Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි නීති උල්ලංඝනයකදී ඩිරාම් මිලියන 5ක් දක්වා දඩයක්, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්
Fines

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි නීති උල්ලංඝනයකදී ඩිරාම් මිලියන 5ක් දක්වා දඩයක්, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව සහ අනෙකුත් බලධාරීන් මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි නීති (AMLCFT) හා රෙගුලාසිවලට අනුකූල නොවීම සඳහා බොහෝ ආයතනවලට දඬුවම් පමුණුවා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය මූල්‍ය අපරාධ නිරීක්ෂණ කණ්ඩායමක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) සාමාජික වගකීමක් වශයෙන් මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි නීති දැඩි කර තිබෙනවා.

Uppercase Legal Advisory ආයතනයේ කළමණාකාර සහකරු සහ අධිනීතිඥ ඇලෙක්සැන්ඩර් කුකුවෙව් පැවසුවේ, උල්ලංඝනය කරන්නන්ට ඩොලර් මිලියන 5ක් දක්වා දඩයක් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි අතර අවම සිරගත කිරීමේ කාලය වසර 10 ක් බවයි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) නීතිරීතිවලට අනුකූල වීම සඳහා ලබන වසරේ සිට මුදල් විශුද්ධිකරණ නීති සමඟ අනුකූල වීම කෙරෙහි රජය සහ බලධාරීන් විසින් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි Uppercase Legal Advisory ආයතනයේ අධිනීතිඥ ඇලෙක්සැන්ඩර් කුකුවෙව් අපේක්ෂා කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “ඉදිරියේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මුදල් විශුද්ධිකරණ නීති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති අතර විශාල සමාගම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර ආරම්භ කරන විට මූලිකම ගැටලුව ලෙස එය සිතිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. තව තවත් නිදහස් කලාප ද සම්බන්ධ වෙමින් පවති​න බැවින් ඔවුන් බලපත්‍ර අලුත් කිරීමේදී ඔවුන් සමඟ ලියාපදිංචි වී ඇති සමාගම නීතිරීතිවලට අනුකූලද යන්න පරීක්ෂා කරනු ඇත. පළමුව ඒවාට අනුකූල නොවන්නේ නම්, ඔවුන්ට වාණිජ බලපත්‍ර ලබා නොදෙනු ඇත” යනුවෙනි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) රෙගුලාසි, මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය ප්‍රයත්නයන් සමඟ පෙළගැසෙන බව ඔහු සඳහන් කළේය. “ඇත්ත වශයෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය එවැනි භාවිතයන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් මෙනා කලාපයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් තිබේ” කුකුවෙව් පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙත පැවසීය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය රෝගීන්​ගේ ආරක්ෂා​ව සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ නව නීතියක්
Next Article 2024 දී වැටුප් වැඩි කිරීමක්: සමීක්ෂණයකින් හෙලි​වේ
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.