ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික ගොවි කම්කරුවන් 10,000ක් වහාම බඳවා ගැනීමට ඊශ්‍රායලයට ඉඩ සැලසේ.
මේ සම්භන්ධව පසුගිය සතියේ ලැබුනු කැබිනට් අනුමැතියෙන් පසුව කෘෂිකාර්මික අංශය සඳහා කම්කරුවන් 5,000 ක් ඊශ්‍රායලයට ගෙන්වා ගැනීමට එරට සමාගම්වලට මින් අවසර ලැබෙන බව
ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට යුද්ධයෙන් දැඩි ලෙස පහර වැදී ඇත. ඔක්තෝබර් 7 වනදා සිට, කෘෂිකාර්මික අංශයේ විදේශීය කම්කරුවන් 30,000 න් 8,000 ක් පමණ ඊශ්‍රායලයෙන් පලා ගොස් ඇත. ඔක්තෝබර් 7 දා මිනීමරු ප්‍රහාරයේදී හමාස් ත්රස්තවාදීහු ගාසා තීරයේ විදේශ කම්කරුවන් දුසිම් ගනනක් ඝාතනය කර දුසිම් ගනනක් ප්‍රාණ ඇපයට ගත්හ.
ඒ සමගම පලස්තීන කෘෂිකාර්මික කම්කරුවන් 20,000කට පමණ එරටට ඇතුළුවීම තහනම් කර ඇති බවද වාර්තාවේ.
මෙම ගිවිසුමේ රාමුව තුළ සිටින පළමු ශ්‍රී ලාංකික කෘෂිකාර්මික කම්කරුවන් ඉදිරි සතිවලදී ඊශ්‍රායලයට පැමිණිය යුතුය. ඊශ්‍රායලයේ දැනටමත් ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් 4,500ක් සේවයේ යෙදී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගෘහ ආරක්ෂණ අංශයේ සේවය කරති.