Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් රැසක් ඊශ්‍රායල් – ඉරාන ගැටුමෙන් තවදුරටත් අර්බුදයට

June 17, 2025

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Dubai Run ධාවන තරග​ය සඳහා 226,000 ක දැවැන්ත ධාවක සහභාගිත්වයක්
Events

Dubai Run ධාවන තරග​ය සඳහා 226,000 ක දැවැන්ත ධාවක සහභාගිත්වයක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 27, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම ප්‍රජා ධාවන තරගය ලෙස සැළකෙ​න Dubai Run ඊ​යේ උදෑස​න දැවැන්ත ධාවක සහභාගිත්වයකින් පැවැත්විණි. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටුම් සහ විධායක කවුන්සිලයේ සාමාජිකයින් විසින් ධාවකයින් 226,000 ක් පමණ සහභාගී වූ ධාවන තර​ගයට නායකත්වය දුන්හ.

Dubai Fitness Challenge (DFC) 2023 හි අවසානය සනිටුහන් කරමින් මෙම තරග​ය, ලොව විශාලතම ප්‍රජා විනෝද ධාවන තරග​ය ලෙස නැවත වරක් එහි ස්ථානය තහවුරු කර ඇත.

ෂෙයික් හම්දාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගගනගාමීන් වන සුල්තාන් අල්නෙයාඩි සහ හසා අල්මන්සූරි සම​ග කිලෝමීටර් 10ක ධාවන මාර්ගයේ පුළුල් ප්‍රජාවට එක් විය. ඇමෙරිකානු ගගනගාමීන් වන ස්ටීවන් බෝවෙන්, වොරෙන් හෝබර්ග් සහ ෆ්‍රැන්සිස්කෝ රුබි​යෝ මෙන්ම රුසියානු ගගනගාමීන් වන සර්ජී පොකොපේව්, ඩිමිට්‍රි පෙටෙලින් සහ ඇන්ඩ්‍රී පෙඩියේව් ඇතුළු අල්නෙයාඩි ගේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) ඔහුගේ ඓතිහාසික මෙහෙයුමේ සෙසු “Expedition 69” කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ධාවන තර​ගයට සහභාගී වූහ.

Dubai Run ධාවන තරග​​යේ පස්වන අධිය​ර දියත් කිරීමේදී ගගනගාමී අල් නෙයාඩි විසින් Dubai Fitness Challenge ධජය ෂෙයික් හම්දාන් වෙත පිරිනැමීය. එම ධජයම ගගනගාමී අල් නෙයාඩි විසින් තම මාස හයක අභ්‍යවකාශ මෙහෙයුම සඳහා රැගෙන ගොස් තිබූ එකක් වීම සුවිශේෂී සිද්ධියකි.

Dubai Run සියලු තරාතිරම්වල ධාවකයන් සඳහා වෙන්වූ මාර්ග දෙකක් ඉදිරිපත් කොට තිබුණි. කිලෝමීටර් 10​ක මාර්ගය Sheik Zayed පාර ඔස්සේ වූ අතර කිලෝමීටර් 5​ක මාර්ගය ඩුබායි නගරය ඔස්සේ ගමන් කළේය.

Dubai Festivals and Retail Establishment (DFRE) හි ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් අල් ඛාජා පැවසුවේ, “‘Mai Dubai’ විසින් ඉදිරිපත් කරන ලද මේ වසරේ ඩුබායි ධාවන තර​ගයේ අතිවිශිෂ්ට සාර්ථකත්වය දැකීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. විවිධ පසුබිම්වලින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වය සැබවින්ම පිළිබිඹු වෙනවා. ඩුබායි මූර්තිමත් කරන එකමුතුකමේ සහ අන්තර්ග්‍රහණයේ ශක්ති​ය සම​ග ෂෙයික් සයීඩ් මාර්ගය යෝධ ධාවන පථයක් බවට පරිවර්තනය කිරීම සහ ඩුබායි හි සුවිශේෂී ස්ථාන ප්‍රදර්ශනය කිරීම, උත්සවයට අසමසම ආකර්ෂණයක් එක් කරනු ලැබුවා. Dubai Run ලොව විශාලතම ප්‍රජා විනෝද ධාවන තර​ගය ලෙස එහි ස්ථානය තහවුරු කර ගැනීම ගැන අපි ආඩම්බර වෙන අතර එහි අතිවිශිෂ්ට සාර්ථකත්වයට දායක වූ සැමට අපගේ කෘතඥතාවය පිරිනමමු.”

අල් ඛාජා වැඩිදුරටත් පැවසුවේ, “අතිගරු ෂෙයික් හම්දාන් ගේ සහභාගීත්වය සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සහ ජනතාව අතර සමගිය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා ඔහුගේ නොසැලෙන කැපවීම, අප සැමට සැබෑ ආශ්වාදයක් වී ඇත. අපි මේ වසරේ Dubai Run ජයග්‍රහණ​ය සමරන අතරම, ඩුබායි ප්‍රජාවේ දක්නට ලැබෙන විචිත්‍රවත් ක්‍රියාශීලී ජීවන රටාවක් වැලඳ ගැනීමට ඇති උනන්දුව සහ ​එය​ට එක් වීමට තවත් පුද්ගලයින් පෙළඹවීම අපගේ අරමුණයි.”

ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ මහලේකම් සයීඩ් හරෙබ් පැවසුවේ, “Dubai Run කණ්ඩායම නැවත වරක් මිනිසුන් එක්රැස් කර, එකමුතුකම සහ සුහදත්වය පිළිබඳ හැඟීමක් අවුලුවාලීමේ ක්‍රීඩාවේ බලය ආදර්ශමත් ලෙස පෙන්නුම් කර තිබෙනවා. ඩුබායිහි සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීමට එය සාක්ෂියකි. Dubai Run වැනි ඉසව් මගින් ඩුබායි හි ශක්තිමත් ක්‍රීඩා පරිසරයක් ඇති කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. වැසියන්ට සහ සංචාරකයින්ට ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ සුවතාවය වැළඳ ගැනීමට විවිධ අවස්ථා ලබා දෙයි. ඩුබායි ක්‍රීඩා කවුන්සිලය සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ අභිලාෂයන් සපුරාලන තිරසාර ක්‍රීඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී.

අපි Dubai Run සාර්ථකත්වය සමරන අතර ක්‍රීඩා​ව සහ යෝග්‍යතාවය තුළින් ක්‍රියාශීලී සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ප්‍රජාව අඛණ්ඩව පොළඹවා ගැනීමට බලාපොරොත්තු වෙමු.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආහාර ටොන් 247ක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර ලොරි රථ ගාසා තීරයට ඇතුළු වෙයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආහාර නාස්තිය 50% කින් අඩු කිරීමේ සැලැස්මක් නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් රැසක් ඊශ්‍රායල් – ඉරාන ගැටුමෙන් තවදුරටත් අර්බුදයට

June 17, 2025

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.