පුද්ගලයන්ට සහ සංවිධානවලට ආරාධනා කරයි. ව්‍යාපාරයේ වෙබ් අඩවිය (donateyourowndevice.org) හරහා හෝ Etisalat පරිශීලකයින් සඳහා 2441 සහ DU පරිශීලකයින් සඳහා 3441 වෙත SMS යැවීමෙන් ද පරිත්‍යාග කළ හැකිය.

2020 නොවැම්බර් මාසයේදී අතිගරු ෂෙයික් මොහොමඩ් විසින් දියත් කරන ලද “Digital School” “පළමු පූර්ණ ඒකාබද්ධ ඩිජිටල් පාසල” ලෙස ක්‍රියාත්මක ​වේ. විශේෂයෙන්ම සුදුසු අධ්‍යාපනික තත්වයන් හෝ සම්පත් නොමැති කලාපවල, ඩිජිටල් ඉගෙනුම් අවස්ථා රහි​ත සිසුන් සවිබල ගැන්වීම එහි මෙහෙවරයි. පාසල දෙමුහුන් සහ දුරස්ථ ඉගෙනීම සඳහා ගුණාත්මක විකල්පයක් ලෙස සේවය කරයි, අඩු වරප්‍රසාද ලත් සමාජ කණ්ඩායම්, සරණාගතයින් සහ අවතැන් වූ පුද්ගලයින්ට සහාය වීම සඳහා බුද්ධිමත් සහ නම්‍යශීලී ප්‍රවේශයක් ලබා දෙයි.

“Digital School” විශේෂයෙන් දුරස්ථ සහ සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශවල ඩිජිටල් ඉගෙනුම් විකල්ප හරහා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට උත්සාහ කරයි. අඛණ්ඩව එහි ප්‍රවේශය පුළුල් කරමින්, “Digital School” දැනටමත් ජෝර් දානය, ඊජිප්තුව, ඉරාකය, මොරිටේනියාව, ලෙබනනය, කොලොම්බියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් අටකින් සිසුන් 60,000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබා ඇත. තවද, “Digital School” ඩිජිටල් ගුරුවරුන් 1,500 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව පුහුණු කර ඇති අතර එය අරාබි, ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂා හතරකින් අධ්‍යාපනික සහ පුහුණු අන්තර්ගතයන් සපයයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි මධ්‍යහ්න විවේක නීති​ය උල්ලංඝනය කල ආයතන ගනනාවකට දඩ නියම කෙ​රේ
Next Article පාසල් ආශ්‍රිත කලාපවල මාර්ග නීති හා දඬුවම් නිවේදනය කෙ​රේ
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.