ඕමානයේ ජාතික ප්‍රවාහන සමාගමක් වන Mwasalat විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය බස් සේවාවන් ඔක්තෝම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.
සමාජ මාධ්‍ය වේදිකාවක් වන X වෙත නිවේදනය කරමින් සමාගම පැවසුවේ ඕමාන වැසියන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි සහ අල් අයින් වෙත සංචාරක සම්බන්ධතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කලේ Covid-19 වසංගතය හේතුවෙන් මෙම සේවා තාවකාලිකව අත්හිටුවීමකින් පසුවයි. සේවාව නතර කිරීමට පෙර Mwasalat විසින් ඩුබායි සහ මස්කට් අතර මෙම බස් සේවාව ක්‍රියාත්මකව පැවතිණි.
මස්කට් සිට අබුඩාබි දක්වා එක් දිශාවකට ප්‍රවේශ පත්‍රයක මිල ඕමාන් රියාල් 11.5 (ඩිරාම් 109) වන අතර ගමන් මලු දීමනාවක් කිලෝග්‍රෑම් 23 කි. මීට අමතරව, මගීන්ට කිලෝග්‍රෑම් 7 ක අතේ ගෙනයා හැකි ගමන් මලු දීමනාවක්ද ලැබෙනවා.
අබුඩාබි හි වෙසෙන ව්‍යාපාරිකයෙකු වන අතීක් අහමඩ් පැවසුවේ තමා නිරන්තරයෙන් මස්කට් වෙත යන බැවින් මෙම පුවත තමාට සහනයක් බවයි. “මේ දිනවල ඕමාන් වෙත ගුවන් ගාස්තු වැඩි නිසාත්, ඩුබායි සිට පැමිණෙන බස් සීමිත නිසාත් ඕමානයට යන එක ගොඩක් අමාරු වුණා. දැන් මේ සේවාව අබුඩාබියෙන් හඳුන්වලා දෙන නිසා අපි පැය 5කින් මස්කට් වෙත ළඟා වෙනවා” අහමඩ් පැවසීය.
ගූගල් සිතියම් මත, අබුඩාබි සිට මස්කට් දක්වා ගමනේ කාලසීමාව පැය 4 විනාඩි 47 ක් පමණ ගත වේ. ඕමානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නිතර යන එන ප්‍රසාද් පැවසුවේ “ආගමන සහ අනෙකුත් සේවාවන් සලකා බැලීමේදී ගමන පැය හයක් පමණ වනු ඇති බවයි.
“ඒක ලොකු ආරංචියක්! ගමන හරිම දර්ශනීයයි. ඕමානයේ සංචාරකයින්ට දැන් අබුඩාබියේ ආශ්චර්ය බලන්න පුළුවන්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ටත් වැඩි වියදමකින් තොරව ඕමානයේ දර්ශනීය සුන්දරත්වය විඳින්න පුළුවන්” ප්‍රසාද් පැවසීය.