Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකාවට කඩුළු 8 ක විශිෂ්ඨ ජයක්
Events

ශ්‍රී ලංකාවට කඩුළු 8 ක විශිෂ්ඨ ජයක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 27, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුළු 8 ක විශිෂ්ඨ ජයක් වාර් තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ දෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 25.4 ක් අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ලකුණු 23 කට කඩුළු 2 ක් බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී ලකුණු 137 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (නොදැවී 77) සහ සදීර සමරවික්‍රම (නොදැවී 65) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පිට පිටම සිවුවැනි අර්ධ ශතකය ලබාගත් පැතුම්, පන්දු 83 කට මුහුණදෙමින් ගොඩනැගු ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සැරසුවේය. ආදිල් රෂීගේ පන්දුවක් හමුවේ එල්ල කළ හයේ පහරකින් ඔහු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය. සදීර මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලබාගත් දෙවැනි අර්ධ ශතකය මෙය වූ අතර පන්දු 54 කදී වාර් තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත්, පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීමත් හමුවේ ඕවර 33.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් කිහිප දෙනෙකුම දක්ෂ ලෙස උඩ පන්දු කිහිපයක් රැකගත් අතර ක්‍රිස් වෝක්ස් දවාගැනීම සඳහා සදීර සමරවික්‍රම රැකගත් උඩ පන්දුව ඉන් ප්‍රධාන තැනක් ගත්තේය.

ඩිල්ෂාන් මධුෂංක යැවූ තරගයේ පළමු පන්දුවම ජොනී බෙයාස්ටෝගේ පා ආවරණයේ වැදුණ අතර එය කඩුල්ල මුවා කිරීමක් නොවන බවට විනිසුරුවරයා සංඥා කළේය. එහෙත් පුණුරූපනවලින් එය කඩුල්ල මුවා කිරීමක් බව පෙනී ගිය නමුත්, එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමුකර නොතිබීම හේතුවෙන් පළමු පන්දුවේදීම කඩුල්ලක් දවාගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියේය.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බෙයාස්ටෝ (30) පළමු කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් මැලන් (28) සමග එක්ව පන්දු 39 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. කෙසේ වුවත් 7 වැනි ඕවරයේදී පන්දුවට අතට ගත් ඇන්ජලෝ මැතිව්ස්, එහි තෙවැනි පන්දුවේදී ඩේවිඩ් මැලන් පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් තරගයට අවතීර්ණ වීම සඳහා අවස්ථාව උදා කර දුන්නේය.

ඉන් නොනැවතුණ මැතිව්ස්, දක්ෂ පන්දු රැකීමක මෙන්ම පන්දු යොමු කිරීමකද නිරත වෙමින් ජෝ රූටවද (3) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවුවේ එංගලන්ත කණ්ඩායමේ පීඩනය තවත් වැඩි කරමිනි. කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ යාර තිහේ සීමාවට ඉහළින් පහරක් එල්ල කිරීමට යෑමේදී බෙයාස්ටෝ දැවී ගියේ මිඩ් ඕන් කළාපයේ සිට ධනංජය ද සිල්වා රැකගත උඩපන්දුවක් හේතුවෙනි.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ළහිරු කුමාර, ඉනිමේ 15 වැනි සහ 17 වැනි ඕවරවලදී නායක ජොස් බට්ලර් (8) සහ ලයෑම් ලිවිංග්ස්ටන් (1) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගනිමින් එංගලන්ත කණ්ඩායම කබලෙන් ලිපට ඇද දැමුවේය. ලකුණු 85 කට කඩුළු 5 ක් දැවී ගොස් බිඳවැටි තිබූ එංගලන්ත ගොඩගැනීමට උත්සාහගත් බෙන් ස්ටෝක්ස්, පන්දු 73 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 43 ක් රැස්කළේය.

කෙසේ වුවත් සෙසු පිතිකරුවන්ගෙන් සහායක් නොලැබීම හේතුවෙන් ස්ටෝන්ස්ගේ උත්සාහය අසාර්ථක විය. ස්ටොක්ස් සහ මුයින් අලී (15) අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 37 ක සම්බන්ධතාව බිඳ දැමූ මැතිව්ස්, එංගලන්ත පිතිකරුවන්ට හිස එසවීමට ඉඩක් නොදීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් උද්යෝගිමත් කළේය. සිය අත්දැකීම් මැනවින් ප්‍රයෝජනයට ගනිමින් පන්දු යැවූ ඔහු, නිලකුණු ඕවරයක් සමග ඕවර 5 ක් යවා ලකුණු 14 කට කඩුළු 2 ක් බිඳහළෙමින් පන්දු යැවීම නිමා කළේය.

මැතිව්ස් තාවකාලිකව පිටියෙන් ඉවත්ව ගිය අවස්ථාවේ ඔහු වෙනුවට පන්දු රැකීම සඳහා පිටියට පිවිසි දුෂාන් හේමන්ත, තමාට ලැබුණ සුළු අවස්ථාවෙන් පවා කණ්ඩායමට උපරිම සේවයක් ඉටුකළේ ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ තමා අතට පැමිණි ස්ටෝක්ස්ගේ උඩ පන්දුව හතරේ සීමාව අසල සිට සුරැකිව රැකගනිමිනි. ලකුණු 19 ක් ඇතුළත එංගලන්ත ඉනිමේ අවසන් කඩුළු 3 බිඳවැටුණ අතර එහිදී ඉතා දක්ෂ ලෙස ආදිල් රෂීඩ් (2) දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්නට සහ දුෂාන් හේමන්තට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමි වූ අතර ඔවුන් වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු කුමාර කැඳවා සිටියහ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ඊස් ටොප්ලි, ගුස් ඇට්කින්සන් සහ හැරී බෘක් වෙනුවට මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමට ක්‍රිස් වොක්ස්, මුයින් අලී සහ ලයෑම් ලිවිංග්ස්ටන් ඇතුළත්ව සිටියහ.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරැකියා ස​ඳහා විගමනය පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම එලිදැක්​වේ
Next Article අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ A පර්යන්තයේ මෙහෙයුම් නොවැම්බර් 1 වෙනිදා ආරම්භ​වේ
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.