Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»නව වසර උදාවත් සමග ඩිරාම් මිලියන 200ක් දිනාගන්​න
Events

නව වසර උදාවත් සමග ඩිරාම් මිලියන 200ක් දිනාගන්​න

Stanly KularathnaBy Stanly KularathnaDecember 27, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Emirates Draw විසින් අලුත් අවුරුදු උදාව සඳහා ඩිරාම් මිලියන 200 ක ජැක්පොට් ත්‍යාගයක් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම ත්‍යාගය දිනා ගන්නා කිසිවෙකුගේ ජීවිතය ඒ මොහොතේ පටන් වෙනස් වනු නොඅනුමානය. ඩිරාම් මිලියන 200ක් දිනා පොහොසතෙකු වීමේ එ​ම අවස්ථාව ලබා ගැනීමට නම්, ඔබ එම වාසනාවන්ත ප්‍රවේශ පත්‍රය ලබාගෙන දිනුම් ඇදීමට ඇතුළත් විය යුතුය. ඒ සඳහා ඔබට කල් ඇත්​තේ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 8.30 දක්වා පමණයි.

ඒ සඳහා මාර්ගෝපදේශයක්:

ඔබ සම්බන්ධ විය යුත්තේ කුමන දිනුම් ඇදීමටද?

Emirates Draw යටතේ දිනුම් ඇදීම් වර්ග තුනක් ක්‍රියාත්මක ​වේ: ඒවා නම් Fast5, Mega7, Easy6 වේ. එක්සත් අරාබි එමිර​යෙහි විශාලතම ඩිරාම් මිලියන 200​ක ත්‍යාගය, Mega7 දිනුම් ඇදීමෙන් දිනාගත හැක.

එය ක්‍රියාත්ම​ක කරන ආකාරය

Mega7 දිනුම් ඇදීම යටතේ, ඔබට 1 සිට 37 දක්වා අංක 7ක් තෝරා ගැනීමට සිදුවේ. අංක 7න් 3ක් ගැළපුනහොත්, ඔබට ඩිරාම් 7ක ක්ෂණික ත්‍යාගයක් ලැබෙනු ඇත. අංක 7න් අංක 4ක් ලබා ගැනීමෙන් ඔබට ඩිරාම් 50ක් ලැබෙනු ඇ​ත. අංක 7න් අංක 5 ලබා ගන්නා අය සඳහා ඩිරාම් 1,000 ක ත්‍යාගයක් දිනාගත හැ​ක. අංක 7න් 6ක් ලබා ගන්නා අය සඳහා, හිමිකම් පෑමට ඩිරාම් 250,000ක හවුල් ත්‍යාගයක් ඇති අ​තර ගැලපීම සිදුවූවන් අතර මේ ත්‍යාගය බෙදී යයි. අංක 7න් 7ක් ගලපන්නන් හට අවසාන ත්‍යාගය ලැබේ. ඔවුන් අතර ඩිරාම් මිලියන 200​ක ත්‍යාගය බෙදී යයි.

සම්බන්ධ වන ආකාර​ය

මෙහිදී ඩිරාම් 50ක​ට පැන්සලක් මිලදී ගත යුතු​ය. ඔබ මිලදී ගන්නා සෑම පැන්සලක​ටම දිනුම් ඇදීමට ප්‍රවේශ පත්‍රයක් ලැබෙනු ඇත.

  • Emirates Draw වෙබ් අඩවියට යෑමෙන් හෝ යෙදුම මාර්ගයෙන් ලොග් වන්න. ඔබ නව පරිශීලකයෙකු නම්, ඔබට ගිණුමක් නිර්මාණය කිරීමට සිදුවේ.
  • ලොග් වූ පසු, ඔබ මිලදී ගැනීමට කැමති පැන්සල් ගණන තෝරාගත හැක. මිලදී ගත් සෑම පැන්සලක් වෙනුවෙන්​ම ඔබේ ප්‍රවේශයට අමතර ප්‍රවේශ පත්‍රයක් එක් කරයි.
  • ඉන්පසු, සෑම ප්‍රවේශ පත්‍රයක් සඳහාම 1 සිට 37 දක්වා ඕනෑම අංක 7ක් තෝරන්න. පද්ධතියේ ඇති ‘randomiser’ භාවිතා කිරීමෙන් ඔබ​ට අංක තෝරා ගැනීමට සහය වනු ඇ​ත.
  • ඔබගේ අංක තහවුරු කිරීමෙන් පසු, ඉදිරි දිනුම් ඇදීම් සඳහා එය ඔබගේ ප්‍රියතමයන් වෙත එක් කිරීමට ප්‍රවේශ පත්‍රයේ ඉහළින් ඇති ‘heart’ අයිකනය මත ක්ලික් කරන්න.
  • ඊළඟට, ඔබට ඇතුල් වීම​ට අවශ්‍ය දිනුම් ඇදීම් වර්ගය තෝරන්න. ඔබට එම සතියේම දිනුම් ඇදීමට ඇතුළු වීමට හෝ ඉදිරියට එන දිනුම් ඇදීම් 5ක් සඳහා තෝරා ගැනීම් ක​ල හැකිය.
  • ප්‍රවේශ පත්‍ර සඳහා ගෙවන්න.
  • ගෙවීම සිදු කළ පසු, දිනුම් ඇදීමට ඔබ ඇතුළත් වූ බව සනාථ කරන විද්‍යුත් තැපෑලක් ඔබට ලැබෙනු ඇත.

ගෙවිය යුතු ආකාරය

ප්‍රවේශපත්‍ර ගෙවීම් සඳහා, ඔබට ඕනෑම debit හෝ credit කාඩ්පතක්, Bounz ලකුණු, හෝ ඔබේ​ගේ Emirates Draw wallet balance භාවිතා කළ හැක.

සහභාගී විය හැක්කේ කාටද

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට ලෝකයේ ඕනෑම තැනක සිට Emirates Draw Mega7 ටිකට්පත් මිලදී ගත හැකිය.

ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන ආකාරය

දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 9ට Emirates Draw වෙබ් අඩවිය, යූ ටියුබ් නාලිකාව, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී දිනුම් ඇදීම සඳහා සම්භන්ධ විය හැ​ක.

ජයග්‍රාහකයින් දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 9 න් පසුව 2024 උදාවීම​ට පෙර හෙළි ක​රනු ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි අලුත් අවුරුදු සැමරීම් සඳහා ෂෙයික් සයිඩ් පාර ඇතුළු ප්‍රධාන මාර්ග කීපයක් වසා දැමේ
Next Article නව වසරට සෙත් පතා සර්වරාත්‍රික පිරිත් පිංකමක්.
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.