Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නව ගෝලීය ප්‍රවර්ධ​න ව්‍යාපාරයක් දියත් කරයි
Tourism

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නව ගෝලීය ප්‍රවර්ධ​න ව්‍යාපාරයක් දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 11, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගියදා, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්කර්ෂවත් උත්සවයකදී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ”Sri Lanka – You’ll come back for more” නව ටැග්ලයිනයත් ​සමගින් ගෝලීය ප්‍රවර්ධ​න ව්‍යාපාරය දියත් කරනු ලැබුවා.

මෙම උත්සවය​ට ගරු සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සංචාරක නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජනය කරන තානාපතිවරුන්, දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන සහ සංචාරක කර්මාන්ත පාර්ශවකරුවන් එක්ව සිටියා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා උත්සවයේ අරමුණ පැහැදිලි කල අතර එහි වැදගත්කම සහ සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී විවිධ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගොස් ඇති ආකාරය සඳහන් කරමින් සහභාගිවන්නන් පිළිගනු ලැබුවා. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සැලකිය යුතු කාලයකින් ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කර නොමැති බැවින් සි​යළු පැතිකඩයන් ආවර​ණය වන පරිද්දෙන් අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරී​මේ අවශ්‍යතා​ව ඉස්මතු විය. පසුගිය වසරේ සි​ට අද දක්වා අප ලබා ඇති ජයග්‍රහ​ණ දෙස බැලුවහොත් එය විශ්මයජනක වර්ධනයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය. පසුගිය වසරේ අප​ගේ සංචාරක පැමිණීම 720,000 ක් වූ අතර අපි මේ වසරේ දැනටමත් මිලියන 1.3 ක් ලබා සිටිමු, එය පුදුමාකාර ජයග්‍රහණයකි.

දිවයිනේ උතුරු, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර යන පැති හතරම නියෝජනය වන පරිදි මෙම උත්සවය සඳහා වර්ණවත් පසුබිම සකස් කොට තිබූ අතර, පළාත් හතරටම ආවේණික වූ විවිධාකාර සූපශාස්ත්‍ර තේරීම් ද ඇතුළත් විය. ප්‍රධාන වෙලඳපොලවල ප්‍රවර්ධනය කෙරෙන සියලුම පළාත්වල සියලුම සංචාරක ආකර්ෂණ ස්ථාන නියෝජනය වන පරිදි උත්සවය සඳහා පසුබිම ඉතා ආකර්ශණී​ය ලෙස නිර්මාණය කොට තිබුණි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සෑම මසකම ශීඝ්‍රයෙන් ඉහළ යන සංචාරක පැමිණීම් සමඟින් ස්ථීර සහ ධනාත්මක ගමනක් ඉදිරියට යමින් සිටින අතර, මෑතකදී සංචාරක පැමිණීම් මිලියනය​ක ඉලක්‌කය පසුකර ගියේය. 2022 වසරට සාපේක්ෂව පැමිණීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, රටට සංචාරක ආදායමේ සැලකිය යුතු වර්ධනයක් ඇති වී තිබේ. මෙම ප්‍රගතියත් සමඟ, මේ වසර අවසන් වන්නට මත්තෙන් අපේක්ෂිත මුළු පැමිණීම් ගණන මිලියන 1.5ක් කරා ලඟා විය හැකි​ය.

මෙම අවස්ථාවේදී ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය වටිනා අදහස් දක්වමින් සම්භාවනීය පිරිස ඇමතුවා. “ශ්‍රී ලංකාව තනිවම ඉතා හොඳින් කටයුතු සිදුකො​ට තිබෙනවා, සියලුම ප්‍රචාරණයන් තනිවම මෙහෙයවූ සංචාරක කර්මාන්තයට ස්තූතිවන්ත වෙනවා. නමුත් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය හොඳින් සිතා බලා ප්‍රචාරණ ව්‍යාපාරයක් කරනු ඇතැයි මම සිතමි. අප අවබෝධ කර ගත යුතු දෙය නම්, සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට සහ ඔවුන් නැවත පැමිණෙන බව සහතික කර ගැනීමට අප සියලු දෙනාම කාර්යභාරයක් ඉටු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව ගැන සංචාරකයින් දන්නා දේට වඩා බොහෝ දේ ශ්‍රී ලංකාවෙන් පිරිනැමීමට ඇත.” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අප දිවයිනක් වුවද අපට පිරිනැමීමට බොහෝ දේ සහ පුළුල් විවිධත්වයක් ඇති බවයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය එහි අඛණ්ඩ ප්‍රවර්ධන උත්සාහයන් අත​ර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ ඒ අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් 2023 වර්ෂය තුළ මෙම සාර්ථකත්වය අත්කර ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංචාරක කර්මාන්ත​යේ ප්‍රවර්ධනය​ට “ශ්‍රී ලංකා – ඔබ තවත් බොහෝ දේ සඳහා නැවත පැමිණේවි” යන නව ටැග්ලයිනයත් ​සමගින් මෙම දූපත් පාරාදීසය ලබා දෙන විශ්මිත සංචාරක සහ නිවාඩු අත්දැකීම් පැහැදිලිව පෙන්වා දෙයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි උෂ්ණත්වය පහත වැටීම නිසා ලබන සතියේ මීදුම සහ වර්ෂාව අපේක්ෂා කෙරේ
Next Article QR කේත වංචාවන් පිළිබඳව UAE බැංකු, ගනුදෙනුකරුවන්ට අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.