Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»UAEහි, සංචාර​ක වීසා දීර්ඝ කළ හැක්කේ එක් වරක්, දි​න 30කට පමණයි
Visa

UAEහි, සංචාර​ක වීසා දීර්ඝ කළ හැක්කේ එක් වරක්, දි​න 30කට පමණයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) පවසා ඇත්තේ UAEහි සංචාර වීසා දීර්ඝ කිරීම දැන් සිදුකළහැක්​කේ ඩිරාම් 750 ක ගාස්තුවක​ට යටත්​ව දින 30 ක කාලයක් සඳහා පමණක් බවයි.

නිල ආරංචිමාර්ග තහවුරු කොට ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඥාතියෙකු හෝ මිතුරෙකු හමුවීමට, එක් ප්‍රවේශ හෝ බහුප්‍රවේශ, දින 30ක්, 60ක් හෝ 90ක වීසා බලපත්‍රයක් ඇති අයට දැන් එය දින 30ක කාලයක් සඳහා පමණක් දීර්ඝ කිරීමට හිමිකම් ඇති බවයි. එක් වරක් සංචාරය කිරීමේ වීසා බලපත්‍රයක් දින 30 කට පමණක් දීර්ඝ කිරීමේ තීරණය සති කිහිපයකට පෙර නිකුත් කරන ලද අතර එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් නිකුත් කරන ලද තීරණයකට අනුව ක්‍රියාත්මක වන බව එම ​ආරංචිමාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

“UAEICP” ස්මාර්ට් යෙදු​මේ​ද ස්මාර්ට් නාලිකා හරහා දින 30 ක් සහ එක් වරක් පමණක් වීසා බලපත්‍රය දීර්ඝ කිරීමේ හැකියාව විදේශික සංචාරකයින්ට අධිකාරිය ඉඩ ලබා දෙයි.

අධිකාරියට අනුව, වීසා දීර්ඝ කිරීම සඳහා අනුග්‍රහය දක්වන පුද්ගලයා රට තුළ සිටීම අවශ්‍ය වන අත​ර සේවා අයදුම්පත ඉදිරිපත් කිරීමේදී ගමන් බලපත්‍රයේ වලංගුභාවය මාස හයකට නොඅඩුව තිබි​ය යුතු වේ. දින 30 ක කාලයක් සඳහා ඥාතියෙකු හෝ මිතුරෙකු හමුවීමට වීසා ගාස්තු වල වටිනාකම ඩිරාම් 750 වේ. ඒ නිකුත් කිරීමේ ගාස්තුව ඩිරාම් 500ක්, අයදුම්පත සඳහා ඩිරාම් 100, ස්මාර් ට් සේවා ගාස්තුව ඩිරාම් 100 සහ රක්ෂණ සහ අධිකාරී ගාස්තු සඳහා ඩිරාම් 50 ලෙසයි.

ඥාතියෙකු හෝ මිතුරෙකු හමුවීමට වීසා නිකුත් කිරීම සඳහා කොන්දේසි කිහිපයක් පවතින බව අධිකාරිය සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත. සංචාරකයාගේ ඥාතියෙකු හෝ මිතුරෙකු වීම ඇතුළුව අධිකාරිය විසින් තීරණය කරනු ලබන විධිවිධානවලට අනුකූලව රට තුළ පදිංචි පුරවැසියෙකු හෝ විදේශිකයෙකු වීමත්, ඥාතීත්වය පිළිබඳ සාක්ෂි සහ සංචාරයේ අරමුණ සඳහා යුක්තිසහගත හේතු ​ඇමිණීමත්, සංචාරයේ අරමුණ අනුව තීරණය කරන ලද මූල්‍ය ඇපකරයක් තැබීමත් ඇතුලත් වෙනවා.

දත්තවල අඩුපාඩු හෝ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අයදුම්පත නැවත ලබා දෙන්නේ නම් දින 30 කට පසු අයදුම්පත විද්‍යුත් ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරන බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය. දත්තවල අඩුපාඩු හෝ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අයදුම්පත තුන් වරක් නැව​ත ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප වනු ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleWhatsApp, එක දුරකථනයක ගිණුම් දෙකක් භාවිතා කිරීමට ඉඩ ලබාදෙයි
Next Article අබුඩාබිහි අනවසර එළිමහන් අවන්හල් ආසන යෙදීමට එරෙහි​ව ඩිරාම් 5,000 දඩයක්
Stanly Kularathna

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.