Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කැලිප්සෝ දුම්රිය කඳුකරයට ගමන් අරඹයි
Sri Lankan news

කැලිප්සෝ දුම්රිය කඳුකරයට ගමන් අරඹයි

adminBy adminApril 9, 2025Updated:April 9, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය (08) දින නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබීය.

නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අගහරුවාදා දිනකම ගමන් ආරම්භ කරන අතර, එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇලි ඇතුලු ආකර්ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප ගැනීමට පහසුවන පිරිදි එම දුම්රිය මැදිරි සකස්කර ඇති අතර, එක් මැදිරියක් වහළක් නොමැතිව විවෘතව තිබේ.

එම දුම්රියේ විශේෂ භෝජනාගාරයකින්ද සමන්විත වන අතර එම දුම්රියෙන් නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කරනා එක් සංචාරකයෙකුගෙන් රු.10000 /= මුදලක් අය කරනු ලැබේ.

දෙමෝදර දක්වා ධාවනය වන එම දුම්රිය යලිත් බණ්ඩාරවෙල දක්වා ධාවනය කර පසුව දෙමෝදර සිට බදුල්ල දක්වා එම දුම්රිය ධාවනය කරන බවත්, තවත් කැලිප්සෝ දුම්රියක් ධාවනයට එක් කිරිමට සැලසුම්කර ඇති බව එම දුම්රිය ගමනට එක් වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත මහතා කියා සිටියේය.

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට දුම්රිය ගණනාවක් ධාවනයට එක් කර ඇති බවත්, පැවසූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන උත්සව සමයේ දුම්රිය මගීන්ට ගමන් කිරිම සදහා අතිරේක දුම්රිය ගණනාවක් ධාවනයට එක් කර ඇති බවය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකාව චීනයට 104% ක නව බද්දක් ගසයි
Next Article LEGOLAND Dubai ‘Build the Thrill’ ඉසව්ව ආරම්භ කරයි
admin
  • Website

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.