රැකියා සඳහා විගමනය පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම එලිදැක්වීම විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධන හා සහයෝගිතවය පිළිබඳ ස්විට්සර්ලන්ත ආයතනයේ සහභාගිත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී පසුගියදා පැවැත්විය.
ජාතික හා ගෝලීය වශයෙන් ඇතිව තිබෙන ප්රවණතා සැලකිල්ලට ගනිමින් නව ජාතික ප්‍රතිපත්තිය සකසා ඇති අතර ආර්ථිකයේ අසීරුම කාල සීමාව තුල රට ගොඩ ගැනීමට ඇප කැප වූ විදෙස් ගත ශ්‍රමිකයින්ට සහන සැලසීම සඳහා මේ සියලුම වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනු ඇත.
අමාත්‍යවරයාගේ වැඩ පිලිවෙලට අඛණ්ඩ සහයක් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .