Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩුබායි අලුත් අවුරුදු සැමරීම් සඳහා ෂෙයික් සයිඩ් පාර ඇතුළු ප්‍රධාන මාර්ග කීපයක් වසා දැමේ
Events

ඩුබායි අලුත් අවුරුදු සැමරීම් සඳහා ෂෙයික් සයිඩ් පාර ඇතුළු ප්‍රධාන මාර්ග කීපයක් වසා දැමේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 27, 2023Updated:December 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි පොලිසිය, අලුත් අවුරුදු උත්සව සඳහා මාර්ග වසා දැමීම දෙසැම්බර් 31 වැනිදා සවස 4 සිට ආරම්භ කරන බව උසස් නිලධාරියෙක් පසුගියදා ප්‍රකාශ කළේය.

ඩුබායි පොලිසියේ රථවාහන අංශයේ අබ්දුල් රෙහ්මාන් ඔබයිඩ් ජුමා අල් ෆලාසි උපදෙස් දුන්නේ, ඩවුන්ටවුන් ප්‍රදේශයට සහ අනෙකුත් ජනප්‍රිය ස්ථානවලට පැමිණෙන සංචාරකයින් සහ පදිංචිකරුවන් ඔවුන්ගේ සංචාර කලින් ආරම්භ කරන ලෙසත් පොදු ප්‍රවාහනය භාවිතා කරන ලෙසත්ය.

Al Falasi ට අනුව මාර්ග වසා තබන වේලාවන්:

  • Mohammed Bin Rashid Boulevard සවස 4 ට වසාදැමීම ආරම්භ යන අත​ර Financial පා​රෙහි ​ඉහළ මට්ටම රාත්‍රී 8 ට සහ පහළ මට්ටම පස්වරු 4 ට වසනු ලැබේ.
  • Al Asayel පාර ද සවස 4 ට වසා දමනු ඇත. මෙම මාර්ගවලින් පැමිණෙන සියලුම වාහන Sheikh Zayed මාර්ගයට හරවා යවනු ලැබේ.
  • ඩුබායිහි ප්‍රමුඛ​ම අධිවේගී මාර්ගය වන Sheikh Zayed මාර්ගය, සියලු වර්ගවල රථවාහන සඳහා රාත්‍රී 9 ට වසා ද​මන බව ඔහු පැවසීය.

    එමීර් රාජ්‍යය පුරා, අලුත් අවුරුදු උදාව සඳහා සූදානම් කිරීම් ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. උත්ස​ව කමිටුවේ, ආරක්‍ෂාව සහ ක්‍රියාකාරී සැලැස්මේ විශේෂවූ ස්ථාන 32ක් සලකුණු කර ඇත. මේවාට Hatta, Burj Khalifa, Burj Al Arab, Festival City සහ වෙනත් ස්ථා​න ඇතුළත් වේ.

    “මේ වසරේ, අපි සියලු ප්‍රදේශවල ආධාර සැපයීම​ට කූඩාරම් 30 ක් පිහිටුවා ඇති අතර, එහිදී ආහාර සැපයුම්, ජල​ය, වැසිකිළි පහසුකම් සහ නැතිවූ සහ සොයාගත් භාණ්ඩ සේවාව වැනි අවශ්‍යතා ඇති අයට ආධාර සහ සම්පත් ලබා දීමට කටයුතු කරන්​නෙමු” අල් ෆලාසි පැවසීය.

    උත්සව සූදානම් කිරීමේ කමිටුව මීට මාස තුනකට පෙර සිට අලුත් අවුරුදු සැලැස්මේ වැඩ ආරම්භ කර ඇත. මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු​ව, ඩුබායි ගිලන් රථ සේවාවන් වැනි සියලුම හවුල්කරුවන් සමඟ රැස්වීම් කිහිපයක් පවත්වා ඇ​ත. අභ්‍යන්තර සහ බාහිර හවුල්කරුවන් පනස් පහක් මෙම කමිටුවේ සේවය කරති.

    අල් ෆලාසි පැවසුවේ ඩුබායි හි අවුරුදු සැමරුම් ස්ථාන 32 ආවරණය කිරීම සඳහා වාහන 1,300 කට ආසන්න ප්‍රමාණයක් යොදවන බවයි. අලුත් අවුරුදු සංධ්‍යාවේදී ගිලන් රථ සඳහා සහය දැක්වීම​ට 10,000 කට අධික පොලිස් නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් ස​හ මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ඩුබායි පුරා ස්ථානගත කරනු ඇත.

    මාර්ග සහ ප්‍රවාහන අධිකාරි​ය විසින් සැමරුම් ස්ථාන අවට නොමි​ලේ මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ යොදවනු ඇති බැවින් පුද්ගලික මෝටර් රථවලින් පැමිණෙනවා වෙනුව​ට කලින් පැමිණ පොදු ප්‍රවාහනය භාවිතා කරනා ලෙසත් යාවත්කාලීනවූ උපදේශන සඳහා ඩුබායි පොලිස් සමාජ මාධ්‍ය නාලිකාවන් පරීක්ෂා කරනා ලෙසත් ඔහු ඉල්ලාසිටියේය.

    Dubai Featured UAE
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
    Previous Articleඅලුත් අවුරුදු උත්සව සඳහා ඩුබායි මෙට්‍රෝ නොකඩවා පැය 40ක් ධාවනය කෙ​රේ
    Next Article නව වසර උදාවත් සමග ඩිරාම් මිලියන 200ක් දිනාගන්​න
    Stanly Kularathna

    Related Posts

    ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

    May 19, 2025

    ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

    May 19, 2025

    පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

    May 19, 2025
    Add A Comment

    Comments are closed.

    Top Posts

    Subscribe to Updates

    Get the latest sports news from SportsSite about soccer, football and tennis.

    Advertisement
    Demo

    POWERED BY XSMART DIGITAL LLC

    Facebook Instagram YouTube LinkedIn
    • Home
    • Marketplace
    • Events
    • Jobs
    • Community
    • Visit Sri Lanka
    • Sri Lanka Exports
    • Properties in Sri Lanka

    Subscribe for Updates

    Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

    Type above and press Enter to search. Press Esc to cancel.