Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»වෝනර් – මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති
Events

වෝනර් – මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

Stanly KularathnaBy Stanly KularathnaOctober 21, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩේවිඩ් වෝනර්ගේ සහ මිචෙල් මාෂ්ගේ වාර්තාගත පිතිහරඹය හමුවේ පාකිස්තානයට එරෙහිව බෙන්ගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ​ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 368 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 305 ක් පමණි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදීමට අබ්දුල්ලා ශෆීක් (64) සහ ඉමාම් උල්හක් (70) සමත් වුවද, ලකුණු 20 ක් ඇතුළත ඔවුන් දෙදෙනාවම පිටියෙන් ඉවත් කළ මිචෙල් මාෂ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යළිත් තරගයට අවතීර්ණ වීම සඳහා අවස්ථාව උදාකර දුන්නේය. ශෆීන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින්ද, ඉමාම්ගේ ඉනිම හතරේ පහර 10 කින්ද සමන්විත විය.

ඉන් අනතුරුව පාකිස්තාන පිතිකරුවන්ට හිස එසවීමට ඉඩක් නොදුන් ඇඩම් සම්පා, ලකුණු 54 කට කඩුලු 4 ක් බිඳහෙළමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා සම්පාට අනගි සහායක් දුන් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ලකුණු 62 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 365 ක් ලබාගත්හ. ආරම්භයේ සිටම පාකිස්තාන පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් ඩේවිඩ් වෝනර් (163) සහ මිචෙල් මාෂ් (121) ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 203 කදී ලකුණු 259 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනනැගූහ. එය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ තෙවැනි ඉහළම සම්බන්ධතාව වූ අතර එම සම්බන්ධතා 3 ටම වෝනර් දායක වී තිබීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

ලෝක කුසලාන තරගාවලියකදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ තෙවැනි ඉහළම සම්බන්ධතාවද මෙය විය. සිය එක්දින ක්‍රිකට් දිවියේ 7 වැනි වරටත් ලකුණු 150 සීමාව පසුකර ගිය වෝනර්, පන්දු 124 කට මුහුණ දෙමින් ලබාගත් 21 වැනි එක්දින ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 14 කින් සැරසුවේය. පන්දු 108 කදී වාර්තා වූ මාෂ්ගේ දෙවැනි එක්දින ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.

මාෂ් සහ වෝනර් දැවී යෑමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වූ අතර ඕස්ට්‍රේලියාවට ලකුණු 400 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමි කළ ශහීන් අෆ්රිඩි නිලකුණු ඕවරයක්ද සමග ඕවර 10 ක් යවමින් ලකුණු 54 කට කඩුලු 5 ක් බිඳහෙළීය. හාරිස් රවුෆ් කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 8 තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 83 ක් ලබා දෙමිනි.

ඕස්ට්‍රේලියාව – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 367

(ඩේවිඩ් වෝනර් 163, මිචෙල් මාෂ් 121, මාකස් ස්ටොයිනිස් 21, ශහීන් අෆ්රිඩි 54/5, හාරිස් රවුෆ් 83/3)

පාකිස්තානය – ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 305

(අබ්දුල්ලා ශෆීක් 64, ඉමාම් උල්හක් 70, බාබර් අසාම් 18, මොහොමඩ් රිස්වාන් 46, සෞද් ශකීල් 30, ඉල්තිකාර් අහමඩ් 26, ඇඩම් සම්පා 54/4, මාකස් ස්ටොයිනිස් 40/2, පැට් කමින්ස් 62/2)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE විසින් ගාසා තීරයට ආහාර සැපයුම් ටොන් 68ක් යවයි
Next Article ශ්‍රී ලංකා​වේ ජයග්‍රහනයත් සම​ග ප්‍රසාද ලකුණු සටහනේ පියවර 2 ක් ඉදිරියට
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.