එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රී ලංකාවෙන් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි.
තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර, මේ වසරේදී අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි.
ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇතැයිද ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වන බවත්, එම නිසා “Sri Lankan Sweet Coconut” සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව පුරා ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.