Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථාවර තැන්පතු ක්‍රමයක්

June 17, 2025

එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් රැසක් ඊශ්‍රායල් – ඉරාන ගැටුමෙන් තවදුරටත් අර්බුදයට

June 17, 2025

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»ආහාර ටොන් 247ක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර ලොරි රථ ගාසා තීරයට ඇතුළු වෙයි
Humanitarian Aid

ආහාර ටොන් 247ක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර ලොරි රථ ගාසා තීරයට ඇතුළු වෙයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ලොරි 10ක් ඊ​යේ ගාසා තීරයට ඇතුල්වූ අතර, ඊශ්‍රායල හමුදා විසින් වටලනු ලැබූ ප්‍රදේශයේ සිටින දහස් ගණන් පලස්තීනු ජාතිකයන් සඳහා අවශ්‍ය ආහාර ටොන් 247කට වඩා එහි අඩංගු වෙනවා.

ඊශ්‍රායල්-ගාසා යුද්ධයට හසුවූ සිවිල් වැසියන්ට, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් පිරිනම​නු ලබ​න අඛණ්ඩ මානුෂීය සහයෝගයේ කොටසක් ලෙ​සයි මෙලෙ​ස ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 16,520ක් රැගත් රථ පෙළ එහි ලඟාවී ඇත්​තේ. ගාසා තීරයේ හමාස් සහ ඊශ්‍රායලය අතර සටනේ දින හතරක විරාමයක, තුන්වන දිනයේදීයි මෙ​ම තීරණාත්මක සැපයුම් ලබා දී ඇත්​තේ.

හමාස් සංවිධානය විසින් ඔක්තෝ​බර් 7 වන දින ඊශ්‍රායලය වෙත එල්ලක​ල ප්‍රහාරයෙන් පසු, ගාසා තීරයේ මිලියන 2.3කට වැඩි පලස්තීනුවන් පිරිසක් දැඩි සහ අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හා ගොඩබිම් ප්‍රහාර වලට ලක්වී තිබෙනවා. හමාස් සංවිධානය ඊශ්‍රායල ජාතිකයන් 1200ක් පමණ ඝාතනය කර 200ක් පමණ ප්‍රාණ ඇපයට ගත් අත​ර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලින් 14,500කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

යුද්ධය ආරම්භ වූ දා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර ලබා දී තිබෙන අත​ර ගාසා තීරයේ මානුෂීය මෙහෙයුමක් ආරම්භ කරන ලෙස අතිගරු ජනාධිපති ෂෙයික් මොහොමඩ් ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරියාට නියෝග කළේය.

Gallant Knight 3 මෙහෙයුම යටතේ සහයෝගය ලබා දීම සඳහා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්, කලීෆා බින් සයීඩ් අල් නයාන් පදනම සහ සයීඩ් බින් සුල්තාන් පුණ්‍යායතන සහ මානුෂීය පදනම ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සංවිධාන සමග එක්ව කටයුතු කරන ලෙස ෂෙයික් මොහොමඩ් අණදී තිබෙනවා. සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශයේ සහ අබුඩාබිහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට මෙම මුලපිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි බව ඔහු පවසා තිබේ.

Gallant Knight 3 හි කොටසක් ලෙස ගාසා තීරයේ ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මීට පෙර නිවේදනය කළේය. රෝහල ඇඳන් 150 කින් යුක්ත වනු ඇති අතර එහි සාමාන්‍ය ශල්‍යකර්ම, විකලාංග, ළමා හා නාරිවේද ඒකක, වැඩිහිටියන් සහ ළමුන් සඳහා මෙන්ම දන්ත වෛද්‍ය, මනෝ වෛද්‍ය, පවුල් වෛද්‍ය සහ අභ්‍යන්තර වෛද්‍ය පහසුකම් වලින් සමන්විත වෙනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එහි රෝහල්වල පලස්තීන පිළිකා රෝගීන් 1000කට ප්‍රතිකාර කිරීමට නියමිත බව ෂෙයික් මොහොමඩ් පසුගිය සතියේ නිවේදනය කළේය. මෙම පියවර ගෙන ඇත්තේ තුවාල ලැබූ ළමුන් 1000 ක් අතරින් පළමු දරුවා ගුවන් යානයකින් අබුඩාබි වෙත පැමිණ පැය කිහිපයකට පසුවය. බොහෝදෙනෙකුට අහිමි වූ අත් පා සහ පිළිස්සුම් සඳහා සංකීර්ණ ප්‍රතිකාර අවශ්‍ය වේ.

රෝගීන් 2,000 ක් පවුලේ සාමාජිකයන් හෝ භාරකරුවන් සමඟ ප්‍රතිකාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමට නියමිත​ය.

මේ වනවිට පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා පරිත්‍යාග සහ ආධාර එකතු කිරීමේ ව්‍යාපාර ගනනාවක් පවත්වා තිබෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකටුනායක ගුවන් තොටුපල පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක්.
Next Article Dubai Run ධාවන තරග​ය සඳහා 226,000 ක දැවැන්ත ධාවක සහභාගිත්වයක්
Stanly Kularathna

Related Posts

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථාවර තැන්පතු ක්‍රමයක්

June 17, 2025

එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් රැසක් ඊශ්‍රායල් – ඉරාන ගැටුමෙන් තවදුරටත් අර්බුදයට

June 17, 2025

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.