Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඉන්දියානුවන් පාකිස්තානයට එරෙහිව විශාලතම ජය ලබති
Events

ඉන්දියානුවන් පාකිස්තානයට එරෙහිව විශාලතම ජය ලබති

Stanly KularathnaBy Stanly KularathnaSeptember 12, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විරාට් කෝලිගේ (නොදැවී 122) සහ ලෝකේෂ් රාහුල්ගේ (නොදැවී 111) සුපිරි පිතිහරඹයත්, කුල්දීප් යාදව්ගේ (25/5) විශිෂ්ඨ පන්දු යැවීමත් හමුවේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟා වලියේ සුපිරි 4 දෙනාගේ වටය යටතේ පාකිස්තානයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති තර​ඟයෙන් ලකුණු 228 දැවැන්ත ජයක් වාර්තා කිරී​මට ඉන්දියාව සමත්විය. එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව ලැබූ විශාලතම ජය ලෙසද මෙය වාර්තා අතරට එක්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 357 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 32 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. සිය එක්දින දිවියේ දෙවැනි හොඳම පන්ඳු යැවීම ප්‍රදර්ශනය කළ යාදව් ඕවර 8 ක් යවමින් ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගත්තේ පාකිස්තාන ඉනිම අඩපණ කරමිනි.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු 50 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 27ක් රැස්කළ අතර අගා සල්මාන් සහ ඉතිකර් අහමඩ් ලකුණු 23 බැගින් රැස්කළහ. ආබාධයන්ට ලක්වීම හේතුවෙන් පාකිස්තාන ඉනිමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වූ නසීම් ෂා සහ හාරිස් රවුෆ් පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණියහ.

වර්ෂාව හේතුවෙන් පෙරදි​න රාත්‍රී 8.45 ට නතර කළ තර​ඟය යළිත් ඊ​යේ පස්වරු 4.40 ට ආරම්භ කෙරුණු අතර ඒ වන විට ඉන්දියාව ඕවර 24.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. තර​ඟය යළිත් ආරම්භ වූ මොහොතේ සිට පාකිස්තාන පන්ඳු රකින්නන් වෙහෙසට පත්කළ කෝලි සහ රාහුල්, ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 356 ක් දක්වා ඔසවා තැබූහ.

ඔවුන් දෙදෙනා එක්ව මෙම තර​ඟයේදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 194 කදී ගොඩනැගු ලකුණු 233 ක නොබිඳුණ සම්බන්ධතාව එදා මෙදා තුර ආසියානු කුසලාන තරඟාවලියක ඕනෑම කඩුල්ලක් සඳහා ඉන්දීය පිතිකරුවන් දෙදෙනකු එක්ව ගොඩනැගූ ඉහළම සම්බන්ධතාවද විය. පන්දු 106 කදී වාර්තා වූ රාහුල්ගේ 6 වැනි එක්දින ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය.

එහිදී පන්දු 94 කට මුහුණදුන් කෝලි හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලබාගත් ශතකය, ඔහුගේ 47 වැනි එක්දින ශතකය මෙන්ම 77 වැනි ජාත්‍යන්තර ශතකයද විය. මෙම ශතක ලබාගැනීමත් සමග එක්දින ලකුණු 13000 සිමාව පසුකර යෑමටද කෝලි සමත් වූ අතර මේ වන විට ඔහු වැඩිම ලකුණු ලබාගත් එක්දින පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයේ පසුවේ. සචින් ටෙන්ඩුල්කාර් (18,426), කුමාර් සංගක්කාර (14,234), රිකී පොන්ටින් (13,704) සහ සනත් ජයසූරිය (13,430) එම ලැයිස්තුවේ මුල් ස්ථාන 4 ට හිමිකම් කියති.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 121 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ නායක රෝහිත් ශර්මා (56) සහ ශුන්ගිල් (58) ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 49 කට මුහුණදුන් ශර්මා හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 52 කදී වාර්තා වූ ගිල්ගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.

ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ෆාහිම් අම්රෆ් අතට උඩ පන්ඳුවක් ලබා දෙමින් ශර්මා දැවී යෑමත් සමග ඉන්දීය පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. ශහීන් අෆ්රිඩිගේ පන්ඳුවක් හමුවේ ශුන් ගිල් දැවී ගියේ කවර් කළාපයේ පන්ඳු රකිමින් සිටි ආගා සල්මාන් අතට පහසු උඩ පන්ඳුවක් ලබා දෙමිනි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනිදහස් කලාප සේවකයන්ට​ත් දැන් විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායක වි​ය හැකියි
Next Article කටාර් රාජ්‍යයේ හා ඩුබායිහි රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචාක​ල වංචාකරුවන් අත්අඩංගුවට
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.