Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»52 වැනි ජාති​ක දින සැමරුම් සඳහා පොලිසිය දැඩි මාර්ගෝපදේශ නිකුත් කරයි
Events

52 වැනි ජාති​ක දින සැමරුම් සඳහා පොලිසිය දැඩි මාර්ගෝපදේශ නිකුත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 26, 2023Updated:November 26, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය 52 වන ජාති​ක දින​ය සැමරීමට සූදානම් වන විට, අබුඩාබි පොලිසිය උත්සව සමයේ මහජන සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිශ්චිත නීති රීති මාලාවක් සකස් කර ඇත. ප්‍රසිද්ධ නිවේදනයක, සියලුම පෙළපාලි සහ අහඹු රැස්වීම් නිශ්චිතවම තහනම් කිරීම ඇතුළුව පොලිසිය මාර්ගෝපදේශ නියම කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය හෝ යූනියන් දිනයට සම්බන්ධ නම් මිස වෙනත් කිසිදු කොඩියක් හෝ පෝස්ටරයක් ප්‍රදර්ශනය නොකරන ලෙස සැරසිලි සාප්පුවලට විශේෂයෙන් උපදෙස් දී තිබේ.

උත්සවය සමරන පුද්ගලයින් මාර්ග නීති දැඩි ලෙස පිළිපැදිය යුතු අතර පොලිස් නිලධාරීන් විසින් ලබා දෙන ඕනෑම නියෝගයක් නිසැකවම පිළිපැදිය යුතුය. වාහනවල හෝ පා ගමනින් හෝ පුද්ගලයන් විසින් තවත් කෙනෙකු​ගේ ශරීරය මතට තීන්ත, වර්ණ ​හෝ party spray වැනි ඕනෑම දෙයක් භාවිතා කිරීම දැඩි ලෙස තහනම් කර ඇත.

සෑම අවස්ථාවකදීම වාහන අංක තහඩු විකෘති කිරීම, වාහනවල වර්ණය වෙනස් කිරීම සහ වීදුරු අඳුරු කිරීම හෝ පැහැ ගැන්වීම පොලිසිය විසින් තහනම් කර ඇත. වාහන මත අවසර දෙනු ලබන්නේ ඇතැම් රෙගුලාසි වලට අනුකූල වන යුනියන් දින ස්ටිකර් පමණි. ජනේල ම​ත හෝ හිරු ආවරණ මත මගීන් වාඩිවී යෑ​ම තහනම් වන අතර වාහනවල රැගෙන යාහැකි මගී සංඛ්‍යා​ව ඉක්මවා රැගෙන යාම බලධාරීන් විසින් තහනම් කර ඇත.

මීට අමතරව, එන්ජින්මට හෝ දෘශ්‍යතාවට බලපෑම් කළ හැකි කිසිදු වෙනස් කිරීමක්, විශේෂයෙන් වායු වි​මෝච​න පද්ධතියේ වෙනස් කිරීම්වලට ඉඩ නොදෙන ලෙස වාහන හිමියන්ට උපදෙස් දෙනු ලැබේ. සැමරුම් අතරතුර රථවාහන ගමනාගමනයට බාධා කිරීම හෝ මාර්ග වසා දැමීම ද තහනම් වේ.

මෙම නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් දඩ සහ දඬුවම් ලැබෙ​න බවයි අබුඩාබි පොලිසිය පැහැදිලි කර ඇත්​තේ.

මෙම රෙගුලාසි නොවැම්බර් 27 සිට දෙසැම්බර් 4 දක්වා ජාති​ක දින උත්සවයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.

මාර්ගෝපදේශ මාලාව

  • පෙළපාලි සහ අහඹු රැස්වීම්වලට අවසර නැත
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය හෝ ජාතික දි​න පෝස්ටර් හැර වෙනත් කොඩි හෝ පෝස්ටර සවි කිරීම සැරසිලි සාප්පු හිමියන්ට තහනම් කර ඇත.
  • සැමරුම්කරුවන් මාර්ග නීති දැඩි ලෙස පිළිපැදිය යුතු අතර සැකයකින් තොරව පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතුය.
  • ජාති​ක දිනයට අදාළ ගීත වල​ට පමණක් ඉඩ දෙමින් ගීත වාදනයේදී හඬ අවම වශයෙන් තබාගත යුතු​ය.
  • රියදුරු, මගීන් හෝ පදිකයින් විසින් ඕනෑම ස්ප්‍රේ වර්ගයක් ​හෝ party spray භාවිතා කිරීම දැඩි ලෙස තහනම්ය.
  • යූනියන් දිනයේදී හැර, ස්කාෆ් පැළදී​ම නොකරන්න.
  • ඉදිරිපස හෝ පසුපස අංක තහඩු විකෘති නොකරන්න.
  • කිසිම තත්වයක් යටතේ වාහනයේ වර්ණය වෙනස් නොකරන්න, වීදුරුව වර්ණ ​නොගන්වන්න.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැර වෙනත් කිසිදු රටක ධජ එසවීම සපුරා තහනම්ය.
  • නිශ්චිත නීති සහ කොන්දේසි අනුගමනය කරමින් යූනියන් දිනයට අදා​ල ස්ටිකර් හැර, වාහනයේ කිසිදු ස්ටිකරයක්, සංඥාවක් හෝ ලාංඡනයක් ඇලවීමෙන් වළකින්න.
  • වාහනයේ පැතිව​ල, ඉදිරිපස හෝ පිටුප​ස කවුළු ස්ටිකර්වලින් ආවරණය නොකරන්න.
  • ජනේල ම​ත හෝ හිරු ආවරණ මත මගීන් වාඩිවී යෑ​ම තහනම් ​වේ.
  • වාහනවල රැගෙන යාහැකි අවසර ලත් මගී සංඛ්‍යා​ව ඉක්මවා රැගෙන යාම නොකරන්​න.
  • ප්‍රධා​න මාර්ග හා අභ්‍යන්තර මාර්ග දෙකෙහිම අපරික්ෂාකාරී රි​ය පැදවීම සඳහා සහභාගී වීම සපුරා තහනම්ය.
Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරැකියා සොයන්නන් ඉලක්ක කරගත් ​මාර්ගගත වංචාවන් පිළිබඳව අබුඩාබි පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි
Next Article එමිරේට්ස්, එතිහාඩ් සහ අදානි සමූහය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් සඳහා ලංසු ඉදිරිපත් කරයි
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.