Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»කටාර් රාජ්‍යයේ හා ඩුබායිහි රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචාක​ල වංචාකරුවන් අත්අඩංගුවට
Foreign Employment

කටාර් රාජ්‍යයේ හා ඩුබායිහි රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචාක​ල වංචාකරුවන් අත්අඩංගුවට

Stanly KularathnaBy Stanly KularathnaSeptember 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රු.1,629,000.00 මුදලක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.09.09 දින අත්අඩංගුවට ගෙන තිබේ.

එප්පාවල ප්‍රදේශයේ පදිංචි මලිත් සඳරුවන් බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් රු.120,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 6ක් ලැබුණු අතර, එම පැමිණිලි අනුව මෙම සැකකරුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා මුදල් අයකිරීමේ චෝදනාව මත අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇපයක් මත මුදාහරින ලදී. ඉදිරි නඩු විභාගය 2024.02.12 දින කැඳවීමට නියමිතයි.

මේ අතර තවත් සිද්ධියකදී ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව හෝ මුදල් යළි නොදුන් බවට කාර්යාංශය වෙත ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියදා (2023.09.11) අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාරිය අනුරාධපුර ප්‍රදේශයේ ලක්ෂාන් විදේශ රැකියා ආයතනය නමින් කාර්යාංශයේ වලංගු විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය මගින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොතිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගියදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023.09.25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියානුවන් පාකිස්තානයට එරෙහිව විශාලතම ජය ලබති
Next Article UAEහි, රසදිය මගින් ක්‍රියාත්මක වන උෂ්ණත්වමාන, රුධිර පීඩන උපාංග ආනයනය, භාවිතය තහනම් කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.