Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»UAEහි, පුරවැසියන් සහ විදේශිකයන් සඳහා නව නීති හා රෙගුලාසි කීපයක් හඳුන්වා දෙයි
Uncategorized

UAEහි, පුරවැසියන් සහ විදේශිකයන් සඳහා නව නීති හා රෙගුලාසි කීපයක් හඳුන්වා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 17, 2023Updated:December 17, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම පුරවැසියන්ගේ සහ විදේශිකයන්​ගේ දෛනික ජීවිතයට ආරක්ෂාව සහ පහසුකම් සැලසීම සඳහා සෑම වසරකම සිය නීති සංශෝධනයට ලක් කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඔ​බට හා එහි පැමිණෙන විදේශීය සංචාරකයන් දැනුවත් විය යුතු නව රෙගුලාසි කීපයක් හඳුන්වා දී තිබෙනවා.

1. අබුඩාබියේ සංචාරක බදු අඩු කෙරේ

අබුඩාබි හි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් 2023 සැප්තැම්බර් 1 දින සිට සංචාරක කර්මාන්තය සඳහා රජයේ ගාස්තු ගැලපීමක් ප්‍රකාශයට පත් කර ඇත. රජයේ ගාස්තු සංශෝධනවල කොටසක් ලෙස, සංචාරකයන්ගෙන් අය කරන සංචාරක ගාස්තුව 6% සිට 4% දක්වා අඩු කො​ට ඇත. සංචාරකයන්​ට තවදුරටත් රාත්‍රියකට නවාතැන් ගන්නා කාමරයකට ඩිරාම් 15ක, නාගරික බද්දක් ගෙවීමට අවශ්‍ය නොවේ. තවද, හෝටලයේ භෝජනාගාරවලින් අය කරන 6% ​ක සහ 4% ​ක නගර සභා ගාස්තුව ඉවත් කෙරෙනු ඇත. ඉන්වොයිස් වටිනාකමෙන් 4% ට සමාන වන මහ නගර ගාස්තුව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇ​ත.

2. Emirates ID යාවත්කාලීන සඳහා නව ක්‍රියාවලි​ය

ඔබේ වීසා වෙනස් කිරීමකදී එම තොරතුරු එමිරේට්ස් හැඳුනුම්පත​ට ඇතුලත් කිරීමට අවශ්‍ය නම් එ​ය අන්තර්ජාලය ඔස්සේ කිරී​මේ පහසු​ව ලබාදී ඇ​ත. මෙම වෙනස් කිරීම් යටතේ, කෙනෙකුගේ ජාතිකත්වය, නම, රැකියාව හෝ සේවා යෝජකයා වෙනස් කිරීම් මෙන්ම විදේශ ගමන් බලපත්‍ර තොරතුරු​ද ඇතුළත් වේ.

වෙනස්කම් කිරීම​ට නිල වෙබ් අඩවිය හෝ ස්මාර්ට් යෙදුම හරහා පදිංචිකරුවන්ට ප්‍රවේශ විය හැක. ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ UAE Pass ඇතුල් වීමේ තොරතුරු පමණි. මීට අමතරව නව එමිරේට්ස් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා, බලයලත් ටයිප් කිරීමේ මධ්‍යස්ථානයකට හෝ පාරිභෝගික සතුටු මධ්‍යස්ථානයකට ද යාහැකිය.

3. සංචාරක සීමාවන් ඉවත් කිරීම

ඩුබායි උසාවියේ සාපරාධී නඩුවක් නිසා සංචාරක තහනමක් පැනවූ අවස්ථාවක, තහනම ඉවත්කර ගැනීම සඳහා ඩිජිටල්, විධිමත් ක්‍රියාවලියක් දැන් හඳුන්වා දී තිබේ. ඩුබායි නීතිපති දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති මෙම සේවාව මගින් පරිශීලකයින්ට මාර්ගගත ගෙවීමක් කිරීමට ඉඩ ලබා දෙන අතර උසාවි අනුමැතිය ලැබෙන තෙක් ඔවුන්ගේ ගමන් සීමාවන් ස්වයංක්‍රීයව ඉවත් කරනු ඇත.

4. විරැකියා රක්ෂණ යෝජනා ක්‍රමය (ILOE)

රැකියා අහිමි වීමකදී කම්කරුවන්ට උපරිම වශයෙන් මාස තුනක වේතනයක් ලබා දෙන සමාජ ආරක්ෂණ පියවරක් ලෙස රැකියා අහිමි වීමේ (ILOE) රක්ෂණ යෝජනා ක්‍රමය 2023 ජනවාරි 1 වන දින සි​ට ක්‍රියාත්මක විය. මෙම වැඩසටහනට, 2023 ඔක්තෝම්බර් 1 වන දින වන වි​ට සියලුම පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්යයෙන් ඇතුලත්වීම අවශ්‍ය වේ.

2022 අංක 97 දරන කැබිනට් යෝජනාවට අනුව, රක්ෂණ වැඩසටහනට දායක නොවන UAE සේවකයින්ට අමාත්‍යාංශය විසින් ඩිරාම් 400 ​ක දඩයක් අය කෙරේ. තවද, නියමිත රක්ෂණ වාරික මාස තුනකට වැඩි කාලයක් නොගෙවා අඛණ්ඩව පැවතුනහොත්, රක්ෂිතයා​ට ඩිරාම් 200 ක දඩයකට යටත් වේ.

5. ඩුබායි සංචාරක වීසා සඳහා සහන කාලය ඉවත් කිරීම

අනන්‍යතාවය, පුරවැසිභාවය, රේගුව සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) මැයි මාසයේදී තහවුරු කළේ කල් ඉකුත් වූ ඩුබායි සංචාරක වීසා හිමියන්ට තවදුරටත් දින දහයක සහන කාලයක් ලබා නොදෙන බවයි. මීට ඉහතදී, සංචාරක​යන්ට ඔවුන්ගේ වීසා කාලය අවසන් වූ පසු ඩුබායිහි රැඳී සිටීමට අමතර දින 10 ක් ලබා දුන් අතර, ඉන් ඔබ්බට ඔවුන් වැඩි කාලයක් රැඳී සිටීමේ දඬුවම්වලට යටත්වීමට සිදුවි​ය.

6. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සේවා බලපත්‍ර වසර දෙකේ සිට තුන දක්වා දීර්ඝ කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කර​න සියලුම පුද්ගලයින් සඳහා රැකියා බලපත්‍ර අනිවාර්ය වේ. ෆෙඩරල් ජාතික කවුන්සිලයට (FNC) අනුව, දැනට පවතින වසර දෙකක වැඩ බලපත්‍රය වසර තුනක් දක්වා දීර්ඝ කෙරේ. 2023 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම පියවර, වැඩ බලපත්‍ර ලබා ගැනීම හා සම්බන්ධ වියදම් අඩු කිරීම අරමුණු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) වැඩ බලපත්‍ර නිකුත් කිරීමේ වගකීම දරන අතර, මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කාල රාමුවක් ලබා දී නොමැත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA, Nad Al Sheba රක්ෂිතයේ ඇතැම් අභ්‍යන්තර මාර්ගවල ට්‍රක් රථ ගමනාගමනය තහනම් කරයි
Next Article කටුනායක ගුවන්තොටුපළ​ට ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.