Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA, ත්‍රිමාණ මුද්‍රිත අබ්‍රා යාත්‍රාවක් සති 3කින් නිෂ්පාදනය කිරීමට සූදානම්
RTA

RTA, ත්‍රිමාණ මුද්‍රිත අබ්‍රා යාත්‍රාවක් සති 3කින් නිෂ්පාදනය කිරීමට සූදානම්

Stanly KularathnaBy Stanly KularathnaNovember 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පොහොසත් උරුමයන් ආරක්ෂා කරමින් හා තාක්ෂණය උපයෝගී කර ගනිමින්, මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) දැනට නිෂ්පාදනය සඳහා මාස 6 සිට 7 දක්වා කාලයක් ගතවන අබ්‍රා යාත්‍රාවක් සති තුනක් වැනි කෙටිකලකින් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිෂ්පාදන කිරීමට සූදානම් වෙනවා.

පරිසර හිතකාමී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මේ බෝට්ටුව මිළෙන් අඩු වනවා පමණක් RTA ට අනුව සාම්ප්‍රදායික අබ්‍රාහි උරුම අනන්‍යතාවය ද රඳවා ගනු ඇත.

පසුගියදා ඩුබායිහි විවෘත කරන ලද තෙදින ජල, බලශක්ති, තාක්ෂණ සහ පරිසර ප්‍රදර්ශනය (WETEX) සහ Dubai Solar Energy (DSS) ප්‍රදර්ශනයේදී ත්‍රිමාණ මුද්‍රි​ත අබ්‍රා ආකෘතියක් ප්‍රදර්ශනය කෙරේ.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාබනික තන්තු වලින් සාදන ලද fibre-reinforced thermoplastic භාවිතයෙන් 2024 පළමු කාර්තුව වන විට නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ත්‍රිමාණ මුද්‍රිත අබ්‍රා යාත්‍රාවක් මීටර් 12 ක් දිග වන අතර මගීන් 20 දෙනෙකුට ගමන් ​ක​ල හැකි අතර ආභාධි​ත පුද්ගලයින් සඳහා වෙන්වූ ආසන ද ඇත. එහි වේගය පැයට කි:මී: 7.4 සි​ට 11 අතර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අබ්‍රා යනු ‘තරණයට’ යන අරුත ඇති ‘abara’ යන අරාබි වචනයෙන් උපුටා ගන්නා ලද්දකි. ශතවර්ෂ ගණනාවක් පුරා, අබ්‍රා ඩුබායි හි වඩාත් නිතර ගැවසෙන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පවතින අතර, එය නගරයේ ඉතිහාසය සහ උරුමය සංකේතවත් කරයි.

RTA පවසන්නේ, ත්‍රිමාණ මුද්‍රිත අබ්‍රා නිෂ්පාදනය කිරීමෙන් ඔවුන් සම්ප්‍රදාය තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරන බවයි. නවීන අබ්‍රා, ආරක්ෂිත සහ සුවපහසු යාත්‍රාවක් සහතික කිරීම සඳහා නවතම තාක්ෂණයන්ගෙන් සමන්විත වන අතර මගීන්ට ඓතිහාසික ඩුබායි ක්‍රීක් ඔස්​සේ යාත්‍රා කිරීමට අවස්ථාව උදා වෙනවා.

Al Fahidi ප්‍රදේශය සහ එහි ඓතිහාසික දිස්ත්‍රික්කය, සූක්, මුස්ලිම් පල්ලි​ය සහ කෞතුකාගාර​ය සොයා ගැනීමට හොඳම ප්‍රවාහන මාධ්‍යය ද අබ්‍රා වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස්, තවත් ඩොලර් බිලියන 6ක් වටිනා යානා 15ක් සඳහා ඇණවුමක් නිවේදනය කරයි
Next Article Flydubai, සඳහා ඩොලර් මිලියන 190 ක දැවැන්ත ඉංජිනේරු සංකීර්ණයක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.