Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»රුසියාවේ ආරක්ෂක අංශයේ ඉහල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට.
sri Lankan special

රුසියාවේ ආරක්ෂක අංශයේ ඉහල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට.

kumudikaBy kumudikaDecember 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, සංචාරයක් සඳහා ඉහල පෙලේ රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයක් මතය. මෙරට නියෝජිතයින් සමඟ ඔවුන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරොවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ඒ සඳහා සහභාගි විය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරගැනීම සඳහා රුසියාවේ සහයෝගය අඛණ්ඩව ලබාදීමටත්, ජාත්‍යන්තර තොරතුරු ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දෙපාර්ශවයේ නියෝජිතයින් අතර අදහස් හුවමාරු විය.

රුසියාව නියෝජනය කරමින් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් වරුන් ඇතුළු ඉහළ පෙලේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක් වූ අතර වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නේකෝන් මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEmaar දේපල සමාගමෙන් ඩුබායිහි පළමු 3D-මුද්‍රිත නිවා​ස හඳුන්වා දෙයි
Next Article ඊශ්‍රායල් දැඩි ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් විශාල පිරිසක් රෆා පිවිසුම වෙතට.
kumudika

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.