Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකා​වේ ජයග්‍රහනයත් සම​ග ප්‍රසාද ලකුණු සටහනේ පියවර 2 ක් ඉදිරියට
Events

ශ්‍රී ලංකා​වේ ජයග්‍රහනයත් සම​ග ප්‍රසාද ලකුණු සටහනේ පියවර 2 ක් ඉදිරියට

Stanly KularathnaBy Stanly KularathnaOctober 22, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගවලදී නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව කඩුළු 5 ක ජයක් ලැබීමත්, එංගලන්තයට එරෙහිව ලකුණු 229 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාවත් සමත්වීම සමග ප්‍රසාද ලකුණු සටහනේ පියවර 2 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය.

පරාජයන්ගෙන් පිරුණු ඉඩෝරයකට ජයග්‍රහණයේ පොද වැස්සක් ගෙන ආ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුළු 5 ක ජයක් වාර්තා කිරීමට සමත් වූහ. පිට පිටම පරාජයන් 3 ක් ලබා ලකුණු සටහනේ පතුළටම ඇද වැටී සිටි ශ්‍රී ලංකාව, මෙම ජයග්‍රහණයත් සමග පියවර 2ක් ඉදිරියට පැමිණෙමින් ලකුණු සටහනේ 8 වැන් ස්ථානට පත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 263 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්ඳු 10 ක් ඉතිරිව තිබියදී කඩුළු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී පැය 3 ක පමණ කාලයක් පුරා කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම, පන්ඳු 107 කදී හතරේ 7 ක් සමග නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පිට පිටම තෙවැනි අර්ධ ශතකය ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (54) හතරේ පහර 9 කින් එය අලංකාර කළේය. චරිත් අසලංක පන්ඳු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 44 ක්ද, ධනංජය ද සිල්වා පන්ඳු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා සදීරට අනගි සහායක් දුන්හ.

කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී, ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ සදීර, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් සමග එක්ව පන්ඳු40 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉන් නොනැවතුන ඔහු, අසලංක සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ​පන්ඳු 99 කදී ලකුණු 77 ක්ද, ධනංජය (30) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්ඳු 85 කදී ලකුණු 76 ක්ද එක්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්ඳුවට පහරදුන් නෙදර්ලන්තය ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත්තතේය. ලකුණු 91 කට කඩුළු 6 ක් බිඳවැටී අසීරු තත්වකට පත්ව සිටි නෙදර්ලන්ත කණ්ඩායම, එම තත්වයෙන් මුදවාගත් සයිබ්‍රෑන්ඩ් (70) සහ වැන් බීක් (59) හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 143 කදී ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගුහ. එය ලෝක කුසලාන තරගයකදී 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවද විය.

සිය තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ සයිබ්‍රෑන්ඩ්, පන්ඳු 82 කට මුහුණ දෙමින් ලබාගත් මංගල අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. පන්ඳු 75 කදී ලබාගත් වැන් බීක්ගේ මංගල අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහරක් අන්තර් ගත විය. කොලින් ආක්මන් පන්ඳු 31 කින් ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

මුළු ලකුණු සංඛ්‍යාව 54 ක් වන විට නෙදර්ලන්ත ඉනිමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ කසුන් රාජිත, ඉන් නොනැවතී වැන් බීක්ගේ කඩුල්ලද දවාගත්තේ හතරේ සීමාව අසල සිට විශිෂ්ඨ උඩ පන්ඳුවක් රැකගනිමින් චරිත් අසලංක ලබාදුන් සහායත් සමගිනි. ඒ අනුව ලකුණු 50 කට කඩුළු 4 ක් බිඳහෙළමින් සිය එක්දින ක්‍රීඩා දිවියේ හොඳම පන්ඳු යැවීම සනිටුහන් කිරීමටද රාජිත​ට හැකි විය.

නෙදර්ලන්ත පිතිකරුවන් අසරණ කිරීම සඳහා රාජිතට අනගි සහායක් දුන් ඩිල්ෂාන් මධුෂංක, නිලකුණු ඕවරයක්ද සමග ඕවර 9.4 ක් යවමින් ලකුණු 49 කට කඩුළු 4 ක් දවාගත්තේය. එය එක්දින තරගයකදී ඔහුගේ හොඳම පන්ඳු යැවීම ලෙසද සටහන් විය. නෙදර්ලන්ත ඉනිම නිමාවීමට පන්ඳු 2 ක් ඉතිරිව තිබියදී නායක කුසල් මෙන්ඩිස් සමග එක්ව පෝල් වැන් මීකිරන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමටද ඩිල්ෂාන් සමත් සමත් විය.

කෙසේ වුවත් මෙම තරගයේදී නෙදර්ලන්තය ලබාගත් ලකුණු 262 න් 33 ක්ම අතිරේක ලකුණු වූ අතර ඉන් ලකුණු 26 ක්ම ශ්‍රී ලංකා පන්ඳු යවන්නන් වයිඩ් පන්ඳු යොමුකරමින් ලබාදුන් ලකුණු විය. චාමික කරුණාරත්න යැවූ පන්ඳුවක් කඩුළු රකින්නාට පසුපසින් තබා තිබූ හිස් ආවරණයේ වැදීම හේතුවෙන් නෙදර්ලන්තයට දඬුවම් ලකුණු 5 ක් ලබාදීමටද විනිසුරුවරයා පියවර ගත්තේය.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවෝනර් – මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති
Next Article ඩුබායිහි ‘Tarahum for Gaza’ සහන ව්‍යාපාරයට ස්වේච්ඡා සේවකයන්ගේ විශාල සහභාගිත්වයක්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.