Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA, Nad Al Sheba රක්ෂිතයේ ඇතැම් අභ්‍යන්තර මාර්ගවල ට්‍රක් රථ ගමනාගමනය තහනම් කරයි
RTA

RTA, Nad Al Sheba රක්ෂිතයේ ඇතැම් අභ්‍යන්තර මාර්ගවල ට්‍රක් රථ ගමනාගමනය තහනම් කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA), Nad Al Sheba රක්ෂිතයේ ඇතැම් මාර්ගවල පැය 24 පුරාම ට්‍රක් රථ ගමන් තහනමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අල්-මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ මූලික අදියර සම්පූර්ණ කිරීමෙන් පසු ඩුබායි පොලිස් මූලස්ථානය සමඟ සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් සම්බන්ධීකරණය සහ අධ්‍යයනවලින් පසුව මෙම පියවර ගෙන ඇති අත​ර වටරවුම්, සංඥා සහිත හන්දි බවට පරිවර්තනය කිරීම මීට ඇතුළත් වෙනවා.

දෙසැම්බර් මස මුලදී ආරම්භ වූ මෙම තහනම ක්‍රියාත්මක වූයේ, ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දේපල සංවර්ධකයින් සමඟ සම්බන්ධීකරණය කිරීමෙන් හා Al-Khail Road සහ Al-Meydan වීදියේ සිට ශාඛා වීදිවලට පිවිසෙන මාර්ගවල දිශානුගත පුවරු සවි කිරීමෙන් පසුවය.

ප්‍රදේශයේ ට්‍රක් රථ ගමනාගමනය සීමා කිරීම ඩුබායි හි විවිධ ප්‍රදේශ සහ සංචිත සංවර්ධනය කිරීමේ උපායමාර්ගික සැලසුම්වල කොටසකි. ඉදිරි දශකය තුළ නැවත පුළුල්​ව සැලසුම් කිරීම සහ සංවර්ධනය සඳහා වෙන් කර ඇති ප්‍රධාන ස්ථාන අතර Nad Al Sheba ද වේ.

ඇතැම් මාර්ගවල ට්‍රක් රථ ගමනාගමනය තහනම් කිරීම සඳහා පුළුල් අධ්‍යයනයන් මෙන්ම ඉංජිනේරු සහ තාක්ෂණික සලකා බැලීම්​ද ඇතුළත් වි​ය. වාහන ඝනත්වය, රථවාහන සම්භන්ධ සංඛ්‍යාලේඛන, මාර්ගය දෙපස නාගරික සංවර්ධන ක්‍රියාකාරකම්, නැවත හරවා යැවූ ගමනාගමනයේ ධාරිතාව, විකල්ප මාර්ගවලට රථවාහන ගමනාගමනය බෙදා හැරීම ඇතුළත් වන සාධක වේ.

RTA විසින් ට්‍රක් රථ සඳහා නම් කර ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙස Nad Al Sheba ප්‍රදේශයේ සංවර්ධන සමාගම්, බර වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී. සීමා කර ඇති මාර්ගවල ට්‍රක් රථ ගමන් කිරීමට අවශ්‍ය අවස්ථාවන්හිදී, රියදුරන් RTA සහ ඩුබායි පොලිසිය අතර ඒකාබද්ධ කර ඇති ඩුබායිහි රථවාහන පද්ධතිය හරහා තහනම් මාර්ගවල බර වාහන ධාවනය සඳහා සංචලතා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතුය.

RTA, ඩුබායි පොලිස් මූලස්ථානයේ සහ අනෙකුත් අදාළ ආයතනවල හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන්, ට්‍රක් රථ රියදුරන්ගේ නව සීමාවන්ට අනුකූල වීම දිගටම නිරීක්ෂණය කරනු ඇත. නව සීමා කළ කලාප පිළිබඳව විවිධ මාධ්‍ය නාලිකා හරහා රියදුරන් මනාව දැනුවත් කර ඇති බව සහතික කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා අතර ඩුබායි මාර්ගවල රථවාහන මාර්ගෝපදේශ සහ සීමා කිරීම්වලට අනුකූල වීමට අපොහොසත් වන අයට උල්ලංඝනය කිරීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, මේ වස​රේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.6 ක් ඊයේ උදයේ වාර්තා වෙයි
Next Article UAEහි, පුරවැසියන් සහ විදේශිකයන් සඳහා නව නීති හා රෙගුලාසි කීපයක් හඳුන්වා දෙයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.