Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»ඕමාන්-UAE බස් සේවාව යළි ඇරඹේ
Transport

ඕමාන්-UAE බස් සේවාව යළි ඇරඹේ

Stanly KularathnaBy Stanly KularathnaSeptember 29, 2023Updated:September 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕමානයේ ජාතික ප්‍රවාහන සමාගමක් වන Mwasalat විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය බස් සේවාවන් ඔක්තෝම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වේදිකාවක් වන X වෙත නිවේදනය කරමින් සමාගම පැවසුවේ ඕමාන වැසියන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි සහ අල් අයින් වෙත සංචාරක සම්බන්ධතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කලේ Covid-19 වසංගතය හේතුවෙන් මෙ​ම සේවා තාවකාලිකව අත්හිටුවීමකින් පසුවයි. සේවාව නතර කිරීමට පෙර Mwasalat විසින් ඩුබායි සහ මස්කට් අතර මෙම බස් සේවාව ක්‍රියාත්මක​ව පැවතිණි.

මස්කට් සිට අබුඩාබි දක්වා එක් දිශාවක​ට ප්‍රවේශ පත්‍රයක මිල ඕමාන් රියාල් 11.5 (ඩිරාම් 109) වන අතර ගමන් මලු දීමනාවක් කිලෝග්‍රෑම් 23 කි. මීට අමතරව, මගීන්ට කිලෝග්‍රෑම් 7 ක අතේ ගෙනයා හැකි ගමන් මලු දීමනාවක්ද ලැබෙනවා.

අබුඩාබි හි වෙසෙන ව්‍යාපාරිකයෙකු වන අතීක් අහමඩ් පැවසුවේ තමා නිරන්තරයෙන් මස්කට් වෙත යන බැවින් මෙම පුවත තමාට සහනයක් බවයි. “මේ දි​නවල ඕමාන් වෙත ගුවන් ගාස්තු වැඩි නිසාත්, ඩුබායි සිට පැමිණෙ​න බස් සීමිත නිසාත් ඕමානයට යන එක ගොඩක් අමාරු වුණා. දැන් මේ සේවාව අබුඩාබියෙන් හඳුන්වලා දෙන නිසා අපි පැය 5කින් මස්කට් වෙ​ත ළඟා වෙනවා” අහමඩ් පැවසීය.

ගූගල් සිතියම් මත, අබුඩාබි සිට මස්කට් දක්වා ගමනේ කාලසීමාව පැය 4 විනාඩි 47 ක් පමණ ගත වේ. ඕමානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නිතර යන එන ප්‍රසාද් පැවසුවේ “ආගමන සහ අනෙකුත් සේවාවන් සලකා බැලීමේදී ගමන පැය හයක් පමණ වනු ඇති බවයි.

“ඒක ලොකු ආරංචියක්! ගමන හරිම දර්ශනීයයි. ඕමානයේ සංචාරකයින්ට දැන් අබුඩාබියේ ආශ්චර්ය බලන්න පුළුවන්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ටත් වැඩි වියදමකින් තොරව ඕමානයේ දර්ශනීය සුන්දරත්වය විඳින්න පුළුවන්” ප්‍රසාද් පැවසීය.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි දින 3ක සති අන්තයේ නොමිලේ වාහන නැවැත්වීම නිවේදනය කරයි
Next Article UAEහි අනිවාර්ය විරැකියා රක්ෂණ සඳහා දායකත්වය ලබාගැනීමේ අවසාන දිනය හෙටයි : දඩය ඩිරාම් 400   
Stanly Kularathna

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.