Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකා ක්‍රිකට් ​කණ්ඩායම පිට පිටම 13 වැනි එක්දින අන්තර් ජාතික ජයග්‍රහණයත් හිමිකරගනී
Events

ශ්‍රී ලංකා ක්‍රිකට් ​කණ්ඩායම පිට පිටම 13 වැනි එක්දින අන්තර් ජාතික ජයග්‍රහණයත් හිමිකරගනී

Stanly KularathnaBy Stanly KularathnaSeptember 10, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පන්දු 72 කින් ලකුණු 93 ක් ලබාගනිමින්, නිසි වේලාවේදී නිවැරදි​ව ක්‍රියාත්මකවූ සධීර සමරවික්‍රමගේ වික්‍රමාන්විත පිතිහරඹයට ස්තුති වන්නට බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟය ජයගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තර​ඟයේදී බංග්ලාදේශය පරාජය කරමින් ලකුණු 21 ක ජයක් අත්පත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම 13 වැනි එක්දින අන්තර් ජාතික ජයග්‍රහණයත් සම්පූර්ණ කළේය.

ලෝකයේ එක්දින කණ්ඩායම් අතර එක දිගට වැඩිම තර​ඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇත්තේ, රිකී පොස්ටිංගේ නායකත්වයෙන් යුත් 2003 ඕස්ටේලියානු කණ්ඩායමයි. එය තර​ඟ 21 කි. ඊ​යේ දිනයේ ලබාගත් ජයග්‍රහණයෙන් පසුව, එම වාර්තාවේ දෙවැනි පේලිය (එක්දින තරග 13 ක්) ශ්‍රී ලංකාවේ නමට ලියැවී තිබේ. දකුණු අප්‍රිකාව (දෙවරක්) සහ පාකිස්තානය එක දිගට එක්දින තරග 12 ක් ජයග්‍රහණය කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පැවැති තර​ඟ 13 කදී ප්‍රතිවාදී කණ්ඩායම් සියල්ලම, සම්පූර්ණයෙන් දවාගෙන තිබේ. එයද අලුත්ම ලෝක වාර්තාවකි.

ක්‍රමාණුකූලව තම ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකරගත් සධීරගේ පිතිහරඹය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 257 ක් ලබාගත්තේය. අවසන් ඕවර දෙක දක්වාම උත්සාහය අත් නොහළ නමුත් බංග්ලාදේශය ලකුණු 236 කට දැවී ගියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවස්ථාව ඉතිරි කරමිනි. මෙම පරාජයත් සමගින් බංග්ලාදේශය තරඟාවලියෙන් ඉවතට විසිවීමේ එළිපත්තට පැමිණ සිටී.

ලකුණු 83 දී ලිටන් දාස් දැවී යාමෙන් පසුව, එක්වූ මුස්ෆිකුර් රහීම් (29) සහ තව්හීද් රිදෝයි (82) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඒ වෙනුවෙන් මුස්ෆිකුර් මුහුණ දුන් පන්දු සංඛ්‍යාව නිසා බංග්ලාදේශය දැඩි අපහසුතාවයකට පත්වි​ය. ලකුණු 29 ක් ලබාගැනීම වෙනුවෙන් පන්දු 48 කට මුහුණ දුන් මුස්ෆිකුර්ට එකම හතරේ පහරක් හෝ සිය ඉනිමට ඇතුළත් කිරී​මට නොහැකි විය.

දිගු කලකට පසුව දිගින් දිගටම පන්දු යැවූ නායක දසුන් ශානක, සිය ඕවර 9 දී ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත්තේය. මහීෂ් තීක්‍ෂණ (69/3) සහ මතීෂ පතිරණ (58/3) දෙදෙනාත් කඩුලු 3 ක් බැගින් දවාගත් නමුත් ඔවුන් දෙදෙනාගෙන්ම වැඩිපුර ලකුණු උදුරා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ.

දවාගත්තේ කඩුල්ලක් පමණක් වූ නමුත් දුනිත් වෙල්ලාගේ සිය ඕවර 10 ලකුණු 26 කට සීමාකර ගැනීමෙන් අවශ්‍යම වෙලාවේදී බංග්ලාදේශ පිතිකරුවන් සිරකර ගැනීමට ශ්‍රී ලංකා නායකයාට හැකිවිය.

“ඉදිරිපෙළ පන්දු යවන්නන් නැති වෙලාවේ කවුරුහරි ඉදිරියට එන්න ඕනා. මම හිතන්නේ අද මගේ දවස” යයි තර​ඟයෙන් පසුව දසුන් ශානක කීවේය. සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව සිටින දසුන්, කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් සිව් නොමැති අවස්ථාවකදී සිය විවේචකයන්ට පිළිතුරු දුන්නේ සධීර සමරවික්‍රම සමගින් එක්ව ලකුණු 60 සම්බන්ධතාවක් ද ගොඩනඟමිනි.

කාසිවේ වාසිය අහිමි වූ ශ්‍රී ලංකා පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවිය. කුසල් මෙන්ඩිස් (50) සහ පැතුම් නිස්සංක එක්ව ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත්, ඉනිමේ අඩක් නිමාව ආසන්යේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටියේ කඩුල්ලක් දැවී ලකුණු 108 කි. 40 වැනි ඕවරය නිමාවේදී ලබා සිටියේ ලකුණු 175 ක් පමණි. ඒ වන විට ලකුණු වේගය 4.40 ක් විය.

සැණෙකින් තත්ත්වය තේරුම්ගත සධීර සමරවික්‍රම, එතැන් සිට පන්දු 32 කින් ලකුණු 54 ක් ලබාගත් හෙයින් ශ්‍රී ලංකා පිලට ලකුණු 250 සීමාව පසුකර යා හැකිවිය.

30 වැනි ඕවරය නිමා වන විට, පන්දු 12 කට මුහුණ දී සිටි සධීරගේ ලකුණු සංඛ්‍යාව 08 කි. එහෙත් එතැන් සිට යැවුණු ඕවර 10 දී පන්දු 28 කින් ලකුණු 31 ක් ලබාගත් අතිරේක කඩුලු රකින්නා, අවසන් ඕවර 10 දී පන්දු 32 කින් ලකුණු 54 ක් ලබාගත්තේය. සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ සධීර, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේදී දැවී යාමට පෙර, හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සිය ඉනිමට එකතු කළේය. ඒවායින් හතරේ පහර දෙකක් හැරෙන්නට අනෙක් සියල්ල 40 වැනි ඕවරයෙන් පසුව පැමිණියේය.

ප්‍රවේශපත්වල අධික මිල ගණන් හේතුවෙන් ක්‍රීඩාගාර හිස්ව පැවතිණ. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් වාර්තාකරුවකු වන ආනන්ද් වාසු මහතා ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ පල්ලෙකැළේ තර​ඟ පැවැත්වීමෙන් පසුව වත්, ප්‍රවේශපත් මිල ගණන් සම්බන්ධයෙන් තර​ඟ සංවිධායකයන් පාඩමක් ඉගෙන ගෙන නැති බවයි. “ශ්‍රී ලංකාව සහභාගි වන තර​ඟයක් වෙනුවෙන්, සෙනසුරාදා දිනයකදීවත්, ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රේක්‍ෂකයන්ගෙන් පුරවාලීමට බැරිනම්, ස්ථිර වශයෙන්ම ප්‍රවේශපත් මිල ගණන් වල වැරදීමක් වෙලා තියෙනවා” යයි ආනන්ද වාසු මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබිණ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි නව කොන්සියුලර් ජෙනරාල්තුමා මහත් හරසරින් පිළිගනී
Next Article සාජාහි ශීත ඍතුවේ උණ රෝගය සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කෙ​රේ
Stanly Kularathna

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.