Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඕස්ට්‍රේලියානුවෝ නවසීලන්තය පරදවති
Events

ඕස්ට්‍රේලියානුවෝ නවසීලන්තය පරදවති

Stanly KularathnaBy Stanly KularathnaOctober 29, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ධරශාලාහි හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීම​ට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 389 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 383 ක් පමණි.

තරගය ජයගැනීමට මිචෙල් ස්ටාක් යැවූ අවසන් ඕවරයේදී නවසීලන්තයට ලකුණු 19 ක් රැස්කිරීමට සිදුවූ නමුත් කඩුල්ලක් දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. ලකුණු 58 ක් ලබා සිටි ජේම්ස් නීෂම් දුවද්දී දැවීයෑමකට ලක්වීමත් සමග නවසීලන්තය ජයග්‍රහණය වෙනුවෙන් තබා සිටි අවසන් බලාපොරොත්තුවත් ගිළිහී ගියේය. පන්දු 39 කට මුහුණදුන් නීෂම් සිය 7 වැනි අර්ධ ශතකය ලබාගත්තේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 ක් සමගිනි.

රචින් රවින්ද්‍රා පන්දු 89 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 16 ක් රැස්කළ අතර ඩැරිල් මිචෙල් (54) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කෙසේ වුවත් එය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් ප්‍රමාණවත් නොවීය. පන්දු 51 කදී වාර්තා වූ මිචෙල්ගේ සිවුවැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේලියානුවෝ ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 388 ක් ලබාගත්හ. එහිදී ඕස්ට්‍රේලියාවට වේගවත් ආරම්භයක් ලබාදුන් ඩේවිඩ් වෝනර් (8) සහ ට්‍රැවීස් හෙඩ් (109) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 117 කදී ලකුණු 175 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

පන්දු 67 කට මුහුණ දෙමින් සිය 15 වැනි එක්දින ශතකය ලබාගත් හෙඩ් හයේ පහර 7 කින් සහ හතරේ පහර 10 කින් එය සැරසුවේය. පන්දු 65 කදී ලාබාගත් වෝනර්ගේ 32 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

අවසන් ඕවර කිහිපයේදී ජොෂ් ඉංග්ලිෂ් (38) සමග එක්වූ නායක පැට් කමින්ස් (37), 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව ආසන්නයටම ගෙන ගියේය. පන්දු 28 කදී වාර්තා වූ ඉංග්ලිෂ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද, පන්දු 14 කදී වාර් තා වූ කමින්ස්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක්ද ඇතුළත් විය

ඕස්ට්‍රේලියාව – ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 388

(ඩේවිඩ් වොහ්ර් 81, ට්‍රැවීස් හෙඩ් 109, මිචෙල් මාෂ් 36, ස්ටීවන් ස්මිත් 18, මානස් ලැබුෂේන් 18, ග්ලේන් මැක්ස්වෙල් 41, ජොෂ් ඉංග්ලිෂ් 38, පැට් කමින්ස් 37, ග්ලේන් පිලිප්ස් 37/3, ට්‍රෙන්ට් බෝල්ට් 77/3, මිචෙල් සෑන්න්නර් 80/2)

නවසීලන්තය – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 383

(ඩෙවොන් කොනේව් 28, විල් යං 32, රචින් රවින්ද්‍රා 16, ඩැරිල් මිචෙල් 54, ටොම් ලේතම් 21, ජේම්ස් නීෂම් 58, මිචෙල් සෑට්නර් 17, ඇඩම් සම්පා 74/3, පැට් කමින්ස් 66/2, ජොෂ් හෙසල්වුඩ් 70/2)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මෙට්‍රෝ කිලෝමීටර් 30 ක් දිගු Blue Line සැලසුම් කරයි
Next Article වසරේ යොවුන් සූපවේදීයා උෂාන් සජීන්ද්‍රට එක්සත් එමීර් රාජ්‍යයේ පුහුණුවකට අවස්ථාවක්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.