Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟයෙන් පාකිස්තානු කණ්ඩායමට ජ​ය
Events

සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟයෙන් පාකිස්තානු කණ්ඩායමට ජ​ය

Stanly KularathnaBy Stanly KularathnaSeptember 7, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තර​ඟ ආරම්භ කරමින් ලාහෝර් නුවරදී ඊයේ පැවැති තර​ඟයේදී පාකිස්තානු කණ්ඩායම විසින් බංග්ලාදේශය කඩුලු 7 කින් පරාජය කරන ලදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියල්ලන්ම ලකුණු 193 කට දැවී ගියේය. පාකිස්තානු කණ්ඩායම පන්ඳු 63ක් ඉතිරිව තිබියදී තර​ඟය ජයග්‍රහණය කරමින්, කල්වේලා ඇතිවම 1.051 ක ශුද්ධ ලකුණු වේගයක් අත්පත් කරගත්තේය

ඉමාම් උල් හක් (78) සහ මොහොමඩ් රිස්වාන් (නොදැවී 63) අර්ධ ශතක ලබාගනිමින් පාකිස්තානු පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තර​ඟයේදී පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් බංග්ලාදේශය, පාකිස්තානු පන්ඳු යවන්නන් හමුවේ පළමු ඕවර 10 නිමාවීමටත් පොරතුව, ලකුණු 47 කට කඩුලු 4 ක් අහිමි කරගත්තේය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බංග්ලාදේශයේ පැරණිතම සටන්කාමීන් දෙදෙනා වන සකිබ් අල් හසන් (53) සහ මුස්ෆිකුර් රහීම් (64) එක්ව තම කණ්ඩායම ඉදිරියට තල්ලු කළහ. එහෙත් සකිබ්ගේ දැවීයාමත් සමගින් ලකුණු 46 ක් ඇතුළත අවසන් පිතිකරුවෝ 6 හය දෙනාම දැවී ගියහ.

මුස්ෆිකුර් රහීම් දැවීයාමට මත්තෙන් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6 කට 190 ක් ලෙසිනි. එහෙත් එතැන් සිට ලකුණු 3 ක් ඇතුළත පිතිකරුවන් සිව්දෙනු දැවී යාම හේතුවෙන් ඉනිම ලකුණු 193 දී අවසන් විය. හාරිස් රවුෆ් (19/4) සහ නසීම්ෂා (34/3) එක්ව ඕවර 11ක් ඇතුළතදී කඩුලු 7 ක් බෙදාහදා ගත්හ.

සුපිරි 4 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමකටම තර​ඟ 3 ක් තිබේ. වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තර​ඟයට සුදුසුකම් ලබාගනු ඇත.

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර මේ දක්වා පවත්වා තිබෙන ආසියානු කුසලාන තරග 14 න් තර​ඟ 13 දීම ජයගෙන ඇත්තේ පාකිස්තානයයි.

සිම්බාබ්වේ පිලේ හිටපු නායකයකු වන හීත් ස්ටීක්ගේ අභාවය වෙනුවෙන් තර​ඟය ආරම්භ කිරීමට පෙර දෙපිලේම ක්‍රීඩකයෝ විනාඩි දෙකක නිහඬතාවක් පළකළහ.

බංග්ලාදේශය – ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 193 යි

(මොහොමඩ් නයීම් 20, ලිටන් දාස් 16, සකිබ් අල් හසන් 53, මුස්ෆිකුර් රහීම් 64, ශමීම් හොසේන් 16, අෆිෆ් හොසේන් 12, නීසීම් ෂා 34/3, හාරිස් රවුෆ් 19/4)

පකිස්තානය – ඕවර 39.3 කදී කඩුලු 3 ට 194 යි

(ෆකර් සමාන් 20, ඉමාම් උල් හක් 78, බාබර් අසාම් 17, මොහොමඩ් රිස්වාන් නොදැවී 63, අඝා සල්මාන් නොදැවී 12)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවට සුපිරි ජයක් – සුපිරි සිව්දෙනාගේ වටයට පිවි​සේ
Next Article ඩුබායි රජයේ සේවාවන් ඩිජිටල්කරණ අනුපාතය 99.5% දක්වා ඉහළ​ට
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.