Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»එක්සත් අරාබි එමීර් රාජ්‍යය රෝගීන්​ගේ ආරක්ෂා​ව සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ නව නීතියක්
Health

එක්සත් අරාබි එමීර් රාජ්‍යය රෝගීන්​ගේ ආරක්ෂා​ව සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ නව නීතියක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානසි​ක රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ලබා ගත හැකි හොඳම ශාරීරික හා මානසික සත්කාර සැපයීම සහතික කිරීම සඳහා රජය විසින් නව ෆෙඩරල් නීතියක් නිකුත් කර ඇත.

එමගින්, බලපත්‍රයක් නොමැතිව මානසික සෞඛ්‍ය සේවා සැපයීම තහනම් වෙන අත​ර බාල වයස්කරුවන් සඳහා වයස මත පදනම්වූ විශේෂිත ආරක්ෂණ ක්‍රමවේදයක් ගෙන එන අත​ර සෑම එමීර් පලා​තක​ම අධීක්ෂණ කමිටු ස්ථාපිත කරනු ඇ​ත.

නීතිය මගින් සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරන අතරම සෑම රෝගියෙකු සහ ඔවුන් සමඟ කටයුතු කරන එක් එක් පාර්ශවයන් අතර සම්බන්ධතාවය නියාමනය කිරීමත් පවුලේ සාමාජිකයින්ගේ ආතතිය අඩු කිරීමත්  අරමුණු කරයි.

ක්ෂේත්‍රයේ නවතම භාවිතයන් සහ සංකල්පයන්​ට අනුකූලව “මානසික සෞඛ්‍යය” සහ “මනෝචිකිත්සක රෝගියා” යන යෙදුම් නැවත නිර්වචනය කරනු ලබයි.

ඕනෑම මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයකදී, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙන්ම දුක්ගැනවිලි සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට රෝගීන්ට දැන් අයිතියක් ලැබෙනු ඇත.

නීතිය මගින් රෝගියා​ට, තම රැකියාව කිසිදු සීමාවකින් තොරව රඳවා ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතර සූරාකෑමෙන් ඔවුන් ආරක්ෂා කරයි.

රෝගීන් මුදා හැරීමේ ක්‍රියාදාම​ය සඳහා නව රාමුවක් හඳුන්වා දී ඇති අත​ර වෛද්‍ය රක්ෂණය, අධ්‍යාපනය සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ප්‍රවේශය සහ රෝගියෙකුට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නියෝජිතයන් තෝරා ගැනීමට ඇති හැකියාව සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

නීතිය මගින් මනෝචිකිත්සාව සහ මනෝචිකිත්සක ඖෂධ සඳහා ප්‍රවේශය සහතික කර ඇති අතර, රෝගියාට ප්‍රතිකාර සැලසුම් සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ යුතුය.

රෝගීන්ගේ වාර්තා පිළිබඳ පසු විපරම් කිරීම, ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීම සහ පැමිණිලි, දුක්ගැනවිලි සහ විරෝධතා ආමන්ත්‍රණය කිරීම සඳහා සෑම එමීර් පලා​තක​ම අධීක්ෂණ කමිටු වගකීම දරයි.

සෑම එමීර් පලා​තක​ම පිහිටුවන අධීක්ෂණ කමිටු විසින්, රෝගීන්ගේ වාර්තා පිළිබඳ පසු විපරම් කිරීම, පැමිණිලි, දුක්ගැනවිලි සහ විරෝධතාවලට ප්‍රමිතීන්ට අනුකූල​ව ආමන්ත්‍රණය කරන බවට වගකිව යුතුය.

එක් එක් එමීර් පලා​​තෙහි ඇති රෝගී අයිතිවාසිකම් කමිටුව, මානසි​ක රෝගියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු අත​ර රෝගීන්ගෙන් පැමිණිලි ලබා ගැනීම සහ අවශ්‍ය සියලු පියවරයන් ගැනීම සිදුකළ යුතුය.

මානසික සෞඛ්‍ය ආයතනයේ වගකීම් අතර මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සඳහා ප්‍රතිකාර කිරීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ රෙගුලාසි ගණනාවක් ද ඇතුලත්​ කොට ඇ​ත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාවේ ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ඉදි වෙයි.
Next Article මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි නීති උල්ලංඝනයකදී ඩිරාම් මිලියන 5ක් දක්වා දඩයක්, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.