Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – සුපිරි සිව්දෙනාගේ වටයට පිවි​සේ
Events

ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – සුපිරි සිව්දෙනාගේ වටයට පිවි​සේ

Stanly KularathnaBy Stanly KularathnaSeptember 6, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තර​ඟය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

එසේම දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරඟයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12 වන තර​ඟය මෙම තර​ඟයයි.

ලාහෝර්හි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්ඳුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුළු දෙකක් ලකුණු 23ක් තුළදි බිඳවැටුණි.

නමුත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් චරිත් අසලංක සමඟ එක්ව ලකුණු 102ක සබඳවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක් එක් කරමිනි. එක් අන්තයක් ආරක්ෂා කරගෙන ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 84කට ලකුණු 92ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවිගියේය.

මෙන්ඩිස්ගේ දැවියාමෙන් පසු නැවතත් ශ්‍රී ලංකා ඉනිම බි​ඳ වැටුණද දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ 8 වන කඩුල්ලට වේගවත් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසනානයේදී කඩුළු 8ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 291කි.

ලකුණු 292ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 37.1 තුළදී හඹා යෑම කළ යුතුව තිබුණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුළු තුන ලකුණු 50ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්ඳු යවන්නන් සමත්වුණේ තරගයේ ජය දෙපිලටම විවෘත කරමිනි. ශ්‍රී ලංකා පන්ඳු යවන්නන් මනාව පාලනය කළ හස්මතුල්ලා ෂහිඩි සහ රහමත් ෂා එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය.

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පිළිබඳ සිහිනය බොඳව යමින් තිබියදී පස්වන කඩුල්ල ලෙස මොහොමඩ් නබීගේ කඩුල්ල දවාගත් ශ්‍රී ලංකාව නැවතත් තර​ඟයට අවතීර්ණවිය.

එහිදී තීරණාත්මක 38 වන පන්ඳුවාරය යැවීමේ වගකීම භාර වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ධනංජය ද සිල්වා ටය. ඔහු එම වගකීම මනාව ඉටුකරමින් පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

ඒ අනුව දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

කෙසේ වෙතත් ඔහු යොමුකළ අනෙක් පන්දු දෙකම නිලකුණු පන්දු වූ අතර 4 වන පන්දුවේදී ඇෆ්ගනිස්තාන අවසාන පිතිකරුද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙන ඒමට සමත්විය.

දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබිග් ටිකට් වෙතින් ශ්‍රී ලාංකිකයෙක් ඩිරාම් මිලියන 20 ක් දිනා ගනී
Next Article සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟයෙන් පාකිස්තානු කණ්ඩායමට ජ​ය
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.